Legolas Greenleaf - ලෙගොලස් ග්‍රීන්ලීෆ් - TV Series මංසල

අලුත් පරණ TV Series ගැන තොරතුරු සිංහලෙන් දැන ගන්න එන්න අපේ බ්ලොග් එකට.

Advertisement

Latest

Monday, May 18, 2020

Legolas Greenleaf - ලෙගොලස් ග්‍රීන්ලීෆ්




  • Name : Legolas
  • Other Names : Greenleaf, Legolas Thranduilion
  • Titles : Prince of Woodland realm
  • Parents : Thranduil (Father)


Legolas (Quen. Laiqalassë.) යනු Mirkwood හි වන රාජධානියෙහි කුමරු වේ...ඔහුගේ සීයා, Oropher Doriath හි Sindar රදලයකු වූ අතර පියා (Thranduil) Mirkwood (Greenwood the Great) වනයෙහි රජු විය...ඔහුගේ උපන්දිනය හෝ පෙර අතීතයක් පිලිබඳ කිසිඳු සඳනක් නැත...ඔහු වැඩියෙන්ම කැපී පෙනෙන්නෙ "මුදුවෙහි මිත්‍ර සංධානය" තුල සුර නියෝජිතයා ලෙස කටයුතු කිරීමයි...අධි ස්වභාවික පෙනීම සහ ඇසීම, Superhuman Strength, Superior Archery, සැහැල්ලු දෙපා, පරිසරයෙහි හැඟීම් දැනීම සහ වෙහෙසක් නොදැනීම වැනි ඔහුට උපතින්ම උරුම වූ අධි ස්වභාවික හැකියාවන් ඔහුගේ අනෙක් සගයන් අට දෙනාට බොහෝ සේ උපකාරී විය...

ඔහු සහ Gloin ගේ පුත් Gimli අතර පැවති ශක්තිමත් මිතු දම පුරාතණ යුගය (Eldar Days) තුල කුරුමිට්ටන් සහ සුරයන් අතර පැවති මිතුදම නැවත ඇති කිරීමට සමත් විය...

🍂 අතීතය 

පෙර කී පරිදි ඔහුගේ අතීතය පිලිබඳ ඔහු සඳහන් කරන දෙයක් හැර වෙන යමක් සොයාගැනීමට නොහැක...Frodo shire වෙතින් පිටවීමට පෙර Aragorn විසින් Gollum ව අල්ලාගෙන ගොස් Thranduil හට බාර දුනි...නමුත් ඔහුගේ අධික කාරුණික බව හේතුවෙන් Sauron ගේ ඕකයන්ගෙ උපකාරය ඇතුව Gollum ට Mirkood වෙතින් පලා යාමට හැකි විය...එම නිසා Thranduil විසින් එම පුවත Elrond හට දැන්වීමට Legolas ව Rivendell කරා පිටත් කර හැරීය...

ඔහු Elrond ගේ සභාවටද සහභාගී වූ අතර එහිදී ඔහු ගෙනා ප්‍රවෘතිය සැමටම පැවසුවේය...මුදුව විනාශ කිරීමේ ගමනට සුරයන් වෙනුවෙන් Glorfindel ව යැවිය යුතු බව මුලදී යෝජනා කෙරුනත් ඔහුගේ අධික දේව බලය නිසා ඔහු වෙනුවට ලෙගොලස් යෝජනා විය...

🍂 The Fellowship of the Ring

මුලදී මිත්‍ර සංධනයේ සියලු දෙනාම එකට ගමන් කල අතර ගැන්ඩල්ෆ් ඔවුන්ව මෙහෙයෙව්වේය...සංගමය Hollin වෙත පැමිණි විට එහි වාතය තුලින් පුරාතනයේ එහි විසූ සුරයන්ගේ මතකයන් පිලිබඳ කතා කරනු ඇසීය...එහි තිබූ නටඹුන් තුලින් අතිත සුරයන්ගේ වියෝවන්ද ඔහුට ඇසුණි...

