Chilling Adventures of Sabrina - සබ්‍රිනාගේ ක්‍රියාදාම (2018-2020) - TV Series මංසල

අලුත් පරණ TV Series ගැන තොරතුරු සිංහලෙන් දැන ගන්න එන්න අපේ බ්ලොග් එකට.

Advertisement

Latest

Sunday, August 30, 2020

Chilling Adventures of Sabrina - සබ්‍රිනාගේ ක්‍රියාදාම (2018-2020)


කොහොමද එහෙනම් හැමෝමටම, ඔන්න පොරොන්දු වුනු විදිහට මට Chilling Adventures of Sabrina කතාවේ පොඩි රිවිව් එකක් ගේන්න පුළුවන් වුණා. පටන් ගන්නකොටම කියන්න ඕනේ චැඩ්වික් බොස්මන් නොහොත් Black Panther නළුවාට සාමයේ සැතපෙන්න කියලා කියනගමන් අපි විස්තර පැත්තට යමු. සාතන් කිව්වහම කවුද නොදන්නේ නේද? අපිට සාතන් ව ලුසිෆර් මොනින්ස්ටාර් විදිහටත් හඳුන්වා දෙන්න පුළුවන්. කොහොම නමුත් මේ කතාව නම් එයා ගැන නෙවෙයි. එයාගේ දුව ගැනයි. මුලින්ම කියන්න ඕනේ සුපර්නැචුරල්, ලුසිෆර් වගේ කතා වල ඉන්න ලුසිෆර් නැත්නම් සාතන්ව, මේ කතාවේ කෙනා එක්ක පටලාවාගෙන එයාට දුවෙක් ඉන්නවද නැද්ද කියන එක ගැන වද වෙන්න එපා කියලා. මේ කතාව අනුව එහෙම ඉන්නවා. හොඳයි ඇත්තටම කවුද මේ සබ්‍රිනා?


මේ සබ්‍රිනා කතාව හාදලා තියෙන්නේ මේ  Chilling Adventures of Sabrina කියන නමම තියන කොමික් පොත් සීරිස් එකකින්. Archie Comics ලා විසින් තමයි 1962 විතර මේ කතාව නිකුත් කරේ. ඉතින් මේ කොමික් එකටම Sabrina the Teenage Witch කියලත් කියනවා. 2014 දී තමයි අර විදිහට නම වෙනස් කරලා තියෙන්නේ. කොහොම නමුත් පස්සේ netflix ආයතනය විසින් මේකෙන් කතාවක් ගහනවා. මේක ඇමරිකන් වෙබ් සීරිස් එකක්. ඒ වගේම මේක drama, fantasy, horror යන කාණ්ඩ වලට අයත් වෙනවා. මේ සීරිස් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ  Warner Bros. Television ආයතනය විසින්. ඒ වගේම මේ කතාව developed කරලා තියෙන්නේ Roberto Aguirre-Sacasa විසින්. 


