හැමෝම දන්නව tolkien universe එකේ හැම සිදුවීමක්ම වෙන්නෙ Arda කියන පෘථිවිය වගේම ලෝකයක තියෙන middle earth කියල භූමියක කියල...කතාව ඉවර වෙනකොට ardaව අවුරුදු 54000කටත් වඩා වයසයි...අද කියන්න යන්නෙ කොහොමද මේ අර්දාව නිර්මාණය උනේ කියල...
සියලු දේවල් පටන් ගන්නෙ Eru කියන සියල්ලෙහි නිර්මාණකරුව කාලයක් අවකාශයක් නැති විශාල ශාලාවක් නිර්මාණය කිරීමත් සමඟ...මේ ශාලාව තුල තනිකරම තිබ්බෙ තනිකම සහ පාලුව විතරයි...ටික කාලයක් යනකොට මේ තනිකමින් වෙහෙසට පත් උනු Eru ජීවයක් නිර්මාණය කරනව...නමුත් සාමාන්‍ය ජීවයක් නෙවේ පූජනීය උන උසස් ජීවයක්...මෙයාලව හැඳින්වෙන්නෙ Ainur කියල...Eru මෙයාලව මවන්නෙ ජීවයේ ගිනිදැල්ල කියල ශක්ති ප්‍රභවයකින්...
ටික කාලයක් යනකොට Eru තමන්ගෙ දරුවන්ට සංගීතය ඉගැන්නුව...මේ සංගීතය කිව්වෙ අපි ගායනා කරන ගීත නෙවේ...ලෝකයෙ තියෙන තනිකම නිහඬකම පරයා යම්කිසි යහපත් හා ඉතා බලවත් සිතුවිලි මවන්න පුලුවන් ශබ්දයන් සමඟ මුසු උන, බිහිරි බවේ උපරිමයටම ගිය ගීතයන්...මෙම ගීතයට එරු විසින් අයිනුලින්ඩලේ (Ainulindale) කියන නම ලබා දුන්න...මුලදි හැමෝම එකතු වෙලා ගයන්න යෙදුනත් ටික කාලයක් යනකොට Ainur ල තමන්ගෙ අනික් සහෝදරයන්ගෙන් දුරස් වෙලා තනිවම ගායනා කරන්න පටන් ගත්ත, සමහරු අහගෙන ඉන්න විතරක් පුරුදු උනා...
හැම තැනකම ඉන්නවනෙ කැපී පෙනෙන ගොඩක් දක්ෂ කෙනෙක්...ඒ වගේ මේ අයිනූර් ල අතරත් හිටිය melkor කියල අනික් අයට වඩා ගොඩක් දක්ෂ වගේම බලවත් කෙනෙක්...කාලයත් සමඟ melkor ට උවමනා උනා මෙ තියෙන හිස්බව තව තවත් අඩු කරන්න...ඔහුට එරු ගෙ සංගීතයෙන් එතරම් සතුටු වෙන්න පුලුවන් උනේ නෑ...ඉතින් තවත් ජීවීන් නිර්මාණය කරන්න හිතුව melkor ජීවයේ අග්නිය හොයාගෙන නිමක් නැති ශාලාව දිගේ ඇවිදින්න පටන් ගත්ත...කොච්චර ඇවිද්දත් melkor ට ජීවයෙව් අග්නිය නම් හම්බුනෙ නෑ...නමුත් ඔහුට ජීවයේ අග්නිය සොයාගැනීමට නොහැකි උනත් දුර යන්න යන්න ඔහු තමන්ගෙ ආශාවන් තුල තනි උනා...ඔහුගේ සිතුවිලි වලින් ඔහුටම ආවේනික හීතයන් නිර්මාණය වෙන්න පටන් ගත්ත...
තමන්ගෙ අනෙක් සහෝදරයන් අයිනුලින්ඩලේ ගායනා කරනකොට මේ මිහිරි සංගීතයට එරෙහිව මෙල්කෝර් තමන්ගෙම සංගීතයක් උපයෝගි කරගෙන ගායනක් සිදු කරා...ඔහුගේ එම තනුව අයිනුලින්ඩලේ තුල තිබුන පරිපූර්ණ බව, විශිෂ්ට බව සහ මිහිරි බවට හරියටම ප්‍රතිවිරුද්ධව තමා එල්ල උනේ...එම සංගීතයට හරිහමන් ගමනක් තිබුනෙ නැතත් ඔහුට ඕනැ උනේ eru ට විරුද්ධව නැගී සිට ඔහු වටා සිටින තමන්ගෙ සහෝදර ඓනූර් වරුන්ව තමන් වෙතට නම්මව ගන්න...