ඔවුන් කරාද්‍රාස් මතින් ගමන් කරද්දී ලෙගොලස් සැහැල්ලුවෙන් හිම මතින් ඇවිද ගිය අතර අනෙක් අය හිමෙහි එරෙමින් අපහසුවෙන් ගමන් කලහ...ඔහුගේ උත්කර්ෂවත් සුර ආත්මය යටත් කිරීමට කිසිවකට හැකියාවක් නොවූ අතර අඳුරුතම කාලයන්හිදී පවා ඔහු ගැන්ඩල්ෆ් සමඟ විහිලු තහලු කල අතර විනෝදය උපදනව ගීත ගැයුවේය...ඔහු කණ්ඩායමේ ඉදිරියෙන් සහ පසුපසින් ආරක්ෂාව සපයමින් විනෝදයෙන් ගමන් කලේය...ඔවුන්ව නැවැත්වීමට ඔවුන්ට වඩා බලවත් යමක් විසින් කුණාටුවක් කැඳවන බවටද ඔහු අනෙක් අයට අනතුරු ඇඟවීය...

එම අනතරු ඇඟවීමෙන් පසු Moria තුලින් යනවාදැයි තීරනය කිරීමට ඔවුන් කන්ද පාමුලදී ඡන්දයක් විමසීය...ලෙගොලස්ගේ මතය අසන තෙක්ම ඔහු නිහඬව සිටි අතර ඔහුගේ වෙලව පැමිණි විට බොහෝ සංසුන් ලෙස මොරියා තුලින් යාමය ඔහුගේ කැමැත්තක් නොමැති බව පැවසුවේය...අනෙක් නායකයක් දෙදෙනාවූ Aragorn සහ Gandalf ද නොදන්නා අඳුරක් මතින් යාම සැමටම අනතුරු දායක වෙතැයි පැවසූහ...නමුත් පසුව ඔවුන්ව Wargs ප්‍රහාරයකට හසු විය...එහිදී ඔහු විශාල කාර්යයක් සිදු කල අතර ඔහු වැයකල ඊතල පවා නැවත එකතු කරමින් දඩ බල්ලන්ට විද්දේය...

ඉන් පසු ඔවුන් මොරියා තුලින් යාමට තීරණය කලහ...ගැන්ඩල්ෆ් ගේ යශ්ටිය ආධාරයෙන් ඔවුන් ඉදිරියට ඇදුණේ දරුණු අන්ධකාරයක් තුලින් වූ අතර ලෙගොලස්ට පවා කිසිවක් දැකගත නොහැකි විය...ඔවුන් Mazarbul වෙතට පැමිණි විට ඕකයන් විසින් යුද්ධක් ආරම්භ කල අතර නැගෙනහිර දොරටු වෙත අනෙක් අයව ආරක්ෂිතව ගෙන යාමට කටයුතු කලේය...Durin's Bane (ඩූරින්ගේ යක්ෂයා) පැමිණෙන විට ඌ Balrog කෙනෙක් බව මුලින්ම හඳුනගත්තේ ලෙගොලස් ය...එමෙන්ම ඔහු බිය වූ එකම අවස්ථාව එයයි...

ගැන්ඩල්ෆ් ගේ අහිමිවීමෙන් පසු ඇරගොර්න් ඔවුන්ව Lorien වනයට රැගෙන ගියේය...වනයය ඇතුලුවත්ම ලෙගොලස් දැඩි උද්‍යෝගයකින් සිටියේ ඔහුගේ ජනතාව වසර ගනනාවකින් මෙම වනයට පැමිණ නොතිබූ නිසාවෙනි...ඔවුන් Nimrodel ගංගාව හරහා ගියේ එහි තිබූ සීතල ජලයෙන් ඔවුන්ගේ වෙහෙස පහව හරිතැයි සිතාය...Nimrodel ඉවුර වෙතට යත්ම ලෙගොලස් ඔහු ලොත්ලොරියෙන් පිලිබඳ අසා තිබූ කතාන්දර කියන්නට විය...අවසානයේ රාත්‍රියට ගස් අතර සෙවනක් ලබාගැනීමේ අරමුණින් ඔවුන් මංපෙත් මතින් ඉවත් වී වනය තුලට ගියහ...ගස් මත සිට ඔවුන් දෙස බලා සිටි සුරයන් එක්වරම පැමිණ ඔවුන්ව ප්‍රශ්න කල මොහොතේ ලෙගොලස් පරෙස්සමින් ඔවුන්ගේ භාෂාවෙන් පිලිතුරු දුනි...ඔවුන් පවසන්නේ කුමක්දැයි සෑම් විමසූ විට "ඔබ හුස්මගන්න සද්දෙට අඳුරෙ ඉඳන් වුවත් විදිය හැකි" බව ඔවුන් පැවසූ බව ලෙගොලස් ඔහුට සෙමින් පැවසුවේය...

