Dwarves - කුරුමිට්ටන් - TV Series මංසල

අලුත් පරණ TV Series ගැන තොරතුරු සිංහලෙන් දැන ගන්න එන්න අපේ බ්ලොග් එකට.

Advertisement

Latest

Saturday, May 30, 2020

Dwarves - කුරුමිට්ටන්


කුරුමිට්ටන් (ඔවුන්ගේ බසින් Khazad) යනු Aule (අවුලේ) විසින් නිර්මාණය කෙරූ උසින් අඩු ජීවීන් කොටසකි...මොවුන් ස්වභාවයෙන්ම දක්ෂ කම්මල් කරුවන් සහ නිර්මාණකරුවන් වූ අතර ඔවුන්ගේ නිර්මාණ වලට සම කිරීමට සුරයන්ගේ නිර්මාණයන්ට පවා නොහැකිය...

ඔවුන්ගේ ගෝත්‍ර (Houses) කීපයක්ම සිටින අතර Durin ජනතාව (Longbeards) වඩා කැපී පෙනෙන ගෝත්‍රයයි...

⚒️ ඉතිහාසය

සුරයන් සහ මිනිසුන් මෙන් නොව මොවුන් Illuvatar ගේ දරුවන් ලෙස නොසැලකේ...ඔවුන්ගේ නිර්මාණකරුවා වූයේ Mahal එසේත් නැතිනම් Aule විය...ඔහු කුරුමිටි පියවරුන් හත් දෙනෙකු නිර්මාණය කෙරූ අතර අනෙක් සියල්ලන් පැවත ආවේ ඔවුන් හත් දෙනාගෙනි...කෙසේ නමුත් ඔවුන් හට ආත්මයක් ලබා දීමට තරම් බලයක් ඖලේ සතුව නොතිබුනි...ජීවීන් නිර්මාණය කිරීමට ඔහු තුල ඇති ආශාව පාපොච්චාරණය කල අවුලේ හට ඉලුවතාර් තරවටු කල අතර පසුතැවීම නිසා කුරුමිට්ටන්ව විනාශ කිරීමට ඔහුගේ මිටිය ඔසවන ලදී...නමුත් ඉලුවතාර් ඔවුන්ට අනුකම්පා කොට තම දරුවාගේ නිර්මාණයට සැබෑ ජීවයක් ලබා දෙන ලදී...කෙසේ නමුත් සුරයන් අවදි වීමට පෙර කුරුමිට්ටන් අවදි වීමට ඉලුවතාර් විරුද්ධ විය...කුරුමිට්ටන්ගේ පැවැත්ම අනුමත කල ඉලුවතාර් සුරයන් අවධි වන තෙක් ඔවුන්ව දිගු නින්දකට පත් කරන ලෙස අවුලේට අවවාද කලේය...

කුරුමිට්ටන් සත් දෙනාගෙන් හය දෙනෙකු බිරින්දෑ වරුන් සමඟ ඉපදුන නමුත් ඩූරින් ඉපැදුනේ තනිවමය...වාමන කණ්ඩායම් හතෙහි මුල් ජනාවාස හට ගැනුනේ තම පොයවරුන් අවධි වූ ස්ථාන වලය;

* Longbeards, Durin ජනතාව - Gundabad
* Firebeards සහ Broadbeams - Blue Mountains 
* Ironfists සහ Stiffbeards - Rhun
* Blacklocks සහ Stonefoots -Rhun

ඩූරින් Kheled-zâram (Mirrormere) එහෙනත් නැතිනම් Khazad-Dum හි ඔහුගේ පාලනය පිහිටුවාගති...එම නිසා ඩූරින් ජනතාව අනෙක් කුරුමිටි රාජධානි වලට වඩා ඈතින් පිහිටියේය...

⚒️ පලමු යුගය

Durin ජනතාව Khazad-Dum හි තම ජනපදය පිහිටුවාගැනීමත් සමඟ (Bereliand වෙත සුරයන් පැමිණීමට පෙර) Khazad-Dum වෙතට බටහිර දෙසින් Ered Luin හි Belegost සහ Nogrod රාජධනි දෙක ඉදිවිය...

Belegost හි කුරුමිට්ටන් සින්දාර් සුරයන් සමඟ ආයුධ වෙලඳාම් සිදු කල අතර Elu Thingol හට Menegroth නිර්මාණය කර දුනි...Nogrod හි දක්ෂ කම්මල්කරුවකු වූ Telchar විසින් Narsil සහ Agrist අසිපත් යුගලය නිර්මාණය කලේය...

