Lord Elrond - එල්රෝන්ඩ් උතුමාණන් - TV Series මංසල

අලුත් පරණ TV Series ගැන තොරතුරු සිංහලෙන් දැන ගන්න එන්න අපේ බ්ලොග් එකට.

Advertisement

Latest

Tuesday, June 23, 2020

Lord Elrond - එල්රෝන්ඩ් උතුමාණන්


Elrond the Half-Elven...


කව්ද මේ Elrond...

Elrond කියන්නෙ Earendil හා Elwing කියන අර්ධ සුරයන්ගෙ පුතා...මෙයාට Elros කියල නිවුන්නෙක් ඉන්නව...මෙයාල ඉපදෙන්නෙ පලවෙනි යුගේ 532 අවුරුද්දෙ, Sirion වලදි...Fëanor කියන Noldor සුරයගෙ පුතාල හත් දෙනා sirion විනාස කරන්න එල්ල කරපු ආක්‍රමණය නිසා මේ දෙන්නව අතරමං වෙනව...ඉතින් මෙයාල ගැන ආදරයක් ඇති උන මැග්ලෝර් කියන ෆෙයනෝර් ගෙ දෙවෙනි පුතා මෙයාලව හදාගන්නව...

එයාරෙන්ඩිල් කියන්නෙ අර්ධ සුරයකෙ නිසා එල්රොන්ඩ් සහ එල්රොස් දෙන්නටත් සුර ජීවිතයක් හෝ මනුෂ්‍ය ජීවිතයක් තෝරගන්න අවස්ථාවක් හම්බෙනව...එල්රොන්ඩ් සුර ජීවිතයක් තෝර ගැණුනත් එයාගෙ සහෝදරය තෝරගන්නෙ මනුස්ස ජීවිතයක්...නමුත් මෙයා කලින් සුරයක් නිසා මෙයාටයි මෙයාගෙන් පැවත එන්නන්ටයි දිගු ජීවිත කාලයක් හම්බෙනව...එයාලට තමයි අපි නූමනෝරියනුවන් (ඩූනඩයින්) කියන්නෙ...

ඊට පස්සෙ මෙයා නොල්දෝරයන්ගෙ අවසන් අධිරජු වූ Gil-Galad ගෙ රාජදූතය බවට පත් වෙනව...දෙවෙනි යුගේ 1695 දි ගිල් ගැලඩ් මෙයාව Erigion වලට යවනව, Sauron ගෙ හමුදා එරෙගියෝන් වලට එන එක නවත්තන්න...ඒත් අවාසනාවකට ඒල්රොන්ඩ් ගෙ සේනාවට සෞරොන් ගෙ හමුදාව නවත්තන්න බැරි වෙනව...ඊට පස්සෙ  එල්රොන්ඩ් තමන්ගෙ සේනාවත් අරන් එරෙගියොන් වලින් යනව...ඊට පස්සෙ දෙවෙනි යුගේ 1697 දි Rivendell පිහිටුවනව...එම වස්ථාවෙදි සුරයන්ගේ මුදුවක් දර සිටි ගිල් ගැලඩ් ඔහුගේ මුදුව එල්රොන්ඩ් හට තිලිණ කරනව...

දෙවෙනි යුගෙ 1701 දි ගිල් ගැලඩ්, එල්රොන්ඩ්, කියෙර්ඩාන් හා නූමනෝරියානුවන් එක්ව සෞරොන් ව පරාද කලාට පස්සෙ එල්රොන්ඩ් රිවන්ඩේල් වලදි පලවෙනි ධවල කවුන්සිලය පවත් වනව...

මේ කාලෙදි තමා එල්රොන්ඩ් ට celebrian, Galadriel ගෙ දුවව මුන ගැහෙන්නෙ...දෙවෙනි යුගේ අවසානයේදි, මිනිසුන් හා සුරයන්ගෙ අවසාන මිත්‍ර පාර්ශවයේ සටනෙදි ගිල් ගැලඩ් යටතේ හමුදාවක් මෙහෙයවන්න එල්රොන්ඩ් කටයුතු කරනව...

මිත්‍ර පාර්ශවයේ සාමාජිකයන්...

1.Lorien හි හමුදාවක්...
2. Elrond යටතේ හමුදාවක්...
3. Gil-Galad ගේ අණ යටතේ High Elf හමුදාවක්...
4. Elendil, Isildur සහ Anarion යටතේ Arnor සහ Gondor ඒකාබද්ධ හමුදාව...
5. Oropher සහ Thranduil යටතේ Mirkwood වල හමුදාවක්...
6. Dain IV යටතේ කුරුමිටි හමුදාවක්...

කොහොම හරි මේ යුද්දෙ ඉවර වෙනකොට ගිල් ගැලඩ්, එලෙන්දිල් සහ අනරියොන් තුන් දෙනාව සෞරොන් මරනව...ඊට පස්සෙ ඉසිල්දූර්, එලෙන්දිල් රජුගෙ කඩුව අරන් සෞරොන් ගෙ මුද්ද තියෙන ඇඟිල්ල කපල සෞරොන් ව පරාද කරනව...මුද්ද විනාශ කරන්න අවස්ථාවක් තිබ්බත් ඉසිල්දූර් බල මුද්ද තියාගෙන ගොන්ඩෝරයෙහි රජ වෙනව...

තුන් වෙනි යුගේ 109 දි එල්රොන්ඩ්, කෙලෙබ්‍රියන් ව බඳිනව...ඉන් වසර දහයකට පමණ පසු Elladan හා Elrohir කියල නිවුන්නු දෙන්නෙක් හම්බෙනව...ඊට පස්සෙ 141 දි Arwen හම්බෙනව...ඒත් 1249 වසරෙදි තම මව ගැලෑඩ්‍රියෙල්ව බැහැ දැකිමට ගිය කෙලෙබ්‍රියන්ව ඕර්කයන් විසින් පැහැරගෙන ගොස් වද දෙනව...ඇගේ පුතුන් දෙදෙනා ඇයව බේරාගෙන පැමිණියට පසු එල්රොන්ඩ් විසින් ඇයව සුව කෙරුවත් ඇයට මධ්‍යම පෘථිවියෙ ජීවිතය පිලිබඳ කලකිරීම නිසා ඇය ස්වකැමැත්තෙන් ජීවිතය අත හරිනව...

ඊට පස්සෙ එල්රොන්ඩ් තීරණේ කරනව ඉසිදූර් ගෙ පෙලපතේ උරුමකරුවන්ට ආරක්ෂාව සපයන්න...මෙයාගෙ පුතාල දෙන්න ගොඩක්ම හිටියෙ ඩූන්ඩයින් ජනතාව එක්ක ඕර්කයන්ට විරුද්ධව සටන් කරමින්, Isildur ගෙ පෙලපත ආරක්ෂා කරගන්න උදව් කරමින්...

2931 දි Arathorn II රජතුමාගෙ පුතා Aragorn II ඉපදෙනව...2933 දි ඇරතොර්න් රජතුමා මැරුනට පස්සෙ ඇරගොර්න්ව මව විසින් රිවන්ඩෙල් වෙත රැගෙන යනව...එහෙදි එල්රොන්ඩ් ඇරගොර්න් ව Estel (බලාපොරොත්තුව) කියල නම් කරනව...ඇරගොර්න් හට අවුරුදු 20ක් වෙනකොට එල්රොන්ඩ් ඇරගොර්න් ට තම සත්‍ය අනන්‍යතාව හෙලිදරව් කරල ගෝන්ඩෝරයෙහි රජකම ලබාගන්න පොලඹවනව...

තෙවන යුගයේ අවසානයේදී සෞරොන්ව පරාද කරල ඇරගොර්න් රජ උනාට පස්සෙ, එල්රොන්ඩ් තම දියණිය අර්වෙන් ඇරගොර්න් ට විවාහ කරල දිල මධ්‍යම පෘථිවිය අත හැර Aman(Undying land) වෙතට යනවා.

_-_Er Murazor_-_
!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!

No comments:

Post a Comment