Thranduil:The Elven King - ත්‍රන්ඩුයිල්:එල්ෆ් රජු - TV Series මංසල

අලුත් පරණ TV Series ගැන තොරතුරු සිංහලෙන් දැන ගන්න එන්න අපේ බ්ලොග් එකට.

Advertisement

Latest

Thursday, April 30, 2020

Thranduil:The Elven King - ත්‍රන්ඩුයිල්:එල්ෆ් රජු


🏹 හැඳින්වීම...

නම - Thranduil Oropherion...

වෙනත් නම් - ElvenKing, King of the Forest...

පදවි නාම

  • King of the Woodland Realm...
  • King of the Mirwood...
  • King of the Wood Elves...
  • King of the Elves...

භාෂාවන් - Silvan, Sindarin, Westron...

උපත - පලමු යුගයේ 507 ට පෙර...

පාලන කාලය - දෙවන යුගයේ 3434 සිට...

දෙමාපියන් -

පියා : Oropher 
මව : නොදනී...

දරුවන් : Legolas Greenleaf / Legolas Thranduilion...

වයස : 7300+ (තෙ. යු. 3019 වන විට)

Thranduil, The Elven King Doriath හි ජීවත් වූ Sindarin සුරයෙක් වන අතර Mirkwood හි සිටි Silvan සුරයන්ගේ රජු විය...ඔහු Oropher නම් Sindar රදලවරයාගේ පුත් වූ අතර Legolas ගේ පියා විය...

🏹 පෙර ඉතිහාසය...

Thranduil ඔහුගේ පෙර දිවිය ගෙව්වේ Doriath හි වූ අතර ඔහු Lathrim (Berelian හි ජීවත් වූ Sindar සුරයන්) කෙනෙකු විය...Bereliand හි බිඳ වැටීමෙන් පසු බොහෝ Noldorin සහ Sindarin වරුන් Lindon වෙත පැනගියහ...Valar වරුන් මෙම සුරයන්ට නැවතත් Aman වෙත ආරාධනා කල අතර බොහෝ අය එය ප්‍රතික්ෂේප කර Lindonහිම රැඳී සිටියහ...

බොහෝ Sindar වරුන් Lindon අත හැර නැගෙනහිර දෙසට ගමන් කරන්නට විය (දෙ. යු 1000ට පෙර). මෙලෙස ප්‍රථමයෙන්ම පිටත් ව ගියේ Thranduil සහ ඔහුගේ පියාය...ඔවුන් දෙ. යු. 750 පමණ වන විට Greenwood වනය (Mirkwood) වෙතට ඇතුලු විය...ඔවුන් එහි යන විට එම වනාන්තරය තුල Silvan සුරයන් ජීවත් වූ අතර ඔවුන් Oropher ව තම රජු බවට පත් කර ගත්හ...

3434 දී Sauron ට එරෙහිව පැවති අවසන් මිත්‍ර පාර්ශ්වයේ සටනට Thranduil සහ Oropher විශාල හමුදාවක් සමඟ එකතු විය...Gil Galad අධි රජුගේ අණ ලැබීමට පෙර Oropher Mordor වෙත ප්‍රහාරයක් දියත් කල අතර Dargolad හිදී ඔහුව ඝාතනය කරන ලදී...Thranduil එම සටනින් බේරුණ නමුත් යුද්ධය අවසාන වන විට ඔහුගේ ජනතාවගෙන් තුනෙන් දෙකක් පමණ මිය ගොස් තිබිණි...3441 දී සෞරොන් පරාජය වීමත් සමඟ ඔහුගේ ජනතාව රැගෙන නැවතත් වන රාජධානියට ගිය ඔහු එහිදී රජි ලෙස ඔටුණු පැලඳීය...

🏹 තෙවන යුගය...

Necromancer ලෙස වෙස්වලාගෙන Sauron නැවත පැමිණීමත් සමඟ දකුණු Greenwood වනය පුරා අඳුර සහ භීතිය වඩාත් දරුණු ලෙඩ පැතිරෙන්නට පටන් ගැණිනි...යෝධ මකුළුවන් වැනි භයානක ජීවීන් වනය තුල වැඩෙන්නට පටන් ගැනීමත් සමඟ එය Mirkwood ලෙස හඳුවන්නට පටන් ගැණිනි...Thranduil ගෙ ජනතාව වනයේ උතුරු දෙසට පසුබැස්ස අතර මහා ගංගාව අසල ඔවුන්ගේ නව රාජධානිය ස්ථාපිත කෙරිණි...ත්‍රන්දුයිල් ඔහුගේ ශාලා භූගතව ඉදිකල අතර ඒවා Doriath හි Elu Thingol ගේ ශාලාවන්ට ඉතා සමාන ලෙස නිර්මාණය කලේය...

