Glorfindel - ග්ලෝෆින්ඩල් - TV Series මංසල

අලුත් පරණ TV Series ගැන තොරතුරු සිංහලෙන් දැන ගන්න එන්න අපේ බ්ලොග් එකට.

Advertisement

Latest

Sunday, May 3, 2020

Glorfindel - ග්ලෝෆින්ඩල්


🔱 හැඳින්වීම 🔱

වෙනත් නම් - Laurefindelë

උපත - Years of the Trees (Aman හි)

පදවි - Lord of the House of the Gloden Flower

Glorfindel යනු තුන්වන යුගය තුල මධ්‍යම පෘතිවියෙහි සිටි බලවත්ම සුරයන්ගෙන් අයෙකි...ඔහු වඩාත් විශේෂ වන්නේ ඔහුගේ මරණයෙන් පසු Valar වරුන්ගේ තානාපතියකු ලෙස, Istari වරුන්ට (මායාකරුවන් 5 දෙනා) පැවරූ මෙහෙයුම ම පවරා නැවත මධ්‍යම පෘතීවියට එවීමයි...

🔱 ඉතිහාසය

Glorfindel, වෘක්ෂයන්ගේ යුගය තුලදී (Years of the Trees) Valinor හි උපත ලද සුරයෙකි...ඔහු Turgon සමඟ මධ්‍යම පෘථිවිය වෙත පැමිණි කණ්ඩායම තුල සිටියේය...ඔහු නැවත පැමිණීමට පසුබට වුවත් Turgon හට ඇති පක්ෂපාතීත්වය නිසාම Turgon සමඟ පැමිණි නමුත් "Kinslaying of Alqualondë" සමඟ ඔහුගේ සම්බන්ධයක් නැත...

********************************************

⚔️ Kinslaying of Alqualondë පිලිබඳ ⚔️

"Kinslaying of Alqualondë" යනු "පුරාණ යුගයෙහි" (Elder Days) සිදුවූ වැදගත් සිදුවීමකි...මෙය "පලමු සියවර්ග ඝාතනය" ලෙස හඳුන්වයි...

Valinor අත හැර මධ්‍යම පෘථිවිය වෙත යාමට Feanor තීරණය කලත් ඔවුන්ට යාමට නැව් තිවුනේ නැත...ඔහු Falmari (Teleri who finish the Great Journey) වරුන්ගේ ප්‍රධාන නගරය වූ Alqualondë හි තිබූ Teleri වරුන්ගේ නැව් ඉල්ලා සිටියේය...නමුත් Teleri ජනතාව එයට අකමැති වූ හෙයින් Feanor එම නැව් බලෙන් ලබාගැනීමට තැත් කලේය...එයට කේන්ති ගිය Teleri ජනතාව Feanor ඇතුලු Noldor ජනයාට පහර දීමට පටන් ගැණිනි...පසුව Noldor ජනයාද සටන් කිරීමට පටන් ගැණුනු අතර සුළු සටනක් ඇති විය...නමුත් Fingon විසින් Filgolfinගෙ වැසියන් සමඟ පැමිණීමෙන් පසු සටන දුරදිග යන්නට විය...සටන අවසන් වන විට බොහෝ Teleri සුරයන් මිය ගිය අතර Feanor ගේ වැසියන් විසින් නැව් අත්පත් කරගෙන තිබුණි...

එම සිදුවීම නිසා මධ්‍යම පෘථිවියට ගිය Noldor වරුන්ට Mandos විසින් ශාප කරන ලදී...

********************************************

Turgon හි ශ්‍රේෂ්ඨ අනුගාමිකයකු වූයෙන් Turgon විසින් ඔහුව Gondolin හි නිවාස 12න් එකක් වන "House of the Golden Flower" හි ප්‍රධානියා බවට පත් කලේය....ඔහු සියලු Gondolin වරුන්ගේ ආදරයට සහ ගෞරවයට භාජනය විය...

