The King: Eternal Monarch - සදාතනික රජු (2020) - TV Series මංසල

අලුත් පරණ TV Series ගැන තොරතුරු සිංහලෙන් දැන ගන්න එන්න අපේ බ්ලොග් එකට.

Advertisement

Latest

Monday, July 6, 2020

The King: Eternal Monarch - සදාතනික රජු (2020)


කොහොමද හැමෝටම, ඔන්න අද අරං ආවා මේ අවුරුද්දේ ආපු සුපිරිම k-drama එකක් ගැන විස්තරයක්. කාට හරි ඕනේ නම් කියන්න පුළුවන් මේක මෙලෝම රහක් නැති තවත් රැවුල නැති උන් ඉන්න මල මගුලක් කියලා. ඒත් නිකමට ගිහින් ට්‍රේලර් එක බලල ඇවිත් මේ පොස්ට් එක කියවන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. වැඩිය අටුවා ටීකා ඕනේ නැහැ අපි එහෙනම් විස්තර පැත්තට එහෙම යමු.

මේක දකුණු කොරියාවේ දැනට වැඩිම වියදමක් දරලා හදපු කතා වලින් එකක්. නිෂ්පාදන පිරිවැය වොන් බිලියන 30 කට ( ඩොලර් මිලියන 25/ රුපියල් බිලියන 4) කිට්ටුයි. කාට හරි "මගේ අම්ම්හෝ" කියවුනා නම් භය වෙන්න කාරී නැහැ ඒ වුනත් ඒක තමයි ඇත්ත. ලංකාවේ අඩුම තරමේ ෆිල්ම් එකක්වත් මෙච්චර වියදම් කරලා හදන්නේ නැහැ. කොහොම නමුත් game of thrones වගේ බටහිර රටක නිෂ්පාදනය වුනු මුළු කතා මාලවටම ඩොලර් බිලියන් 1.5 විතර වියදම් වුණු එකේ මේක සුළු මුදලක්. ඒක නිසා වැඩිය හිතන්න එපා. imdb මීටරේ 8.5 කරකවන්න සමත් වෙලා තියනවා, ඒ වගේම ගූගල් පරිශීලකයන්ගේ 97% ප්‍රසාදය වගේම AsianWiki වෙබ් අඩවිය මගින් 85% රේටින්ග් ප්‍රම්නයකුත් ලබා ගන්න මේ කතාව සමත් වෙලා තියනවා. ඩොලර් මිලියන 25 වියදම් කරලා හදපු මේ කතා මාලාව කොරියාවේ හිතපු තරම් ජනප්‍රිය වුනේ නැහැයි කියලත් ගොඩක් කට්ටිය මෙහි නිෂ්පාදකයන්ට බැනලා තියනවා. බලන කට්ටිය ඉතින් හිතනවා වගේම "අපිට පාන්ද?" වගේ තමයි. කොහොම නමුත් කොරියාවේ මෙහෙම වුනාට GMA News Online,  South China Morning Post යන මීඩියා ආයතන තුනට අනුව netfilix හී වැඩියෙන්ම නරඹලා තිබෙන කතා මාලාවල් 10 අතරට බොහෝ ආසියානු රටවල ප්‍රේක්ෂක ජනතාව මෙම කතාව එහි පෙන්වනවාත් සමඟම පත් කරලා තිබෙනවා. ඉතින් තමන්ගේ රටේ මහා ලොකුවට ප්‍රසිද්ධ නොවුණු දෙයක් තමන්ගේ රටේ මුහුදෙන් එහා රටවල අතිශය සුපිරි විදිහට ජනප්‍රියත්වයට පත් වෙලා තියනවා.