මේ කතාව මුළුමනින්ම යන්නේ මේ තරුණ සබ්‍රිනා කියන ගෑනු ළමයා වටා. මෙයා අර්ධමායකාරියක්, ඒ වගේම අර්ධ මනුෂයෙක් වෙනවා. ඔයාලා දන්නවා ක්‍රිස්තියානි කතෝලික අය නම් දෙවියන්ට වඳිනවා. ඒ වගේම කුරුසයට ගෞරව දක්වනවා. මේකේ ඉන්න මායාකාරියන් වන්දනාමාන කරන්නේ යක්ෂයාට නැත්නම් ලුසිෆර්ට. ඉතින් එයාලා කුරුසය අනිත් පැත්ත හරවලා තමයි ඒවාට වන්දනාමාන කරන්නේ. ඒ වගේම එයාලගේ දේවස්ථානයට කියන්නේ රාත්‍රී දේවස්තානය නැත්නම් Church Of Night කියලා. ක්‍රිස්තියානි කට්ටිය පාප් වහන්සේට ගරු කරනවා වගේ මෙයාලට ඉන්නේ ප්‍රති-පාප් වහන්සේ කෙනෙක් නැත්නම් Anti - Pope කියලා. හිතා ගන්නකො ඔක්කොම වගේ අනිත් පැත්ත කියලා. ඉතින් මේ සබ්රිනා සාමාන්‍ය පරිදි පාසල් එහෙම යනවා ඉතින් මෙයාගේ ජීවිතය වෙනස් වෙන්න ගන්නේ එයා යක්ෂයාගේ පොතේ අත්සන් තබන්න අවස්තාව එනකොට තමා. මේ විස්තර ගැන මම වෙනම පොස්ට් වලින් අරගෙන එන්නම්. කොහොම නමුත් අපි අඳුර ගන්න ඕන චරිත කිහිපයක් තියනවා මේ කතාවේදී. නිකලස් (සබ්‍රිනාගේ කොල්ලා වර්තමාන), ඇම්බ්‍රෝස් ස්පෙල්මන් (සබ්රිනගේ ඥාති සහෝදරයා) හිල්ඩා සහ සෙල්ඩා (සබ්‍රිනා ගේ නැන්දලා දෙන්නා). කොහොම හරි පොඩි කාලෙදී සබ්‍රිනාගේ අම්මයි තාත්තයි පොඩි කාලේ ගුවන් අනතුරකින් නැති වෙලා තියනවා. එයාගේ අම්මා මනුෂයෙක් ඒ වගේ තාත්තා මායාකාරයෙක්. කොහොම හරි පැරණි කාලයේ පටන්ම මිනිසුන් විසින් සාතන් සමඟ ඇති කර ගත්තා වූ ගිවිසුම් මගින් තමයි මෙයාලට මේ මායා බලයන් ලැබිලා තියෙන්නේ. ඉතින් නිසි කාලය ආවහම එයාට සේවය කරන ලෙස අත්සන් ගැනීමක් විදිහට තමයි යක්ෂයාගේ පොත නැත්නම් Book Of Beast ලේ වලින් අත්සන් කරන්න ඕනේ. ඒ වගේම මේ සබ්‍රිනාගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නෙත් මේ පොතේ ඇය අත්සන් කරන්න බැහැ කියන නිසයි. ඉතින් ඇත්තටම මොකක් වෙයිද, ලුසිෆර් ඒක නිසා මෙයාව මරයිද? ඒක මම කියන්න කැමති නැහැ. ඔයාලටම තමයි හොයා ගන්න වෙන්නේ. මේ සිදු වීම් යන්නේ ග්‍රීන්ඩේල් වල. මොකද ග්‍රීන්ඩේල් කියන්නේ බොහොම බලවත් ස්ථානයක් කියලා කියනවා මොකද Fallen Angel නැත්නම් ලුසිෆර්ව වැටුණු තැන විදිහට එතන හඳුන්වන නිසා. ඔයාලා කතාව බලලා නැත්නම් බලාගෙන යනකොට තේරෙයි කොහොමද මේ සබ්රිනා ලුසිෆර්ගේ දුව වෙන්නේ කියලා. මේ මායාකාරියන් ඉක්මනින් වයසට යන්නේ නැහැ. ඒ එයාලාට තියන ලුසිෆර්ගෙන් ලැබුණු මායාබලය නිසා. කොහොම නමුත් මේ එක එක දේවල් වෙනම විස්තර සහිතව මම වෙනම අරගෙන එන්නම්. කතාව බලලා නැති කට්ටිය වෙනුවෙන් වැඩිය දේවල් කියන්නේ නැතුව මෙතනින් නවත්වන්නම්. ඉතින් කතාව හැමෝටම බලන්න මම ආරාධනා කරනවා.