🔱 Aredhel ගෙ ආරක්ෂකයා

Gondolin ගොඩ නගා වසර 200ක් පමණ ගෙවුනු පසු Aredhel කුමරිය Glorfindel, Ecthelio සහ Egalmoth සමග Gondolin වෙතින් පිටත් විය...ඔවුන්ගෙ කාර්යය වූයේ ඇගේ වැඩිමහල් සොහොයුර වූ Fingon ව මුණගැසීම සඳහා ඔහුව Hithlum වෙත රැගෙන යාමය...Feanor ගේ දරුවන්ව හමු වීමට ආශා කල ඇය Brithiach හි ගංතොට වෙත පැමිණි පසු දකුණට යා යුතු බව පවසා සිටියාය...මෙ අනුව Ecthelion සහ ඔහුගේ සගයන් Doriath වෙත ඇතුලු වීමට උත්සාහ කලත් ආරක්ෂකයින් විසින් ඔවුන්ව Melian ගේ මායා වැට පසුකොට යාමට ඔවුන්ට අවසර දුන්නේ නැත...කිරීමට යමක් නොමැති තැන ඔවුන්ට Ered Gorgoroth අතර තිබූ භයානක නිම්නයන් මතින් වැටී තිබු මාර්ගය තෝරාගැනීමට සිදු විය...Nan Dungortheb අසලදී ඔවුන් අඳුර තුල අතරමං වූ අතර Aredhel ව ඔවුන්ට මග හැරුණි...ඔවුන් Aradhel සොයා ගියත් එය නිශ්ඵල විය...Ungoliant ගේ දරුවන් ඔවුන්ට පහර දෙනු ලැබු අතර ඔවුන් යාන්තමින් පන බේරාගෙන නැවත Gondolin වෙත ගියේය...

🔱 Gondolin හි බිඳ වැටීම

Glorfindel Gondolin බිඳ වැටීමෙහි සාක්ෂි කරුවෙක් විය...ඔහු ඉදිරියට එමින් තිබූ ඕර්ක් හමුදාවෙන් මහා වෙලඳපල බේරාගැනීමට කටයුතු කලේය...සතුරා පුදුමයට පත් කරමින් ඔහු ඔවුන්ව වටකර ගැනීමට උත්සාහ කළ නමුත් සතුරන් විසින් ඔහුට සැඟවී පහර දී යටත් කරගති...බිඳ වැටුණු "ස්වර්ණ පුෂ්ප වංශය" (House of the Golden Flower) ඔවුන් පැය ගනණක් සටන් වැදුණි...නමුත් අවසානයේදී ගිණි පිඹින මකරෙකු පැමිණ සියල්ල විනාශ කර දම්මන්නට විය...Glorfindel ඔහුගේ අනුගාමිකයන් කිහිප දෙනෙකු සමඟ පැන ගියේය...බේරුණු අය කිහිප දෙනෙකි, ඔවුන්වද පන්නා ගොස් මරා දමන්නට විය...නමුත් "House of Harp" වෙලාවට පැමිණි අතර ඔවුන්ව ලුහුබැඳ එන්නන්ව පලවාහරින ලදී...ස්වර්ණ පුෂ්පයෙහි සාමාජිකයන් "රජුන්ගේ කොටුව" නමින් හැඳින්වූ බලකොටුවට පැමිණියහ...

බොහෝ පාලකයන් විනාශ විය, Ecthelion බොහෝ තුවාල වී සිටියේය, Galdor පැමිණ සිටියත් Egalmoth පැමිණ නොසිටි හෙයින් Glorfindel බලකොටුව ආරක්ෂා කරගැනීමට Tuor සමඟ එක් විය...පසුව Egalmoth බොහෝ කාන්තාවන් සහ දරුවන් රැගෙන බලකොටුව වෙත පැමිණියේය...Glorfindel නැවත වරක් සටනට ගියේය...නමුත් මකරාගේ පැමිණීම කිසිවකුට නැවැත්විය නොහැකි විය...මකරා ඕර්කයන් සහ බැල්රොගයන් සමඟ පැමිණියේ Balrog නායකයා වන Gothmog ද සමඟය...එම මොහොතේ සියලු හමුදාවන් මදක් පසුබසින්නට විය, නමුත් ඔවුන්ට යම් කාලයක් ලබාදීමට Ecthelion Gothmog සමඟ සටන් වැද ඔහුව ඝාතනය කලේය (Echthelion) පවා මිය ගියේය...