ඉතින් මේ කතාව රූපවාහිනී තිරයට එන්නට පෙර මෙය රචනා කරලා තියෙන්නේ Kim Eun Sook නමැති රචිකාවිය. මෙයාම තමයි Lovers in Paris (2004), On Air (2008), Secret Garden (2010), A Gentleman's Dignity (2012), The Heirs (2013), Descendants of the Sun (2016), Guardian: The Lonely and Great God (2016–2017)/ [The Goblin], Mr. Sunshine (2018) යන කතා සියල්ලක්මත් රචනා කරලා තියෙන්නේ. ඔයා හොඳ කොරියානු කතා රසිකයෙක් හෝ රසිකාවියක් නම් අනිවා මේ කතා වලින් වැඩි හරියක් මේ වෙනකොටත් නරඹලා ඇති. ප්‍රධාන නළුවාට ඉන්නේ ගොඩාක් කට්ටිය දන්නා ලී-මින්-හෝ.(ගුජුන්පියෝ තමා) ඉතින් එයා රඟ පාන the legend of the blue sea කතාවෙන් පසුව තමන්ගේ අනිවාර්ය හමුදා සේවයට ගොස් අවුරුදු දෙකකට පසුව රඟ පාන පළමු කතා මාලාව තමයි මේක. ඒ වගේම නිලියට රඟ පාන්නේ The Goblin  කතා මාලවේ, memories of the swords චිත්‍රපටියේ රංගනයෙන් දායක වන කිම්-ගෝ-එයුන් විසින්. Fantasy, Mystery, Romance යන කැටගරි වලට මේ කතාව අයත් වෙනවා. ඒ වගේම sbs නාලිකාව මගින් දකුණු කොරියවෙත් නෙට්ෆ්ලික්ස් හරහා ලොව පුරාවටත් මේ කතාව විකාශය වුණා. 

විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍ය කාරණා දෙක තුනක්ම මේ කතාවේ විශේෂයෙන්ම අපිට තියනවා. Cinematography එහෙම නැත්නම් සිනමාකරණය අතින් ඉතාමත් ඉහලින්ම තියන කතාවක් කියලා මට නිකන්ම කියන්න පුලුවන්. ඒ වගේම යොදා ගෙන තිබෙන සංගීතය නිසා ප්‍රේක්ෂකයාගේ හැඟීම් උත්පාදනය කිරීම විශ්සිට අන්දමින් තියනවා. අනිත් එක තමා plot එක. ඒ වගේම රඟ පාන නළු නිළියන්ගේ රංගන හැකියාව නිසා කතාව සාර්ථක වෙලා තිබෙන බව හොඳට පේනවා. මොකද කීවොත් කතාව තුල නළු නිළියන්ට(දෙතුන් දෙනෙක් හැරුනහම) වෙනස් විදිහේ චරිත දෙකක් රඟ පාන්න සිදු වුණු එක. මෙයිනුත් ප්‍රධාන නිළිය වෙන කිම් ගෝ එයුන් ගේ රඟපෑම නම් සුපිරියි කියන්න පුළුවන් මට්ටමක තියනවා.

කතාව ගත්තොත් කතාව දිව යන්නේ කාලය සහ මානයන් යන සිද්ධාන්ත සහ තවමත් 100% ස්ථීර නොවුණු සාධක මත. අපි කතාව පැත්තට යන්න කලින් මුලින්ම කියන්න ඕන දේවල් ටිකක් කියලම මම පටන් ගන්නම්. කතාව බලන කොටත් ඔයලාට මේ තොරතුරු ගැන කුතුහලයක් වගේම දේවල් තේරුම් ගැනීමේ පහසුව සඳහා මේවා වැදගත් වෙයි.