තෙ. යු. 3941 වසරේදී Thranduil තම වැසියන් කීප දෙනෙක් සමඟ වනයෙහි සැරසරමින් සිටි අතර කුඩා කුරුමිටි කණ්ඩායමක් විසින් ඔවුන්ට කීප වරක්ම බාධා එල්ල විය...තෙවන වර බාධාකිරීමෙන් පාසුව ඔවුන්ව සුරයන් විසින් අල්ලගෙන Thranduil වෙතට රැගෙන ගිය අතර එහිදී Thorin ගෙන් ප්‍රශ්න කරන්නට විය...නමුත් ඔහු Thranduil හට ඔවුන් වනයේ සැරිසරන සත්‍ය හේතුව පැවසුවේ නැත...එම නිසා අනවසරයෙන් තම වනයේ සැරිසරමින් තම ජනයාට බාධා කිරීමේ වරදට ඔවුන්ව සිරගත කලේය...කෙසේ නමුත් Bilbo Baggins ගේ උදව්වෙන් ඔවුන්ට එතනින් පැනගැනීමට හැකි විය...

🏹 The Battle of Five Armies

කුරුමිට්ටන්ගේ පලායාමෙන් පසු ඔවුන්ගේ ගමන පිලිබඳව Thranduil හට දැනගැනීමට ලැබුණි...ඔහු සිතුවේ කුරුමිට්ටන් හට මකරාව ඝාතනය කිරීමට නොහැකියි කියාය...පසුව Smaug මකරා ඝාතනය වී ඇති බව ඔහුට පණිවිඩකරුවන් මගින් (කුරුල්ලන් ඇතුලුව) ආරංචි විය (Lake Town විනාශ වී ඇති බවත්)...

මකරාට විශාල ධනයක් හිමිව තිබූබව ඔහු දැනසිටියේය...මකරා සමඟ කුරුමිට්ටන්ද මිය ගොස් ඇතැයි සිතූ ඔහු Erebor තුල තිබූ නිධානයෙන් කොටසක් ලබා ගැනීමට හමුදාවක්ද සමඟ හුදෙකලා කන්ද (Lonley Mountain) වෙතට ගියේය...අතර මගදී ඔවුන් හට Bard ගෙ පණිවිඩකරුවෙකු හමු වූ අතර ඔහු තම විනාශ වූ නගරය වෙනුවෙන් Thranduil ගෙන් උදව් ඉල්ලා සිටියේය...ඔවුන් බොහෝ කලක් තිස්සේ වන සුරයන්ගෙ මිතුරන් වූ හෙයින් Thranduil Lake Town හි වැසියන්ට උපකාර ලබා දී ඉදිරියේ එමින් තිබූ ශීත කාලයට එරෙහිව ශක්තිමත් වීම සඳහා පැල්පත් ද සාදා දෙනු ලැබුණි...කීප දිනකට පසු Thranduil සහ Bard තම ජනතාව රැගෙන හුදෙකලා කන්ද වෙත ගිය අතර කුරුමිට්ටන් ජීවත් වී සිටින බව දැක පුදුමයට පත් විය...

Lake Town වැසියන් සමඟ කිසි නිධානයක් බෙදා නොගන්නා බවට කෙරූ තොරින්ගේ සන්නද්ධ තර්ජන නිසා Thranduil සහ Bard කන්ද වටලාගත්හ...කිහිප දිනකට පසු Dain II Ironfoot විසින් තොරින් වෙත අමතර සේනාවක් රැගෙන පැමිණියේය...නමුත් ඔහුගේ පැමිණීමට දින දෙකකට පෙර Bilbo Arkenstone මාණික්‍ය රැගෙනවිත් Thranduil දී Thorin සමඟ නැවතත් සාකච්ඡා කර බලන ලෙස ඉල්ලා සිටියේය...Bilbo ගේ ක්‍රියාව පිලිබඳ පුදුම වූ Thranduil, Thorin ගේ කෝපයෙක් ආරක්ෂා වීම සඳහා ඔහුට නවතින්නැයි පැවසුවත් Bilbo නැවතත් ඔහුගේ මිතුරන් වෙතටම ගියේය...පසුදා උදෑසන Bard සහ Thranduil කෝපයට පත් තෝරින් සමඟ සාකච්ඡා ආරම්භ කළ අතර ඔහු මැණික වෙනුවෙන් නිධානයෙන් දහහතරෙන් කොටසක් ගෙවීමට එකඟ විය...රත්‍රන් වෙනුවෙන් යුද්ධයක් ආරම්භ කිරීමට Thranduil අකමැති වුවද, ඊළඟ දවසේ ඩේන්ගේ හමුදා පැමිණි විට, ආකෙන්ස්ටෝන් සඳහා හුවමාරුව කිරීමට පෙර කුරුමිට්ටන් ප්‍රහාර එල්ල කළහ...

