කොහොමද ඉතින් කට්ටියටම. ඔන්න ඉතින් අද මම අරං ආවා ලොව පුරා fantasy රසිකයන් ඉතාමත් ආදරයෙන් වැළඳ ගත්ත කතා මාලාවක් ගැන විස්තරයක්.
ඉතින් මේ කතා මාලාව කතා පොත් 6 කින් යුක්ත වූ The Mortal Instruments කියන කතාව පාදක කරගෙන තමයි නිර්මාණය වුනේ. කොහොම නමුත් 2013 දී The Mortal Instruments: City of Bones කියලා චිත්‍රපටියකුත් මේ පොත් 6 ආශ්‍රයෙන් නිෂ්පාදනය වෙලා තියනවා. කොහොම නමුත් මේ චිත්‍රපටිය සහ මේ කතා මාලාව වන Shadowhunters නැත්නම් A.K.A Shadowhunters: The Mortal Instruments යන කතා ගොඩක්ම කෙටි කරලා තමයි හදලා තියෙන්නේ පොත් වල කතාවට සාපේක්ෂව. ඉතින් මේ කතා පොත් 6 රචිකාවිය නැත්නම් මේ කතා ලිව්ව කෙනා තමයි Cassandra Clare. ඉතින් අපි බලමු මේ පොත් 6 නම් මොනවද කියලා.
මුලින්ම සඳහන් කරත් වගේම The Mortal Instruments කියන්නේ කතා පොත් 6 ක එකතුවක්. මේක young adult fantasy novels කියන කැටගරිය යටතට අයත් වෙන කතා පොතක්. මේ කතා පොත් ටික එළිදක්වපු කාලයන් තමයි 2007 - 2016 වෙනකන්.
1.City of Bones (March 27, 2007)
2.City of Ashes (March 25, 2008)
3.City of Glass (March 23, 2009)
4.City of Fallen Angels (April 5, 2011)
5.City of Lost Souls (May 8, 2012)
*The Shadowhunter's Codex (October 29, 2013)
6.City of Heavenly Fire (May 27, 2014)
*The Bane Chronicles (Print Edition November 11, 2014)
*Tales From the Shadowhunter Academy (Print Edition November 15, 2016)
කතා පොත් ටික වෙන්නේ නම් ඔය ටික තමයි. ඉතින් මේකත් හරි අපූරු බයිබලයේ කතාවන්ට බොහෝ සෙයින් සම්බන්ධව නිර්මාණය කරපු තවත් එක් හොඳම නිර්මාණයක්.
කතාව පැත්තට ගියොත් පලවෙනි වතාවට ඇමරිකාවේ Disney–ABC Domestic Television වෙතින් මුදා හැරලා පසුව ජාත්‍යන්තර වශයෙන් නෙට්ෆ්ලික්ස් ආයතනය මගින් බෙදා හැරලා තියනවා. කතා මාලාව කතා සමයන් 3 කින් ඉවර කරලා තියනවා. ඉතාමත් කුතුහලය පිරුණු කතා මාලාවක් කිව්වොත් නිවැරදියි. ඒ වගේම මේක මීටත් වඩා හොඳ මට්ටමකට ගෙනිහින් තවත් කතා සමයන් 2 ක් විතර ආවනම් කියලත් ඔබට හිතී ඇති ඔබ මේ කතා මාලාව නරඹා අවසන් නම්. කොහොම නමුත් මේ කතා මාලාව දැනට imdb අගය 6.6 ද කුණු තක්කාලි දර්ශකයේ අගය 76% ද, ඒ වගේම ගූගල් පරිශීලකයන්ගෙන් 93% ලබා අගන්න්ත් මේ කතාව සමත් වෙලා තියනවා. මේක ඇමරිකානු supernatural drama television series එකක් නිෂ්පාදනය කරලා තියෙන්නේ Ed Decter විසින් ඒ වගේම drama, fantasy, action, romance යන ශානරයන් යටතට තමයි මේ කතා මාලාව වැටෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ මේ කතා මාලාව සම්මාන 22 කට නිර්දේශ වෙලා එයින් සම්මාන 13 දිනා ගත්තු කතා මාලාවක් බවත්.