1919 පමණ විතර වෙනකොට කොරියානු රාජධානිය ජපානය විසින් යටත් කර ගන්නවා. ඇත්තටම කිව්වොත් 1910 තමයි කොරියාවේ කොටසක් ජපානය විසින් අල්ලාගෙන පස්සේ මුළු කොරියාවම 1919-1920 වෙනකොට ජපානය සම්පූර්ණයෙන්ම යටත් විජිතයක් කර ගන්නවා. එතැන් ඉඳන් 1910 ඉඳන් 1945 වෙනකම් කොරියාව(උතුරු සහ දකුණු දෙකම) පාලනය කරේ ජපානය විසින්. පස්සේ දෙවෙනි ලෝක යුද්ධය අවසානයේ රුසියාව නැත්නම් සෝවියට් හමුදාව කොරියාවේ උතුරු දෙසටත් ඇමරිකාව දකුණු දෙසටත් ගිහින් කොරියාව ජපානයෙන් මුදවා ගන්නවා. පස්සේ ඉතින් මේ දෙක මෙහෙම මිල්ටරි කාලප දෙකකට බෙදුනා. ඔවුන් දෙගොල්ලොම හිතාගෙන හිටියේ එක්ස්ටැහැ කොරියාවක් බිහි කරන්න ටික කාලයකට පස්සේ. කොහොම නමුත් දේශපාලනික බල බෙදීම් යාටතේ ඒක එහෙම නොවී 1948 දී උතුරු කොරියාව සහ දකුණු කොරියාව කියලා මේ ක් රටවල් දෙකකට බෙදුණා. ඒ වගේම ඔයාලා දන්නවත් ඇති 1948-1953 වෙනකම් වගේ රටවල් දෙක අතර යුද්ධයක් පැවතුනා අති විශාල ලෙස. [මේක ගැන වැඩිය කියන්න යන්නේ නැහැ. රෝර් අඩවිය විසින් මේක ගැන හොඳ ලිපියක් පලකරලා තියනවා.]




කලින් කිව්වත් වගේ කතාව යන්නේ කාලය හරහා යාමක් සහ මානයන් හරහා නැත්නම් අපි දන්නවනේ සමාන්තර ලෝක ගන. ඔයාලා spellbinders එහෙම බැලුවා නම් හොඳට තේරෙයි මේක ගැන. ඉතින් මේකෙත් අන්න ඒ වගේ සමාන්තර ලෝක දෙකක් වටා තමයි කතාව යන්නේ.(තව තියනවා හොඳේ. කතාව් යන්නේ මේ ලෝක දෙක වටා විතරයි). ඉතින් එකක් කොරියානු ජනරජය [Republic Of Korea]. අනිත් එක තමයි කොරියානු/කොර්යා රාජධානිය [Kingdom Of Corea]. හෑ? කියලා අහන්න එපා මොකද ඔයාලා දන්නවත් වගේ 1920 දේ කොරියානු රාජධානිය බිඳ වැටිලා ජපානය විසින් අත්පත් කරගෙන නැහැ මේ සමාන්තර ලෝකෙදි. ඉතින් එතන ඉඳන් ඉදිරියට කොරියානු රාජධානිය තිබ්බා නම් මොකක් වෙලා තියෙයිද යන්න වගේ දෙයක් ගැන අදහසකුත් මේ කතාව බලද්දී ගන්න පුළුවන්. ඉතින් රාජධානියකට ඉන්නවා රජෙක්. අපේ වර්තාම්න්යේ රජතුමා නැත්නම් කතාවේ ප්‍රධාන නළුවා වෙන්නෙත් මෙයාම තමා. ඒ තමා ලී-ගොන් රජතුමා. මෙයාට රජකම හම්ඹ වෙන්නේ මෙයාගේ පියාගේ අවාසනාවන්ත මරණයත් එක්කමයි, ඉතාමත් පොඩි වයසේදී. ඉතින් මේ කොරියා රාජධානියේ රජ පෙළපත සතුව ඉතා වටිනා බටනළාවක් තියනවා. මේකේ නම තමයි "මන්පසික්ජොක්". මේක ඉතාමත් බලගතු බට නලාවක්. මේ බටනලාව එයාලට හම්ඹ වෙලා තියෙන්නේ එයාලගේ දෙවියන් විසින් බොහොම කාලයට ඉහතදී. කොහොම නමුත් මේකේ බලය පාවිච්චි කරලා කාලය හරහා යන්න, ඒ වගේම සමාන්තර ලෝක වලට යන්න වගේ ගොඩක් දේවල් කරන්නත්, අවශ්‍ය නම් තමන්ගේ වයසට යෑමේ සීමාව