Gondolidhrim දකුණට පලා යන්නට වූ අතර ටුර්හොන් රජුව ගාතනය කෙරිණි...Glorfindel කීප දෙනෙකු සමඟ පසුපස ආරක්ෂා කල අතර එහිදී ඔහුගේ නිවසෙහි මොහෝ දෙනා මිය ගියහ...ඔවුන් Idhril ගේ රහස් මාවත ඔස්සෙ Gondolin වෙතින් පැනගත් අතර Cirith Thoronath හරහා යන විට Glorfindel නැවතත් විශාල සේනාවක් සමඟ කණ්ඩායමෙහි පසුපසින් ආරක්ෂා කිරීමට සූදානම් විය...

එම මොහිතෙහි බැල්රොගයන් සහ ඕර්ක් හමුදාවක් ඔවුන්ට පහර දුණි...Glorfindel එවිට Tuor, Idhril සහ ඔහුගේ පිරිස ආරක්ෂා කරගැනීමට ඔහුට කල හැකි ශ්‍රේෂ්ටතම කාර්යය ඉටු කලේය...ඔහු Balrog ඉදිරියට ගොස් ඔහු සමඟ සටන් කරන්නට විය...ඔහු බැලරිගයාගේ බඩට ඇන ඝාතනය කල නමුත් ඌ කන්දෙන් පහලට වැටෙන විට Glorfindel වද ඇදගෙන ගියෙය...එහිදී ඔහුගේ ශරීරය අඩපණ වූ අතර Mandos විසින් ඔහුව Valinor වෙත කැඳෙව්වේය...

🔱 නැවත පැමිණීම

ඔහු Mandos ගෙ ශාලාවට ගිය අතර එහි ඔහු සමඟ යුද්ධයෙන් මිය ගිය අනෙක් Noldor වරුන් සමඟ රැඳී සිටියේය...ඔහු ජීවිත කාලය තුල සිදු කල ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් නිසා අනික් අයට වඩා කෙටි කලකින් ඔහුව නැවත ශරීරගත කරන ලදී...එමෙන්ම ඔහු කල සියලු වැරදි (Valinor අත හැර යාම වැනි) වලින් නිදහස් කලේය...එපමණක් නොව ඔහුගේ එම ශ්‍රේෂ්ට ක්‍රියාවන් නිසා ඔහුට විශාල බලයක් හිමි වූ අතර



ඔහු Maiar වරුන්ට සමාන තත්වයකට පැමිණියේය...

පසුව Manwe දෙ. යු. 1200 දී හෝ 1600 දී ඔහුව නැවතත් මධ්‍යම පෘථිවියට එවන ලදී (ටොල්කීන් විසින් ඔහුව මායාකරුවන් සමඟ තෙවන යුගයේ එවූ බවද තැනෙක කියා ඇත)...ඔහුව එව්වේද මායාකාරයන් පස් දෙනාව මධ්‍යම පෘථිවියට එවූ කාරණයටමය (මිනිසුන්ට උපකාර කරමින් Valar වරුන්ගේ තානාපති වරයෙකු ලෙස සැරිසැරීමට)...ඔහු දෙවන සහ තෙවන යුගයන් වල ඔහු කැපී පෙනෙන අවස්ථාවන් බොහොමයක විශාල කාර්යයන් සිදු කලේය...

ඔහු කෙතරම් ශ්‍රේෂ්ඨ සහ විශාල චරිතයක් වුවත්, ඔහු ඔහුගේ අතිමහත් දේව බලය භාවිතා නොකල හෙයින් ඉතිහාසයෙන් ඔහුව මදක් නොසලකා හැරිණි...

🔱 තෙවන යුගය

අතීතයේ සිටි ශ්‍රේෂ්ඨ සුරයන් Aman වෙත යාමත්, එකින් එක විනාශ විමත් නිසා අවසානයේ ඉතුරු වී සිටියේ Elrond, Galadriel, Celeborn, Cirdan සහ Thranduil පමණි...ඔහු Angmar රාජ්‍යයට විරුද්ධව ගෙන ගිය සටන තුල සුරයන් ගේ හමුදාවන් ට අණ දෙමින් විශාල කටයුත්තක් ඉටු කලේය...War of the Ring සිදු වීමට පෙර බටහිර පෙදෙස් හි ඔහුගේ කාර්යයන් ඉතිහාසය තුල පැහැදිලිව දක්වා නැත...