අපි මේකේ story එක දිහාට හැරුනොත් ඔයාලා දන්නවා බයිබලයට අනුව රාක්ෂයන්, සුර දූතයන්, දෙවියන් කියන කට්ටියක් ඉන්නවා. ඉතින් මේ කතාව ගොඩක්ම base වෙලා තියෙන්නේ මේ රාක්ෂයන් සහ සුරදූතයන් පදනම් කර ගනිමින්. ඉතින් අපිට shadowhunters නැත්නම් සෙවනැලිදඩයක්කරුවන් දිහා බැලුවොත් ඔවුන්ව නිර්මාණය වෙලා තියෙන්නේ සුර දූත ලේ සහ මනුෂ්‍ය ලේ එකට එකතු වීමෙන්. එතකොට මේකේ ඉන්නවා මායාකරුවන්, වෙයාර්වුල්ෆ්ලා, තව සීලීස් කියලා (සුරංගනාවියෝ) එතකොට වැම්පයර්ලා සහ රාක්ෂයන්. ඉතින් මේ වගේ supernatural ලා ඉන්න ලෝකෙට කියන්නේ සෙවනැලි ලෝකය නැත්නම් shadow world කියලා. ඉතින් shadowhunters ලා කියන්නේ මේ shadow world එක ආරක්ෂා කරන, එහි සිටිනා සත්ත්වයන්ට ආරක්ෂාව සපයන, සෙවනැලි ලෝකය තුල අපරාධ කරන අයව විනාශ කරන සහ මේ සෙවනැලි ලෝකය සාමන්‍ය ජනතාව නැත්නම් කතාවේ කියන හැටියට මන්ඩේන්ස් ලව මේ shadow world එකෙන් ආරක්ෂා කරන කට්ටියට. ඒක තමයි එයාලගේ වගකීම සහ රාජකාරිය වෙන්නේ.
ඉතින් කතා මාලාවේ ප්‍රධානවම යන්නේ මරණීය මෙවලම් තුනක් (mortal instruments) සහ ක්ලැරි ෆෙයාර් කියන තරුණ ගෑනු ළමයා ගැන. ඉතින් ක්ලරි කියලා ගෑනු ළමයෙක් ඉන්නවා. කාලයත් සමඟ මෙයාගේ වයස අවුරුදු 18 වෙනවා. ඉතින් එක පාරටම අමුතු සිදු වීම් ඒ වගේම අමුතු අකුරු(රූන්ස්) මෙයාට පේන්න ගන්නවා. ඉතින් මෙයාට ඉන්නවා හොඳම යාලුවෙක් සයිමන් කියලා. ඉතින් මෙයාලට පොඩි බෑන්ඩ් එකක් තියනවා සිංදු කියන. දවස් මෙයාල යනවා ක්ලබ් එකක් ලඟට මෙයාලගේ සිංදු කියන බෑන්ඩ් එක පුළුල් කරන්න. ඉතින් මෙයා දකිනවා පච්ච වලින් පිරුණු මිනිස්සු ටිකක් තවත් අමුතු කෙනෙක්ට පහර දෙනවා..... ඔන්න ඔතනින් තමයි මෙයාගේ ජීවිතය වෙනස් වෙන්න යන්නේ. මම කතාව තව නම් කියන්නේ නැහැ. ඒ වගේම මම පුළුවන් වුනොත් මේකේ ඉන්න අමුතු කට්ටිය ගැන සහ ඉස්සරහට එන ලිලිත්, අස්මොදියස් වගේ කට්ටිය ගැන වෙනම ලිපි ටිකක් ගේන්නම්. ඒත් පොරොන්දු වෙන්න බැහැ. ඕනේ නම් comment එකක් දාලා තියන්න.
එහෙනම් කට්ටිය හැමෝටම සුබ දවසක්. තවත් මේ වගේ ලිපියකින් හමු වෙනතුරු ඔය හැමෝටම ජය වේවා!
_-_සහන් සුලක්ඛන_-_
!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!

No comments:
Post a Comment