Blue Mountains හි කුරුමිට්ටන් විශාල වශයෙන් මොර්ගිත්ගේ සේනා සමඟ සටන් කල අතර "Nirnaeth Arnoediad" (Battle of Unnumbered Tears) සටනේදී මකරාට විරුද්ධව නැගී සිටීමට හැකි වූ යේ Belegost හි කුරුමිට්ටන්හට පමණි...Belegost හි රජු Azaghâl (නම් කර ඇති එකම Belegost පාලකය) Glaurung හට දරුණු ලෙස තුවාල කල නමුත් සටනේදී ඔහු මියේය...කෙසේ නමුත් Thingol විසින් ඔහුන් හට නිර්මාණය කර දෙන්නයි පැවසූ Nauglamir මාලයෙහි සිල්මරිතුවට කෑදකරකමින් ඔවුන් Thingol ව ඝාතනය කර පලාගිය අතර හරිත සුරයන් අතින් ඔවුන් විනාශ විය..."කෝපයේ යුද්ධය" ( War of Wrath) නිසා Nogrod සහ Belegost රාජධානි ද්විත්වයම බිඳ වැටුනු අතර බොහෝ සර්ණගතයින් (Firebirds සහ Broadbeams) දෙ. යු. 40 පමණ වන විට Khazad-Dum වෙත සංක්‍රමණය විය...

⚒️ දෙවන යුගය

දෙවන යුගය තුල සිදූ වූ විශේෂ සිදුවීම් වලට ඔවුන්ගේ සහභාගීත්වය තරමක් අඩුය...කෙසේ නමුත් කුරුමිට්ටන් සහ සුරයන් අතර තිබූ මිත්‍රත්වය තරමක් වැඩි වූ බවක් දක්නට හැක...ඔවුන් Eregion හි කම්මල්කරුවන් සමග වඩා සුහදත්වයක් ගොඩනගාගෙන තිබුනි...Moria හි ඇතුලු වීමේ දොරටුවද Eregion හි සුරයන් සහ කුරුමිට්ටනෙකමුතුව ඉදිකරන ලද්දකි...සෞරොන්ගේ හමුදා Eregion වැටලූ විට කුරුමිට්ටන්ද ඔවුන්ට (සෞරොන්ට) විරුද්ධව සටන් කලත් සෞරොන් Eregion අල්ලා ගැනීම වැලැක්විය නොහැකි විය...

සෞරොන් විසින් මුදු සොරකම් කරගත් පසු කුරුමිට්ටන් හය දෙනෙකුට ඔහු විසින් මුදු ලබා දුනි (Durin ගෙ පෙලපතෙහි උරුමකරුට Celebrimbor විසින්මයි දුන්නෙ)...කෙසේ නමුත් මිනිසුන් මෙන් ඔවුන් සෞරොන්ගේ පාලනයට නතු නොවූ නමුත් මුදු විසින් ඔවුන් තුල තිබූ කෑදරකම සහ තණ්හාව වැඩි කලහ...

මහා යුද්ධයට සහභාගී වූයේ කුරුමිට්ටන් සුලු පිරිසකි...කිහිප දෙනෙක් සෞරොන් හා එක්ව සටන් කල අතර තවත් කොටසක් අවසන් මිත්‍ර පාර්ශ්වයට එක් විය...

⚒️ තෙවන යුගය

තෙවන යුගයේ මුල් කාලයේදී සෞරොන් නැවතත් බලවත් වෙමින් පවතින විට ඔහුගේ අඳුරු බලවේගයන් තව තවත් වැඩිවී කුරුමිට්ටන් හට කරදර කරන්නට විය (විශේෂයෙන්ම මොරියා හි කුරුමිට්ටන් හට)

සියවස් ගනනාවක් පුරා මීත්‍රිල් සෙවීමට උමන් හාරමින් සිටි කුරුමිට්ටන් විසින් පලමු යුගයේ සිට මොරියා පතුලෙහි නිදා සිටි බැල්රොගයෙක්ව අවධි කලහ...ඉන් පසු කුරුමිට්ටන් Khazad-Dum අත හැර ගිය අතර එය මොරියා ලෙස හැඳින්වීමට පටන් ගත්තේ එම සිදුවීමෙන් පසුවය...