ඉන්පසු අපට ඔහුව දැකගත හැකි වන්නේ War of the Ring Event එක සිදුවූ කාලය තුලය...Rivendell හි Elrond විසින් 3018 වසරේදී ඔහුව Frodo ව සෙවීමට යවයි...ඒ Aragorn ඔහුව රැගෙන එතැයි සිතූ දිනට ඔහු නොපැමිණි නිසාවෙනි...ඔහුව තෝරාගණු ලැබුවේ ඔහු Nazgul වරුන් බිය නොවූ නිසාත් ඔහු ජීවී ලෝකය (Seen) සහ ආත්මීය ලෝකය (Unseen) පිලිබඳ හොඳින් දන්නා නිසාත් ය...එම අනතුරු දායක මෙහෙයුමේදී ඔහුට භූතය පස් දෙනෙකු හමු වූ නමුත් ඔවුන් Glorfindel දැක පලා ගියහ...ඔහු Frodo, Aragorn සහ අනෙක් හොබිට්ටන්ව සොයාගත් අතර Nazgul වරුන්ගේ පැමිණීමත් සමඟ තුවාල වී සිටි Frodo ව ඔහුගේ අශ්වයා වූ Asfaloth පිට නග්ගවා වේගයෙන් යන මෙන් පැවසුවේය...Asfaloth ප්‍රවේශමෙන් ෆ්‍රෝඩෝව Bruinen ගඟ හරහා රැගෙන ගියේය...Glorfindel තම බලය භාවිතා කර භූතයන් නම දෙනාව ගඟ මැදට ගෙනගිය අතර Elrond විසින් විශාල ගං වතුරක් ඇති කලේය...ජල පහරේ වේගය නිසා ඔවුන් සියල්ලම ගඟ දිගේ ගසාගෙන යන්නට විය...

ඔවුන්ගේ පරාජයෙන් පසු Glorfindel Frodo ව පරිස්සමෙන් Imladris වෙත රැගෙන ගියේය...ඔහු Elrond ගේ කවුන්සිලයට එකතු වූ අතර එහි ක්‍රියාකාරී චරුතයක් විය...එහිදී ඔහු Tom Bombadil මෙන්ම තවත් දෑ පිලිබඳ අනාවැකි පල කලේය...මුලදී ඔහු මුදුව ගැඹුරු මුහුදු පතුලේ සැඟවිය යුතු බව පැවසුව නමුත් ගැන්ඩල්ෆ් එයට එකඟ නොවීය, වසර දහස් ගණනකට පසු උවත් මුදු නැවත මතුපිටට රැගෙන ආ හැකි ඔවුන් නොදන්නා බලවේගයන් ගැඹුරු මුහුදු පත්ලෙහි සිටිය හැකි බව ඔහු පෙන්වා දුනි...මුලදී Glorfindel ව මුදුවේ මිතුරු හවුලට බඳවාගැනීමට තීරණය කලත්, ඔහුගේ බලය නිසා සංධානයට රහසේ සැඟවී සිටීමට නොහැකි වෙතැයි ගැන්ඩල්ෆ් බිය විය...

එතැන් පටන් ඔහු ගැන කිසි විස්තරයක් කියැවෙන්නේ නැත...කෙසේ හෝ ඔහු Aragorn ගේ විවාහ මංගල්‍යයට Elrond සමඟ පැමිණියේය...ඉන් පසු ඔහු පිලිබඳ කිසිවක් නොකියවේ...ඔහු පැමිණියේද Gandalf පැමිණි කාරණයටම නිසා ඔහුද නැවත Elrond සමඟ Valinor වෙත යාමට ඇත...එසේ නොමැති නම් යුද්ධයෙන් පසු මධ්‍යම පෘථිවිය නැවත ගොඩනැගීමට උපකාර කිරීම සඳහා යම් කාලයක් නැවතී සිටින්නට ඇතැයිද නිගමනය කල හැක...

🍃ඔහු ඉතාමත් සුන්දර, ධෛර්‍යමත්, බුද්ධියෙන් පිරි බලවත් සුරයෙකු විය🍃

"Glorfindel was tall and straight; his hair was of shining gold, his face fair and young and fearless and full of joy; his eyes were bright and keen, and his voice like music; on his brow sat wisdom, and in his hand was strength."

-Many Meetings, Lord of the Rings : Fellowship of the Rings-


_-_Er Murazor_-_
!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!

No comments:

Post a Comment