අඩු කර ගන්නත් පුළුවන්. ඉතින් මේ බට නලාව අවශ්‍යය වෙලා කුමන්ත්‍රණයක් මගින් ලී ගොන් ගේ පියාව ඔහුගේ සොහ්යුරා විසින් නැත්නම් ලී ගොන් ගේ මාමා විසින් මරා දමනවා. ඔහු තමයි ලී ලිම්. කොහොම නමුත් ලී ගොන් ගේ පිය අහිට්පු රජතුමාව ඝාතනය කර මේ බටනලාව අරං ලී ගොන්ව මරන්න හදන වෙලාවේ එක්තරා කළු ඇඳුමක් ඇඳගත්තු පුද්ගලයෙක් ඇවිත් මේ පුංචි ලී ගොන් රජතුමාව ලී ලිම් ගෙන් බේර ගන්නවා. ඉතින් නැවත ලී ගොන්ව බේර ගෙන අර පුද්ගලයා යන්න හදනකොට ලී ගොන් ගේ අත වැදිලා අර පුද්ගලයාගේ ජැකට් එකෙන් හැඳුනුම්පත්ක වැටෙනවා. ඒ වැටෙන හැඳුනුම්පත අයිති කෙනා තමයි කොරියානු ජනරජයේ පොලිසියේ ලුතිනන් කෙනෙක් වෙන ජන්ග්-ටේ-වුල් අපේ ප්‍රධාන නිළිය වෙන්නේ. මේ කුමන්ත්‍රණය සිද්ද වෙන්නේ කොරියානු රාජධානියේ 1994 අවුරුද්දේ. ඒත් අර වැටුණු හැඳුනුම් පතේ තියෙන්නේ ඒක අර ගත්තු දවස විදිහට 2020 කියලා. පුදුමයි නේද? යේ පොඩ්ඩක් රිවර්ස් එකට ගියොත් මේ ලී ලිම් බට නලාව ගන්න ආවට පොඩි ලී ගොන් කුමාරයා ඒක එයාට කරන්න දෙන්නේ නැහැ. බිම වැටිලා තිබ්බ අසිපත අරගෙන ලී ලිම්ට අනින්න යද්දී බට නලාව දෙකට කැපිලා වැටෙනවා. මේ වෙලාවේදී ලී ලිම් විසින් ලී ගොන්ව මරන්න් යද්දී තමයි අර කළු ඇඳුමක් ඇඳගත්තු පුද්ගලයා එන්නේ. කොහොම හරි වෙඩි හුවමාරුවකින් පස්සේ ලී ලිම් යනවා වනාන්තරයක් දෙසට, ඒක උණබට වනාන්තරයක්. දැන් ලී ලිම් අතේ තියෙන්නේ බටනලාවෙන් එක කෑල්ලක් විතරයි. කොහොම වුනත් එක පාරටම හුලංගෙ වේගය නැවතිලා එක පාරටම දොරටුවක් මතු වෙනවා. අන්න ඔය වෙලාවේ විශාලා සිද්දි දාමයක් පටන් ගන්නවාත් එකක්ම ලී ලිම් දොරටුව හරහා කොරියා ජනරජයට එනවා. ඇයි මේ ලී ලිම් මෙහාට එන්නේ? අර කළු ඇඳගත්තු කෙනා කවුද? ජන්ග් ටේ වුල් ව සම්බන්ද වෙන්නේ කොහොමද?......

ඉතින් කතාවේ තිබෙන මේ තියන බටනලා සිද්දිය ඇරෙන්න, අනිත් ඔක්කොම දේවල් හිතන්න තියන හොඳ වැදගත් කාරණා කියලා මම හිතනවා. කාලය, සහ මානයන් ගැන ඔයාල කලින් බලපු දේවලුත් එක්ක මේ කතාවත් ටිකක් සම්බන්ධ කරලා බලන්න. ඉතාමත් ලස්සන love story එකක් පාවා මේ කතාවේ යනවා. ඉතින් කම්මැලි නැතුව හොඳට enjoy කරන්න පුළුවන් කතා මාලාවක්. එන්න හැමෝටම මේක බලල රසවිඳින්න කියලා ආරධන කරනවා. ඒ වගේම සිංහල උපසිරසි බයිස්කෝප් වෙබ් අඩවියෙන් ලබා අගන්න පුළුවන් කියලත් කියනවා. එහෙනම් ගිහින් එන්නම් නැවතත් අපි මේ වගේම පොස්ටුවකින් හමු වෙන තුරු ඔයාලා හැමෝටම ජය වේවා.





 _-_සහන් සුලක්ඛන_-_
!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!

No comments:

Post a Comment