ලෙගොලස් ගේ ගීතයන් ඔවුන් අසා සිටි අතර ඔහු උතුරෙන් පැමිණි සුරයකු බවට ඔවුන් හඳුනාගති...Elrond ගේ දරුවන් මගින් ඔවුන්ට සමාගම ආරම්භ කල සංචාරය පිලිබඳව ආරංචි වී තිබූ අතර ගිම්ලිව හැර අනෙක් සියලු දෙනාවම ඔවුන් සුහදව පිලිගත් හ...කුරුමිට්ටා පිලිබඳ අවධනය යොමු කිරීමටත් ඔවුන්ට පිලිතුරු දීමටත් ලෙගොලස්ට සිදු විය...පසු දින උදෑසන ලොරියෙන් හි සුරයන් ඔවුන්ව Caras Galadhon වෙත රැගෙන යන විට ගිම්ලිගේ දෑස් බැඳිය යුතු බවට පැවසීය...නමුත් ඔහු කෝප වී එය ප්‍රතික්ෂේප කලේය...පසුව ඇරගොර්න් විසින් සමාගමේ සියලු දෙනාම දෑස් වසාගෙන ය යුතු යැයි යෝජනා කල විට ලෙගොලස් ද තමාගේ දෑස් බැඳගන්නේ නම් ඔහුද එකඟ වන බව ගිම්ලි පවසා සිටියේය...ලෙගොලස් එයට කේන්තිගත් නමුත් ඇරගොර්න් එසේ කරන ලෙස ඉල්ලා සිටීමෙන් එය සමථයකට පත් විය...අවසානයේ ලෙගොලස්ට එකඟ වනවාට හැර තීරණයක් නොවිය...

Lothlorien හි සුරයන් ගැන්ඩල්ෆ් වෙනුවෙන් ගායනා කල අතර එම ගීතයන් තේරුම්ගත හැකි වූයේ ලෙගොලස්ට පමණි...නමුත් ඔහු අනෙක් අයට එය පරිවර්තනය කරදුන්නේ නැත...කෙසේ නමුත් ඔවුන් ලොරියෙන් හි සිටි කාලය තුල Galadriel ගේ බලපෑම නිසා ලෙගොලස් සහ ගිම්ලි අතර මිතුදමක් ඇති විය...ලෙගොලස්ට බෝට්ටු පැදවිය හැකි වූ නිසා ඔහු ගොලම් සමඟ එක් බෝට්ටුවක යාමට පැවරීය...ලොරියෙන් වෙතින් පිටවීමට පෙර ගැලැඩ්‍රියෙන් ඔහුට අගනා දුන්නක්, සුරයන්ගේ සලුවක් වැනි අගනා ත්‍යාගයන් කිහිපයක් පිරි නැමීය...


Anduin හිදී ඕර්ක් දුනුවායන් අතින් ඔවුන් ආක්‍රමණය වූ විට ඔහු තම දුන්නත් සමඟ ගං ඉවුරකට බැස ඕකයන් පිලිබඳ සලකුණු සොයන්නට පටන් ගැණිනි...හදිසියේම සමාගම කෙරෙහි දැඩි භීතියක් ඇති විය...හදිසියේම අන්ධකාරය තුලින් මතු වූ Fell Beast සත්වයකුට ඔහු හී තලයකින් විද දැමුවේය...මේ සඳහා සමාගමේ සෙසු අය, විශේෂයෙන් ගිම්ලි විසින් ඔහුට ප්‍රශංසා කරන ලදී...