මේ කතාවට 67,000 වගේ රේටින්ග් වලින් imdb හී 7.6 ක් ලබා ගන්න සමත් වෙලා තියනවා. ඒ වගේම ගූගල් පරිශීලකයන්ගෙන් 94% ප්‍රසාදයක් සහ කුණු තක්කාලි දර්ශකය මගින් 84% ලබා ගන්නත් සමත් වෙලා තියනවා.මේ කතාව හදලා තියෙන්නේ Roberto Aguirre-Sacasa සහ Robert Hack විසින්. ඒ වගේම ඒක රචනා කරලා තියෙන්නේ Roberto Aguirre-Sacasa විසින්. දැනට සීසන් තුනක් සමගින් කොටස් 28 විදිහට කතාව ඇවිත් තියනවා. ඒ වගේම තවත් කොටස් අටකින් යුත් season 4 මේ අවුරුද්දේ අග භාගයේදී එන්නට නියමිතයි. ඒ වගේම දුකින් වුනත් කියන්න ඕනේ මේ අවුරුද්දේ සීසන් 4 න් කතාව නවත්වන්න නෙට්ෆ්ලික්ස්ලා තීරනය කරලා තියනවා. කොහොම නමුත් නිෂ්පාදකයන් කියන්නේ එයාලට ලොකු අදහසක් පවා තිබ්බලු මේ කතාව රිවර්ඩේල් කතා මාලාව සමඟ crossover එකක් කරන්න. ගොඩක් කට්ටිය ඒකට නම් සෑහෙන්න ආසාවෙන් හිටියා නමුත් ඒක දැන් සිද්ද වෙන්න තියෙන්නේ ඉතාමත් අඩු ප්‍රතිශතයක්. කොහොම නමුත් රිවර්ඩේල් සහ ග්‍රීන්ඩෙල් කියන්නේ එක ළඟ තියන නගර දෙකක්. කොහොම නමුත් කතාව යන්නේ බයිබල් මිත් මතම පමණක් නොවීම තවත් විශේෂයක්. සෑහෙන්න පරාසයක මිත් ගැන මේකේ කතා කරනවා. ඒ වගේම සීසන් තුන ඉවර කරන්නෙත් ඔලුවට පොල්ලකින් ගහලා වගේ. කොහොම නමුත් ගොඩක් කට්ටිය ආදරයෙන් මේ කතා මාලාව වැළඳ ගත්තා. ඒවගේම සබ්‍රිනාට හිතින් ලව් කරා. එහෙනම් යන්න වෙලාව ඇවිත්. ඉතින් මම හැමෝටම කියනවා මේ කතාව බලන්න කියලා මොකද සෑහෙන්න හොඳ විදිහට නිර්මාණය කරලා තියනවා කියන්න පුළුවන්. ඒ වගේම සම්මාන 18 නිර්දේශ වෙලා එයින් 4 දිනා ගන්නත් මේක සමත් වෙලා තියනවා. රිවර්ඩේල් එක තාමත් යන නිසා අනාගතයේ දී ඒකෙන් හරි මෙයාලව දැක ගන්න පුළුවන් වෙයිද කියලා බලමු. එහෙනම් මම ගියා තවත් පොස්ට් එකකින් මේ වගේම හම්ඹ වෙමු. එහෙනම් මම පහලින් රඟ පාන සෙට් එක දාගෙනම යන්නම්.


  • Kiernan Shipka - Sabrina Spellman
  • Ross Lynch - Ross Lynch
  • Lucy Davis - Lucy Davis
  • Chance Perdomo - Chance Perdomo
  • Michelle Gomez - Michelle Gomez 
  • Jaz Sinclair - Jaz Sinclair
  • Tati Gabrielle - Tati Gabrielle
  • Adeline Rudolph - Adeline Rudolph
  • Richard Coyle - Richard Coyle
  • Miranda Otto - Miranda Otto
  • Lachlan Watson - Lachlan Watson
  • Gavin Leatherwood - Gavin Leatherwood
  • Abigail Cowen - Abigail Cowen




_-_සහන් සුලක්ඛන_-_
!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!

No comments:

Post a Comment