ඔයාට හීනයක් තියනවද? කවදා හරි දොස්තර කෙනෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න, ව්‍යාපාරියෙක් වෙන්න එහෙම. ඒත් මොකද වෙන්නේ ඒ හීනේ දුර නම්, ඒ හීනෙට යන්න මුදල් එහෙම නැත්නම්. දැඩි කැමැත්තක් තියනවා නම් අපි කොහොම හරි සල්ලි හොයා ගෙන ඒ දේවල් ලඟා කර ගන්නවා. නමුත් කට්ටියක් ඉන්නවා උත්සහයෙන් පොඩි ජොබ් එකක් කරලා සල්ලි හොයන. සමහර කට්ටිය ඉන්නවා බල්ලෝ මරලා හරි සල්ලි හොයන. ඉතින් මේ කතාවත් අන්න ඒ වගේ තමයි. අරමුණ යහපත් එකක් නමුත් යන පාර ඉතාමත් නරක එකක්. ඒ වගේම තමයි දෙමව්පියන්ගේ නොසැලකිල්ල, ඔවුන්ගේ දරුවන් ගැන හිතන්නේ නැති කම, දරුවන්ට අධික පීඩනයක් ලබා දීම නිසා ළමයෙක් මොන වගේ තත්වෙකට පත් වෙයිද කියන එක කනට පාරක් ගහලා හොඳ හැටි කියලා දීලා තියනවා කියලා තමයි මට නම් හිතෙන්නේ. නමුත් ඒක මේකෙන් ගම්‍ය වෙන එක කොටසක් විතරයි. අනිත් දේවල් දෙක තුනක්ම තියනවා. සමාජය ගැන හොඳ හැටි අවබෝධයක් නැති කම, ලිංගිකත්වය ගැන හරි හැටි අවබෝධයක් නැතිකම, අපිට මුදල හම්ඹ කරන්න අවශ්‍ය නම් ඊට අප යොධා ගත යුතු හොඳ මාර්ග මොනවද කියලා අපිට හිතන්න සාධක ලබා දෙන්න අද්විතීය ගනයේ කතාවක් තමයි මේ කතාව.
මේක ඔයාලා බලන තවත් කොරියන් romantic කොමඩියක් නෙවෙයි. මේක Teenage, Crime, Thriller ඝනයට අයත් වෙන කතාවක්. Common Sense Media වෙතින් 4/5 අගයක් ද, imdb හී 7.7 අගයක් සහ ගූගල් පරිශීලකයන්ගෙන් 97% අගයක්ද මේ කතාව ලබා ගන්න සමත් වෙනවා. මේක කොටස් 10 කින් සමන්විත එක කොටසක් මිනිත්තු 50 ක පමණ දාවන කාලයකින් යුක්ත කතා මාලාවක්. ඒ වගේම මේක Netflix Original TV Series එකක්. 2019 අප්‍රේල් 29 වෙනිදා මේක නිකුත් කරනවා. ඒ වගේම මේක ගැන ප්‍රචාරණය කරන්න ඊට කලින් දවසේ අප්‍රේල් 28 වෙනිදා අන්තර්ජාලය හරහා online මාධ්‍ය හමුවක් තියලා තියනවා මොකද කොරෝනා උවදුර නිසා. එහිදී මෙම කතා මාලාව අධ්‍යක්ෂණය කරපු කිම් මහතා කියලා තිබෙනවා N වෙනි කාමරයේ සිදු වීම (Nth Room) තම රටේ රට වැසියන්ට අමතක වීමට පෙර මේ කතා මාලාව ඔහුට ලබා දීමට පුළුවන් වීම ගැන. කට්ටිය හිතනවා ඇති මොකක්ද මේ N වෙනි කාමරය කියන්නේ කියලා. ඉතින් මම දන්නෙත් නැති නිසා මම මේක ගූගල් කරලා විස්තර හොයා ගත්තා. මේක ටෙලිග්‍රෑම් එක හරහා තිබුණු app එකක් ලු. මේකත් නිකන් ඔයාලා dark web එක ගැන දන්නවා නම් එහි තිබෙන red room වගේ දෙයක් හැබැයි ඒ තරම් දරුණු නැහැ. මෙහිදී වෙන්නේ මොකක්ද මුදලට ලිංගිකත්වය විකිණීම, blackmail කරලා සල්ලි ගන්න එක, අපයෝජන ක්‍රියාවන් live පෙන්වීම, ඒ වගේම එම වීඩියෝ විකිණීම සහ අසභය දර්ශන තිබෙන දේවල් මුදා හරිමින් විවිධ කටයුතු සිද්ද කිරීම. මේ දේ අවුරුදු 2 ක් සිද්ද වෙලා තියනවා 2018-2020 කාල වලදී. god god කියන nick name එකක් දා ගත්තු කෙනා තමයි මේ දේවල් ග්රූප් වලට එහෙම විකුනලා තියෙන්නේ. ඒ වගේම මුළු සංඛ්‍යාව 103 වශයෙන් සහ එයින් 26 දෙනෙක් බාලවයස්කාරයන් වීම එහි කැපී පෙනෙන කරුණක්. කොහොම හරි එහි තිබු උණුසුම යන්න කලින් මෙය සමාජයට ලබා දෙන්න පුළුවන් වීම ගැන අධ්‍යක්ෂක කිම් සතුටු වෙනවා. ඒ වගේම ලංකාව වගේ රටක් මේ තත්වෙට තාමත් වැටිලා නැති එක සෑහෙන්න සතුටු වෙනවා. නමුත් ඉදිරිය ගැන නම් කියන්න බැහැ මොකද දෙමව්පියන් මේ දේවල් තම ළමයින්ට හරි හැටි කියලා නොදීම නිසා. ඉස්සර කාල වල නම් මේ ගැන හොඳට ලංකාවේ සමාජයේ කතා බහ වුණා. නමුත් අහේනියකට වගේ 1948 නිදහසෙන් වගේ පස්සේ නොථිබූ සංස්කෘතියක් රටේ ඇති වුණු නිසා ලිංගික අධ්‍යාපනය හරි හැටි නොලැබීම සහ සමාජයේ දේවල් ළමුන් හට වැඩිය කියා නොදීම නිසා අනාගතයේ මේ වගේ දෙයක් රට තුල සිද්ද වෙන්න පුළුවන්. ඉතින් එවැනි දෙයක් වෙන්න කලින් ඔබේ දරුවාට, මල්ලිට නංගිට කියලා දෙන්න.
මේ කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ කිම් ජින් මින් ඒ වගේම මේක රචනා කරලා තියෙන්නේ ජින් හන් සේ විසින්. ඒ වගේම sky castle හී රඟපෑ Kim Dong-hee විසින් Oh Ji-soo ගේ චරිතයට පණ පොවනවා. Park Joo-hyun විසින් Bae Gyu-ri ගේ චරිතයට පණ පොවනවා. ඒ වගේම නිෂ්පාදනය කරලා තියෙන්නේ Studio 329 විසින්. ඉතින් මේ ප්‍රධාන චරිත දෙක වටා තමයි කතාව යන්නේ. මම කතාව පැත්තට පොඩ්ඩක් හැරෙන්නම්. සමහර උදවිය තාමත් බලලා නොතිබෙන්න පුළුවන් නිසා ඉතාමත් කෙටියෙන් කියන්නම්. පන්තියේ හැමදාම පළවෙනියා වෙන ළමයෙක් ඉන්නවා. මෙයා කවදාවත් කිසිම වැරැද්දකට අහු වෙලා නැහැ. නමුත් මෙයා රහසින් නීතිවිරෝධී ව්‍යපාරයක් හරහා මුදල් හම්ඹ කරනවා. ඉතින් දවසක් මෙහෙම වැඩ කරගෙන ඉන්නකොට මෙයාගේ පන්තියේ යාලුවෙක්ට මේ වැඩේ අහු වෙනවා අහම්බයෙන්. ඉතින් මෙයා මොකද කරන්නේ මේ යාලුවා අර කෙනාව blackmail කරමින් කියනවා එයාටත් මේ වැඩේට හවුල් වෙන්න ඕනේ කියලා. වැඩේ කියන්නේ මේක කරගෙන යන්නේ පිරිමි ළමයෙක් පාසල් යන වයසේ, එයාව blackmail කරන්නේ ගෑනු ළමයෙක්. කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් කෙල්ලෝ මේ වගේ දේවල් කරන්නේ නැහැ කියලා එහෙනම් කට්ටිය ගිහින් වහ ටිකක් බොන්න. කොල්ලොත් එහෙමයි හොඳ මූණ තියාගෙන ඉන්නවා නමුත් ලෝකේ කාලා වතුර බීපු උන්. ඉතින් මේ කොල්ලා කරන්නේ මොකක්ද ඇත්තටම? මේක ටිකක් 16+ කට්ටිය බැලුවා නම් හොඳයි කියන එක තමයි මගේ මතය. කොහොම නමුත් මේ කතාවේ ලේ සහිත සංවේදී දර්ශන තියනවා සෑහෙන්න thriller කතාවක්. ආයේ කියන්න ඕනේ නැහැ ඒක ගැන නම්. මේ කතාව බැලුවේ නැත්නම් ඔයාලාට මඟ හැරිලා තියෙන්නේ සුපිරිම කතාවක් කියන එකත් මතක තියා ගන්න. ඒ වගේම මේ කතාව සෑහෙන්න ජනප්‍රිය වුණු නිසා ගොඩක් කට්ටිය හිතනවා මේකේ දෙවෙනි කොටසක් එයි කියලා. ඒත් මම හිතනවා මේක මෙතනින් ඉවර කරා නම් හොඳයි කියලා. මේක අන්තිමට මොකද වුනේ කියලා අහන්න එපා ඒක mic drop සීන් එකක් කියලා හිතන්න. ඒ කියන්නේ ඒක අපි විසින් හිතා ගත යුතු කොටසක් කියලා.