🍂 මිත්‍ර සංධානයෙහි බිඳී යාම

Amon Hen හිදී ඕර්ක් හමුදාවක් විසින් ඔවුන්ව ආක්‍රමණය කල අතර ලෙගොලස් ඔහුගේ ඊතල නිම වන තෙක්ම ඔවුන්ට පහර දුනි...මිත්‍ර සංධානයේ බිඳී යාම මත බොරොමීර් ගේ මරණ පිලිබඳ දැනගත් ඔහු ඇරගොර්න් සමඟ ඔහු වෙනුවෙන් ශෝක ගීතයන් ගායනා කලේය...ඔහු Uruk-Hai කණ්ඩායම පසු පස පන්නා යාමට ඇරගොර්න් ට උදව් කලේය...

Eomer විසින් නායකත්වය දුන් Rohan සේනාව මගින් චෝදනා එල්ල වන විට ලෙගොලස් ගිම්ලි වෙනුවෙන් පෙනී සිටි අතර ඔහුට හානි කලහොත් මරාදමන බවට තර්ජන කලෙය...Eomer ඔවුන්ට අශ්වයන් ලබා දුන් මොහොතේ ලෙගොලස් හට Arod නම් ඉතා ශක්තිමත් අශ්වයෙක්ව තිලින කලේය...ලෙගොලස් තමා සමඟ අසුපිට යාමට ගිම්ලිට අවසර දුන්නේය...ඔවුන් ඕකයන්ව ගොඩ ගැසූ තැනට ආ විට පැය ගනනක් මෙරී සහ පිපින් පිලිබඳ සලකුණක් හෝ සෙවුවත් රාත්‍රිය වන තුරුම කිසිත් සොයාගත නොහැකි විය..රාත්‍රී අඳුරේ ඔවුන් ගස් යට ගිමන් හැරීමට සැලසුනු අතර ලෙගොලස් ඔවුන්ගේ අශ්වයන් නොමැති බව දැනගත්තේය...

Fangorn වනයට ඇතුලු වත්ම නැවතත් තරුණ කාලයට ගිය බවක් දැනී ගිය බව ලෙගොලස් පැවසුවේය...එහිදී ඔවුන්ට මහලු පුද්ගලයෙක් හමු වූ අතර ඔවුන් සිතුවේ ඔහු සරුමාන් කියාය...ලෙගොලස් ඔහුට විදීමට සැරසෙන විට ඔහු දුන්න බිම දමන්නැයි අණ් කලේය...නමුත් ලෙගොලස් නැවත දුන්න අතට ගෙන ඔහුට විදීමට සැරසුන අතර ඒ සිටින්නේ ගැන්ඩල්ෆ් බව දැනගැනීමෙන් පසු ඊ තලය අහසට විද්දේය...

🍂 Rohan හි

Merry සහ Pippin පිලිබඳ සහ ගැන්ඩල්ෆ් ගේ නැවත පැමිණීම පිලිබඳව ගැන්ඩල්ෆ්ගෙන් විමසූ පලමු පුද්ගලයා ඔහුය...

ලෙගොලස්ගේ දෑස් නැවතත් කණ්ඩායම වෙනුවෙන් සේවයක් කල මොහොතක් උදා විය...ඔහු ඉතා ඈත සිට අයිසන්ගාඩ් සහ රෝහාන් දේශයන් පිලිබඳව ඔත්තු බැලීය...එමෙන්ම Meduseld හිදී කිසි පැකිලීමකින් තොරව ආරක්ෂකයන් හට ආයුධ බාර කලේ ඔහු පමණි...Gimli ට ලෙගොලස් ඔහු සමඟ නොවූවහොත් එයොමර්ගේ අශ්වයන් පැදවිට නොහැකි වූ අතර ලෙගොලස් එය සතුටින් සිදු කලේය...

Legolas Hornburg හි සටනට සැරසෙන විට ඔහු පැවසුවේ ඔහු එම ස්ථානයට අකමැති බවය...ගිම්ලි ඔහුව සැනසූ අතර ගිම්ලි ඔහු අසල සිටීම ලෙගොලස්ට සතුටක් ගෙන දුනි...රොහිරිම් දුනු ශිල්පීන් සුළු සංඛ්‍යාවක් සිටින නිසා මිර්ක්වුඩ්හි දුනුවායන්ද සියයක්වත් එහි සිටියේ නම් කියා ඔහු සිතුවේය...සටන පටන් ගත් විගසම ඔහු 20 දෙනෙකු පමණ මරා දැමූ අතර ගිම්ලි ඉක්මනින්ම ඔහුට ලඟා විය...ගිම්ලි දෙවන වර ලෙගොලස් වෙත හැරුණ විට ඔහු 21ක් දෙනෙක් මරා තිබූ අතර ලෙගොලස් 24ක් යැයි පැවසුවේය...Helm's deep හි බිත්තිය පුපුරා යන විට ඔහුගේ ඊ තල ඉවර වෙමින් තිබුනු අතර අවසාන ඊයෙන් ඇරගොර්න් ගේ ජීවිතය බේරුවේය...සටන අවසන් වන විට ලෙගොලස් හතලිස් එක් දෙනෙක් මරා දමා තිබූ අතර ගිම්ලි ඔහුට වඩා එකකින් වැඩි විය...