බොහෝ කුරුමිට්ටන් අළු කඳුකරයට පැනගිය අතර Thrain (I) යටතේ සුලු පිරිසක් එරෙබෝර් වෙත ගොස් බලවත් රාජධානියක් ගොඩනගාගති...ඔහුගේ පුත් Thorin (I) අලු කඳුකරයන්හි ධනවත් බව දැකීමෙන් එරෙබෝර් අත හැර ඒ වෙතට ගියේය...උතුරෙහි මකරුන් පැමිණෙන තුරු ඔවුන් වසර 300කට වැඩි කලක් කන්ද තුල ධනවත් විය...මකරුන්ගේ ආගමනයත් සමඟ බොහෝ කුරුමිට්ටන් "යකඩ කඳුකරය" (Iron Hills) වෙත පල ගිය අතර සමහරෙක් Thror සමඟ නැවත එරෙබොර් වෙත පැමිණියහ...ස්මෝග් නම් මකරා එරෙබෝර් වෙත පහර දෙන තුරු ඔවුන් එහි බොහෝ කල් ධනය රැස් කල අතර 2770 වන විට මොහෝ අය සරණාගතයන් ලෙස යකඩ කඳුකරයට සංක්‍රමණය වූ අතර රජු සමඟ තවත් කණ්ඩායමක් දකුණට සංක්‍රමණය විය...

ඩූරින් ජනතාව ඩන්ලෑන්ඩ් හි පදිංචි වූ අතර 2790 දී Thror මොරියා වෙත ගියේය...එහිදී Azog අතින් Thror ඝාතනය වූ අතර ඔහුගේ පුත් Thrain (II) සියලු කුරුමිටි ගෝත්‍රයන් කැඳවීමෙන් පසු දරුණු Azanulbizar යුද්ධයට මුල පුරමින් කුරුමිට්ටන් සහ ඕකයන් අතර විශාල යුද්ධයක් ඇති විය...යකඩ කඳුකරයෙහි කුරුමිට්ටන් පැමිණෙන තුරු මොරියාහි ඕර්කයන් ශක්තිමත්ව සිටියහ...සටන කුරුමිට්ටන් හට ජය ගෙනදෙමින් නිමා වුවත් විශාල කුරුමිට්ටන් ප්‍රමාණයක් මිය ගියහ...කෙසේ නමුත් නැවත මොරියා හි ජනපද පිහිටුවීමට කුරුමිට්ටන් අකමැති වූ නිසා Thrain ඔහුගේ ජනතාව රැගෙන



නිල් කඳුකරය (Blue Mountains) වෙත ගියේය...

Gandalf නැවත එරෙබෝර් ලබාගැනීම සඳහා Thrain ගේ පුත් Thorin (II) Okenshield ව පෙලඹවූ අතර ඔහු තම ඥාතීන් දොලොස් දෙනෙකු සහ Bilbo Baggins නම් හොබිට්ටා සමඟ 2941 වසරේදී ගවේෂණය ඇරඹීය...ගවේෂණය අවසන් වූයේ ස්මොග් ඝාතනය කිරීමෙනි...ඉන් අනතුරුව කුරුමිට්ටන්, මිනිසුන් සහ සුරයන් අතර සටනක් සිදු වූ නමුත් Azog ගේ පුත් Bolg විශාල සේනාවක් රැගෙන පැමිණීමෙන් පසු කුරුමිට්ටන්, මිනිසුන් සහ සුරයන් ඕර්කයන්ට විරුද්ධව සංධානගත විය...ඒ අනුව "පස් හමුදා යුද්ධය" (Battle of Five Armies) ආර්ම්භ වූ අතර යුද්ධයෙන් පසු Thorin මිය ගියේය...

Gloin ගේ පුත් Gimli මුදුවෙහි මිත්‍ර සංධානයට එකතු වු අතර Mirkwood හි කුමරු Legolas සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමත් සමඟ සුරයන් සහ කුරුමිට්ටන් අතර අතීතයේ පැවති මිත්‍රත්වය යලි ආරම්භ වීමට එම මිතුරුකම මග පෑදීය...