සුරයන්, මිනිසුන් සහ කුරුමිට්ටන් අතර සටනක් ඇති වූ එම මොහොතේදී Bolg (Son of Azog) යටතේ මිහිදුම් කඳුකරයේ සහ අළු කඳුකරයේ සිටි විශාල ඕර්ක් හමුදාවක් ඔවුන් වෙත පැමිණෙන්නට විය...පසුව Gandalf යටතේ පැවැත් වූ කවුන්සිලයකදි ඕර්කයන් සියල්ලන්ගේම සතුරන් බවට පාලකයන් තිදෙනාම (Thranduil, Bard, Dain) එකඟ විය...ඒ අනුව පස් හමුදා යුද්ධය ආරම්භ විය; "එක් පැත්තක ඕර්කයන් (ගොබ්ලින්) සහ වන වෘකයන් වූ අතර, අනෙක් පැත්තෙහි සුරයන්, මිනිසුන් සහ කුරුමිට්ටන් විය"...Thranduil ගේ හමුදාව කන්දෙහි දකුණු පැත්තේ ස්ථානගත කර අතර, ඔවුන් මුලින්ම පහරදුනි...බොහෝ සුරයන් සහ මිත්‍රපක්ෂයේ සෙබලුන් ඝාතනය වූ අතර Beorn රාජාලීන් සමඟ පැමිණෙන විට තත්වය දරුණු වී තිබුනි...

Thorin සටනෙන් පසුව මිය ගිය අතර Thranduil විසින් Orcrist අසිපත ඔහුගේ සොහොනෙහි තැන්පත් කෙරිණි...Thranduil, Dain සහ Bard කන්දෙහි තිබූ ධනය බෙදාගත් අතර Bard විසින් ත්‍රන්දුයිල් ට Girion (Bard ට පෙර Dale හි අවසන් පාලකයා) ගේ මරකත මාලය පිරිනමන ලදී...Gandalf සහ Bilbo Thranduil ගෙන් සමුගත් මොහොතේදී Bilbo ඔහුට රිදී සහ මුතු වලින් නිමකල මාලයක් තිලිණ කලේය...Thranduil ඔහුට Elf-Friend (මිනිසුන් අතර සිටින, සුරයන් විසින් විශේෂ සත්කාරයන් සහ සන්ධනයන් ලැබිය යුතු අය ලෙස හඳුනාගන්නා සංකේතයකි) ලෙස නම් කර ඔහුගේ ඉතිරි වූ ජනතාවද රැගෙන නැවත් Mirkwood බලා පිටත් විය...

🏹 War of the Ring

තෙවන යුගයේ 3018 මාර්තු 21 වන දින Aragorn සහ Gandalf විසින් ගොලම් ව Thranduil ගේ සිරකරුවෙකු ලෙස රැගෙන ආහ (නමුත් ජූනි මාසයේදී ගොලම් පැනගත්තේය)...Thranduil විසින් එම පුවත තම පුතා අතේ Elrond වෙත යැවූ අතර Elrond ගේ කවුන්සිලයේදී ඔහුව මුදුවේ සන්ධනයෙහි සමාජිකයන් නමයෙන් අයෙක් ලෙස නම් කරනු ලැබිණි...එම සංගමයේ Thranduil විසින් Thorin සමඟ සිර කරන ලද Gloin ගේ පුත් Gimli ද විය...Legolas සහ Gimli අතර ඇති වූ මිත්‍රත්වය Thranduil ගෙ ජනතාව සහ කුරුමිට්ටන් අතර පෙර නොවූ විරූ සංහිඳියාවක් ඇති කිරීමට ඉවහල් වුනි...