සටන නිමවී අයිසන්ගාඩ් වෙත යන අතරතුර හමු වු Huorns සත්වයන්ට (Ent වගේ සත්ව විශෙෂයක්) ලෙගොලස් බොහෝ කැමැත්තක් පෙන්නුවේය...ගිම්ලි පමණක් ඔහු සමඟ ආපසු Fangorn වනයට පැමිණෙන්නේ නම් ඔහු ගිම්ලි සමඟ Aglarond (Glittering Caves) වෙත පැමිණෙන බවට පොරොන්දු විය...

🍂 Return of the King

Aragorn මලවුන්ගේ මංපෙත් වෙත යාමට සූදානම් වන මොහොතේ ලෙගොලස් සහ ගිම්ලිද ඔහු සමඟ පැමිණියහ...යන අතරතුර Galadriel විසින් එවූ Dunedain කණ්ඩායමක් (Grey Company) සහ Elrond ගේ පුතුන් දෙදෙනා ඔවුන්ට හමු විය...

ඔවුන් සමඟ මලවුන්ගේ රාජධාණියට ගිය විට Elladan සහ Elrohir ඇරුණු කොට මලවුන්ට බිය නොවූ එකම පුද්ගලයා ලෙගොලස් විය...Aragorn මලවුන්ගේ හමුදාව මෙහෙයවන ආකාරයෙන්, ඔහු බලමුද්ද ලබාගත්තේ නම් කුමන ආකාරයක පාලකයෙක් වේවිදැයි ලෙගොලස්ට දැකගත හැකි විය...ඔහුග Aragorn සමඟ මංකොල්ලකරුවන්ගේ නැවෙන් Pelennor භූමියට පැමිණි අතර සටනෙහි විශාල සේවයක් ඉටු කලේය...

🍂 Battle of the Morannon 

ලෙගොලස් තම මිතුරන් සමඟ අවසන් වරටත් සටනට ගියේය...ඔහු මොඩෝර් හි බිඳ වැටීම සියැසින් දුටුවේය...සටනින් පසු ජයග්‍රහණ සැමරීම සඳහා Frodo සහ සෑම් වෙනුවෙන් පැවැත්වු සාදයටද ඔහු සහභාගී විය...

Aragorn ගේ ඉල්ලීම මත ඔහුගේ අභිෂේක දිනය දක්වා ලෙගොලස් Minas Tirith හි රැඳී සිටියෙය...මිතුරන්ගෙන් වෙන්වූ පසු ලෙගොලස් සහ ගිම්ලි Aglarond වෙත ගිය අතර, ඉන්පසු ඔහු ගිම්ලි සමඟ Fangorn වෙත පැමිණියේය...

🍂 මුදුවේ සටනින් පසු

හතර වන යුගයේ 20 වන වසරේදී පමණ ලෙගොලස් හරිත වන සුරයින් Ithilien වෙත රැගෙන ගිය අතර එය නැවතත් බටහිර දේශයෙන් සුන්දරම රාජධානිය බවට පත් විය...පසුව ඔවුන් Gimli සහ කුරුමිට්ටන් සමඟ එක්ව Minas Tirith නැවත ගොඩනැගීමට උදව් විය...Aragorn ගේ මරණයෙන් පසු ලෙගොලස් Valinor වෙත පිටත් වූ අතර ගිම්ලිද ඔහු සමඟ රැගෙන ගියේය...Valinor වෙත ගිය එකම කුරුමිට්ටා ඔහු විය...


_-_Er Murazor_-_
!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!

No comments:

Post a Comment