Lucifer - සෙල්ලක්කාර දේවදූතයා (2016-) - TV Series මංසල

අලුත් පරණ TV Series ගැන තොරතුරු සිංහලෙන් දැන ගන්න එන්න අපේ බ්ලොග් එකට.

Advertisement

Latest

Saturday, September 26, 2020

Lucifer - සෙල්ලක්කාර දේවදූතයා (2016-)




මීට අවුරුදු කීපයකට කළින් ලුසිෆර් කියන නම හුඟාක් දෙනෙකුට හුරු පුරුදු නමක් උනේ නැහැ. කිතුණු ධර්මය ගැන දන්නා කියන කෙනෙකුට , බැතිමතෙකුට ලුසිෆර් එහෙමත් නැතිනම් සාතන් / Satan කියන නම ටිකක් හිතට චකිතයක් ඇති කරනව කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.


හැබැයි මේ සිතුවිල්ල කණපිට හැරෙන්න පටන් ගන්නෙ මීට අවුරුදු හතරකට කළින්. ඒ කියන්නෙ 2016 වර්ෂයේ ජනවාරි 25 වනදා Netflix ඔස්සේ Lucifer කතා මාලාවේ පළමු කොටස විකාශනය වීමත් සමඟ.


හැමෝම බොහොම බයෙන් කතා කරන, නම ඇහුවත් ඇඟ කිලිපොලා යන සාතන්, එහෙමත් නැතිනම් ලුසිෆර් ඇත්තටම මොන වගේද. ලුසිෆර් කියන නම හීබෲ භාශාවෙන් උදෑසන තාරකාව එහෙමත් නැතිනම් Morning Star කියල හඳුන්වනවා. ඉතින් එහෙම බැලුවම Neil Gaiman එහෙමත් නැතිනම් Lucifer කියන Comic චරිතය Sand Man Comics වෙනුවෙන් නිර්මාණය කළ තැනැත්තා ගේ අදහසට ඒ තේරුම නියමෙට ගැලපෙනවා.


Comic චරිතයක් අළලා නිර්මාණය වෙන ලුසිෆර් ගේ චරිතයට පණ දෙන්නෙ Tom Ellis. විචාරකයින් නම් කියන්නෙ Neil ගේ Comic එකේ ඉන්න ලුසිෆර් සහ Tom දෙන්නා අහසට පොළව වගේ කියලා.


කොහොම උනත් මේ කියන්න හදන්නෙ ලුසිෆර් කතා මාලාවේ ගොඩක් දෙනෙක් නොදැක්ක පැතිකඩ කීපයක් ගැන.


කාරණාව පටන් ගන්න හොඳම තැන තමයි ලුසිෆර් කියන චරිතය මිනිස්සු අතරට මුලින් ම ගෙනගිය සුපර්නැචුරල්. ඇත්තටම සුපර්නැචුරල් නිර්මාපකයින් ලුසිෆර් ගේ ආගමනය ගැන අනාවැකි පලකරාද, එහෙමත් නැතිනම් ලුසිෆර් නිර්මාණය කර අය සුපර්නැචුරල් දැඩිව අධ්‍යයනය කරාද කියන එක නම් තවම දන්නෙ නෑ. කෝම උනත් සුපර්නැචුරල් කතා මාලාවේ අපිට මුණගැහෙන ලුසිෆර් ගෙන් එක තැනකදී අහනවා යම්කිසි විදියකින් ඔබට අපායෙන් ගැලවෙන්න හැකි උනෝතින් ඔබ මොකද කරන්නෙ කියල. එතනදී අපූරු උත්තරයක් දෙන ලුසිෆර් කියන්නේ එහෙම උනෝතින් ඔහු ලොස් ඇන්ජලීස් නුවරට ගිහින් පොලීසියට අපරාධ විසඳන්න උපකාර කරනවා කියලා. කීවත් වගේ ඉතින් ලුසිෆර් එන්නෙ ලොස් ඇන්ජලීස් නගරයට. නිකම්ම නෙවේ සුපිරි රාත්‍රී සමාජ ශාලාවක හිමිකරුවෙක් වශයෙන්. ඉතින් ලුසිෆර් චරිතයට පණ දෙන Tom Ellis ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ වචනයේ පරිසමාප්තියෙන්ම විශිශ්ට රංගන ශිල්පියෙක්.


මේ කතාවෙ ඔයාල හැමෝම නිරීක්ෂණය කරන්න ඇති Tom ගේ භාශා උච්ඡාරණය ඇමෙරිකානු උරුවකට වඩා වෙනස් වෙච්ච බ්‍රිතාන්‍ය උච්ඡාරණයක්. ඒකට හේතුව විදියට Tom අදහස් දක්වලා තියෙන්නෙ බ්‍රිතාන්‍යය උච්ඡාරණය හුඟාක් සිත් ඇදගන්නාසුලු එකක් වීම නිසා තමන් ඒකට හුරු උනා කියල. කොහොම නමුත් මගේ පුද්ගලික මතයත් , Tom ගේ බ්‍රිතාන්‍ය උච්ඡාරණය මේ කතාවට අමුතුම රසයක් සහ ආලෝකයක් එක්කාසු කරනවා කියන එක.