3019 මාර්තු 15 වන දින Dol Guldur හි සෞරොන්ගෙ සේනාවන් Thranduil ව ආක්‍රමණය කරනු ලැබිණි...එම දීර්ග සටනින් Mirkwood සැලකිය යුතු තරමින් විනාශ උනත් Thranduil සටන ජය ගැණිනි...පසු Thranduil සහ Galadhrim පාලකයන් (Galadriel සහ Celeborn) දෙදෙනා එකතු වී Dol Guldur බලකොටුවට පහර දී විනාශ කර දැමීය...

ඉන් පසුව Celeborn සහ Thranduil එක් වී Mirkwood වනය නැවත ගොඩනැගීමට තීරණය කල අතර එය Eryn Lasgalen ලෙස නම් කෙරිණි...සෞරොන්ගේ හමුදා සහ අඳුරු සතුන් පන්නා දමා වනාන්තරය පවිත්‍ර කිරීමත් සමඟ එය කොටස් දෙකකට බෙදුවේය...Thranduil, Eryn Lasgalen හි කඳුකරය දක්වා වූ උතුරු ප්‍රදේශය ලබාගෙන පාලනය කළේය...

🏹 සිව්වන යුගය

Thranduil හට කුමක් සිදු වූවාදැයි නොදනී...

🏹 විශේෂ ලක්ෂණ

Thranduil ජීවත් වූයේ ස්වභාදහමත් සමඟය...ඔහු සෘතුවට අනුව වන මල්, සරත් බෙරි හෝ රත් පත්‍ර වලින් නිමකරන ලද ඔටුන්නක් පැලඳ සිටියේය...ඔහුගේ ධජය කොළ පැහයෙන් නිර්මාණය කර තිබුනි...වනයේ බොහෝ ප්‍රදේශ අඳුරු හා භයානක වුවත් ඔහු වනාන්තරයට ආදරය කළේය...ඔහු තම ජනතාව සමඟ වනය තුල දඩයම් කිරීමට හා උත්සව පැවැත්වීමට ප්‍රිය කළේය...Lake Townහි මිනිසුන් සමඟ ව්‍යාපාර ගනුදෙනු කළද ඔහු බොහෝ දුරට ආගන්තුකයන් කෙරෙහි අවිශ්වාසයෙන් සිටියේය...පොදු සතුරෙකු (සෞරොන්) සහ උතුරේ තම ජනතාව සමඟ හෝ මිනිසුන් සමඟ වෙළඳ කටයුතු කිරීම පිලිබඳ ඇරුණුකොට ඔහු Mirkwood වනයෙන් එපිට ලෝකය පිලිබඳ වැඩි තැකීමක් කලේ නැත...

ඔහුගේ මූලික අවධානය ඔහුගේ රාජධානිය පිලිබඳ පමණක් වුවත් දෙවන යුගයේ අවසානයේදී සිදුවූ අමිහිරි මතකයන් සහ ඔහුගේ මායිමට එපිටින් තිබෙන අඳුර නිතර ඔහුට වද දෙන්නට විය:

"But there was in Thranduil's heart a still deeper shadow. He had seen the horror of Mordor and could not forget it.

If ever he looked south its memory dimmed the light of the Sun, and though he knew that it was now broken and deserted and under the vigilance of the Kings of Men, fear spoke in his heart that it was not conquered for ever; it would arise again."

—J.R.R. Tolkien, Christopher Tolkien (Unfinished Tales, "The History of Galadriel and Celeborn", "Appendix B: The Sindarin Princes of the Silvan Elves")

ඔහුට සුදු මැණික් සඳහා විශේෂ ඇල්මක් තිබූ අතර ඒවා විශාල වශයෙන් ලබා ගැනීමට ඔහුට අවශ්‍ය විය: "සුර රජු හට දුර්වලකමක් ඇත්නම් ඒ ධනය සඳහාය...විශේෂයෙන් රිදී සහ සුදු මැණික්...ඔහුගේ ගබඩා පිරී තිබුණත් ඔහුට තවත් ලබා ගැනීමට අවශ්‍ය විය, ඒ අතීතයේ සිටි සුර රජුන් තරම් විශාල ධනයක් ඔහු සතුව නොතිබූ නිසාය..." එසේ උවත් ඔහු බොහෝ ප්‍රඥාවන්ත වූ බැවින් නිධන් වෙනුවෙන් තම ජනතාව අනතුරේ දමා යුද්ධ කිරීමට ඔහු අකමැති විය...

🍃 Thranduil යන නමෙහි අර්ථය ශක්තිමත් වසන්තය යන්නයි...Sindarin බසට අනුව "Tharan- ශක්තිමත්" සහ "Tuil- වසන්තය" විය...


_-_Er Murazor_-_
!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!


No comments:

Post a Comment