ඉතින් මේ කතාව මෙහෙම වෙද්දී අපි සාමානයෙන් කතාවක් බලලා හිතනවා "ඒ මොකක්ද අනේ ඒ වුනේ" කියලා. නමුත් මේ කතාව ඊට වඩා වෙනස්. මේ කතාවේ ඔයා හිතන්න ඕන දේ තමයි "ඇයි එහෙම වුණේ" කියන එක. මේ කතාව බලලා හිතන්න දේවල් අප්‍රමාණයි. මට මේ කතාව බලලා දවස් 4 ක් යනකම් මගේ හිතේ මැවී මැවී පෙනුනා. සමහර වෙලාවට පොඩි භීතියක් පවා ඇති වුණා මේ ලෝකේ මේ වගේ දේවලුත් වෙනවා ඇති නේද කියලා. මේ කතාවෙන් පෙන්වන්න උත්සහ කරලා තියෙන්නේ ගොඩක්ම දෙමව්පියන්ට වැදගත් වෙන දේවල් ටිකක්. ඒ වගේම කතාවෙන් 25% විතර ළමයින්ට අවශ්‍ය දේවලුත් එහි අන්තර්ගත වෙනවා කියලා මම හිතනවා. මේ දේවල් ටික මම අන්තිමට කියලා මේ review එක මම ඉවර කරන්නම්. ඔයා ළමයින්ව වන්න එපා එයාලව හරියට හදන්න බැරි නම්. ඒ වගේම ඒ වදපු ළමයින්ව උස් මහත් කිරීම්දී එයාල යම් තැනකට යනකම් එයාලා පස්සෙන් ඉන්න. ඒ වගේම හරි වැරදි සමාජය, ලිනිගික්ත්වය ජීවිතේ අමාරු තැන් වලදී නැගිටින විදිහ හොඳින් කියලා දෙන්න. ඉඩ දෙන්න තරුණ වියට ආවට පස්සේ ආදරය කරන්න. ගෑනු ළමයින්ට පිරිමි ළමයින්ට. ඔවුන් එක්ක ඒවා ගැන කතා කරන්න. ඔබ දෙමපියන් වශයෙන් කිසිම විට ළමයින්ව අතහැරලා දාන්න එපා. ඒ වගේම ඔබගේ දරුවා ආශ්‍රය කරන උදවිය ගැනත් හොඳ අවධානයෙන් ඉන්න. ඒ වගේම කුඩා කාලයේදී ළමයින් අපයෝජනය කිරීමට බලා සිටින බොහෝ නපුරු උදවියගෙන් ඔබේ දරුවාව හැකිතරම් ආරක්ෂා කරන්න. ඒ වගේම අවශ්‍ය කාලයේදී ළමයින්ට නිදහස දෙන්න. එහෙම නිදහස දුන්නා කියලා ඔවුන් ගැන තියෙන සැලකිල්ල අඩු කරන්න නම් එපා. ඒ වගේම ඔවුන්ට ආදරය කරන්න. ඒ වගේම ඔවුන් යම් තැනකට එනකම් ඔවුන්ට් අවශ්‍ය කරන වියදම් ඔවුන්ගේ ආසාවන් මොනවද සහ ඒවා පුළුවන් තරම් අයුරින් සම්පූර්ණ කිරීමට වග බලා ගන්න. එහෙනම් යන්න වෙලාව ඇවිත්. නැවතත් කියනවා මේ කතාව නම් කොහෙත්ම මඟ හැර ගන්න එපා. ගිහින් එන්නම් ආපහු හම්ඹ වෙමු මේ වගේම post එකකින්.
_-_සහන් සුලක්ඛන_-_
!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!

No comments:
Post a Comment