⚒️ හතරවන යුගය

හතරවන යුගය තුල ඔවුන් පිලිබඳ වැඩි විස්තරයක් සඳහන් නොවේ...මුදුවෙහි විනාශයෙන් පසු ගිම්ලි එරෙබෝර්හි සිටි ජනතාවගෙන් කොටසක් සමඟ "Glittering Caves" වෙත ගොස් එහි ජනපදයක් පිහිටෙව්වෙය...පසු ඔහු තම මිතුරා වූ ලෙගොලස් සමඟ විවිධ ස්ථාන වෙත සංචාරය කල අතර ඔවුන් දෙදෙනාගේ මිත්‍රත්වය නිසා වසර දහස් ගනනක් පුරා දෙපාර්ශ්වය තුල තිබූ වෛරය මැකී ගියේය...හතරවන යුගයෙහි 120 වන වසරේදී ලෙගොලස් සහ ගිම්ලි Valinor වෙත ගිය් බවට සඳහන් වේ...Valinor වෙත යාමට අවසර හිමි වූ එකම කුරුමිට්ටා වූයේ ඔහුය...

හත්වන ඩූරින් (Durin the Seventh) නැවත Khazad-Dum (Moria) හි රාහධානියක් පිහිටවූ අතර ඩූරින් පෙලපත අවසන් වන තුරු මොරියා හි කුරුමිට්ටන් වාසය කල බව පැවසේ...

⚒️ ස්වභාවය

කුරුමිට්ටන් සාමාන්‍යයෙන් අඩි 4.5-5 පමණ උස යයි...ඔවුන්ගේ සුවිශේෂී ලක්ෂණය නම් පිරිමින්ගේ මෙන්ම ගැහැණුන්ගේද රැවුල වැවීමයි...මොවුන් ගේ ආයුකාලය අවු. 300ක් පමණ වේ...

මොවුන් ධනය ඉතා කෑදර වූ අතර දක්ෂ කම්මල් කරුවන් විය...මොවුන්ගේ කෑදරකම සමහර අවස්ථාව හි ඔවුන්ව විනාශය වෙත රැගෙන ගියහ...

කුරුමිට්ටන් සාමාන්‍යයෙන් මුහුදෙන් ඈත ජීවත් වූ අතර බෝට්ටු සහ නැව් වල යාමටද සාමාන්‍යයෙන් අකමැති විය...ඒ මොවුන් මුහුදෙහි ශබ්දයට අකමැති වූ නිසා මෙන්ම ඔවුන් එම ශබ්දයට බිය වූ නිසාය...

⚒️ අඳුරු (දූෂිත) කුරුමිට්ටන් 

මධ්‍යම පෘථිවියෙහි ජනතාවගෙන් මොර්ගොත් ගේ සහ සෞරොන්ගෙ බලපෑම් වලට වැඩියෙන්ම විරුද්ධ වූයේ කුරුමිට්ටන්ය...ඔවුන් හට ලබා දුන් මුදු හතෙන්ද ඔවුන්ව මිනිසුන් මෙන් අඳුරට ගෙන යාමට නොහැකි වූ අතර එමගින් සිදු වූයේ ධනය වෙනුවෙන් ඔවුන් තුල තිබූ කෑදරකම වැඩි වීමයි...පැවසෙන අන්දමට අඳුරට සේවය කලේ ඔවුන්ගෙන් සුලු පිරිසක් පමණි...

නැගෙනහිර ප්‍රදේශයන්හිදී අඳුරට සේවය කෙරූ කුරුමිට්ටන් පිරිසක් සිටි බව පැවසේ...දෙවන යුගය තුල ඔවුන් සටන් වලට සහභාගී වූයේත් සුලු වශයෙන් ය...කෙසේ නමුත් ඩූරින් වාංශිකයන් කිසි දිනක අඳුරට යට වූ බවක් පැවසෙන්නේ නැත...

⚒️ ආයු කාලය

කුරුමිට්ටන්ගේ ආයු කාලය වර්ගයාගෙන් වර්ගයාට වෙනස් වන අතර සාමාන්‍යයෙන් අවුරුදු 300-500 අතර කාලයක් ජීවත් විය හැක...

අවු. 30 පමණ වන විටත් ඔවුන් යුද්ධය හෝ කම්කරු වැඩ සඳහා තරුණ වැඩි බවට සැලකෙන අතර අවු. 40ක් 50ක් පමණවූ අය වැඩුණු කුරුමිට්ටන් කෙස සලකයි...

ඔවුන් හට රෝග වැලඳෙන්නේ නැත...සාමාන්‍යයෙන් අවු. 200 ඉක්ම වූ අයෙක් තරබාරු වීමට පටන් ගන්නා අතර ශරීරිකව අඩපණ වීමට ඇරඹේ...

_-_Er Murazor_-_
!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!

No comments:

Post a Comment