බයිබලයේ සාම්ප්‍රදායික ඉගැන්වීම් වල නිරාවරණය නොවන සමහර ආන්දෝලනාත්මක කරුණු කාරණා ලුසිෆර් කතා මාලාවේ හීනියට හින්ට් එකක් දෙකක් හැටියට එලිදරව් නොකරනවාම නෙවෙයි. ඉතින් මේ නිසාම ලුසිෆර් කතා මාලාවට පොඩි පහේ විරෝධයක් පවා එල්ලවෙනවා. මේ වගේ නානාප්‍රකාර හේතු නිසාම කතාව තුන්වෙනි සීසන් එකෙන් පස්සේ නතර කරන්නත් නිර්මාණකරුවන් තීරණය කරනවා. මේ බව හෙළිදරව් කරමින් #Savelucifer කියන ට්විටර් පණිවිඩයට මාසයක් ඇතුළත Retweets මිලියන 8කට වැඩි ප්‍රමාණයක් ලැබීම නිසා කතාව නැවත ආරම්භ කරනව ඇරෙන්න එයාලට වෙන විකල්පයක් තිබිලා නෑ.


කොහොම උනත් මේ බාධක මැද්දේ ඇදෙන ලුසිෆර් කතා මාලාව ගැන ගොඩාක් විස්තර පෝස්ට් එකකින් පළකරන එකෙන් තවම මේ නිර්මාණය රසවිඳින්න අවස්තාවක් ලබා නොගත්ත කෙනෙකුට වෙන්නේ අසාධාරණයක්. කෝම නමුත් ලුසිෆර් කතාව හරියට Follow කරන කෙනෙක් අනිවාර්‍යෙන් මේ කතාවේ එන ඇතැම් සිදුවීම් සහ චරිත ගැන වැඩිදුර හොයා බලන්න පෙලඹෙනවා.


ඊව්...ඇත්තටම කවුද. ආදම් සහ ඊව් ඇත්තටම හිටියේ සතුටින් ද, කවුද ඇත්තටම ඊඩ්න් උද්‍යානයේ සර්පයා. එතකොට මැසකීන් .. ඇමෑනඩියෙල්..Archangel කෙනෙක්ද..එයාලා බයිබල් එකේ සඳහන් වෙනවාද..


මේ වගේ උභතෝකෝටික ගැටලු ගොඩක් ප්‍රේක්ශකයා ඉදිරියට ගේන ලුසිෆර් කතා මාලාව අතිශය නිර්මාණශීලී වගේම ඉතාම ප්‍රවේසමින් ගවේෂණය කළ කරුණු ඇසුරින් නිර්මාණය කරන ලද්දක් බව කියන්න පුලුවන්.


ඉතින් ඒ වගේම ලුසිෆර් කතා මාලාවේ විශේශම කාරණා කීපයක් මේ වෙලාවේ සඳහන් කරන්නම ඕනේ කියලත් හිතුනා..


ලුසිෆර් කතා මාලාව විකාශය ආරම්භ වෙන්නත් ඉස්සෙල්ලාම එක්තරා කොන්සර්වේටිව් කණ්ඩායමක් අත්සන් 11000 කින් යුතු පෙත්සමක් ඉදිරිපත් කරලා තියෙනවා මේ කතා මාලාව විකාශය කරන්න එපා කියල. නමුත් අපූරුම කාරණාව කියන්නේ මේ කතා මාලාව නවත්වන්න එපා කියලත් ඊට වඩා වැඩි පිරිසක් විරෝධය මතු කරලා තියෙනවා..


Tom Ellis මෙහිදී නිරූපණය කරන්නෙ යක්ෂයාගේ චරිතය උනාට ඔහුගේ පවුලේ කීප දෙනෙක් ම දෙවියන් වෙනුවෙන් ජීවිතය කැපකළ අය බව සඳහන් වෙනවා. ඒ අනුව ඔහුගේ පියා සහ මාමා දෙදෙනාම පාදිලිවරුන් බව සඳහන් වෙනවා.


ඒ වගේම ලුසිෆර් කතා මාලාවේ එකම කතාංගයක වත් නත්තල් සැමරුමක් නිරූපණය නොවීමත් විශේශත්වයක්.

ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ Lucifer හිතන තරම්ම නරකද නැද්ද කියලා..ඔයාලත් මේක බලලාම තීරණය කරන්න කියලයි.



_-_ලුසිෆර් මෝනින්ස්ටාර්_-_
!මෙම පොස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!


No comments:

Post a Comment