ඒත් එරු වැඩේ අත ඇරියෙ නෑ...ඔහුත් melkor ගෙ ඒ සංගීතයට වඩා බලවත් මිහිරි සංගීතයක් නිර්මාණය කලා...නමුත් ඒ මොහොතෙත් මෙල්කර් විසින් එරුගෙ සංගීතය පරයා යන තනුවක් ගායනා කලා...එරු ආයෙත් ඔහුව පරදවන්න මිහිරි බලවත් සංගීතයක් ගායනා කලත්, ආයෙ ආයෙත් එරු නිර්මාණය කරන සියලුම සංගීතයන්ට එරෙහිව මෙල්කර් තමන්ගේම බලවත් සංගීතයන් නිර්මාණය කරන්න උනා...ඉතින් melkor ගෙ මේ බලවත් තනු වලට රැවටුන අනෙක් ඓනුර් වරුන්ද මෙල්කර් ගෙ සිතුවිලි හරිය කියල හිතන්න පටන් ගත්ත...මේ මොහොතෙ එරු තීරණය කරනව අවසන් වරට අනෙක් සියලුම සංගීතයන් අභිබවා යන ඉතාම බලවත් තනුවක් නිර්මාණය කරන්න...
(දැන් බලයි මොකක්ද යකෝ මේ පරණ රැප් බැටල් එකක්නෙ කියල...😂😂😂)
නමුත් අවසානයේ එරුට පුලුවන් වෙනව අනෙක් සියලුම ainur වරුන්ව මේ සංගීතය උපයෝගී කර්ගෙන තමන් වටා රැස් කරවගන්න...මේ සංගීතය නිසා එරුට පුලුවන් වෙනව මෙල්කර් ව පරාද කරන්න...ඊට පස්සෙ එරු තමන්ගෙ සංගීතය විකෘති කිරීමට තැත් කිරීම පිලිබඳව melkor වෙත චෝදනා එල්ල කරනව...සිද්ද උන දේවල් නිසා ලැජ්ජාවට පත් උන melkor ලොකු තරහකින් ඈත අවකාශය දිගේ ඔහේ ඇවිද යන්න පටන් ගන්නව...
ඊට පස්සෙ තමන්ගෙ දරුවන්ව එක් රැස් කරගත් එරු පෙරදී ගයනා කල අයිනුලින්ඩාලේ සංගීතයෙන් ඔහුට පැමිණි සිතුවිලි අයිනූර් වරුන්ට පවසනව...ඔහුගේ මනසට ආපු සියලු සිතුවිලි, ජලය, නව ජීවයන්ගෙන් පිරුනු රාජ්‍යයක් ගැන මොහි අයිනූර්ලට පවසනව...මේක අහපු අයිනූර්ලට ගොඩක් පුදුම හිතෙනව...ඉතින් ඔවුන්ට උවමනා වෙනව එරුගෙ මේ සංකල්පය ඇත්තක් බවට පත් කරන්න...
ඒ අනුව Ea (එයා) එහෙම නැත්තන් විශ්වය නිර්මාණය කරන එරු ඓනූර්ලට කියා සිටිනව Ea වෙත් යන්න කියල...නමුත් ඔහු පැවසූ ලෝකය නිර්මාණය කරනකම් ඔවුන්ට ආයෙම ඒ ශාලාවට එන්න එපයි කියනව...ඓනූර්ලත් ඒකට එකඟ වෙලා එයා වෙත එනව...
ඉතින් එහෙම එයා වෙතට ආපු අයිනූර්ල කාණ්ඩ දෙකකට බෙදුන...මෙයාලගෙ විශිෂ්ටම අය Valar ලෙසත් අනෙක් අය Maiar ලෙසත් හැඳින්වුව...Valar වරු 14 දෙනෙක් සිටි අතර අනෙක් maiar වරුන් ඔවුන්ගේ යටතේ ඔවුන්ගෙන් ශිල්ප ශාෂ්ත්‍රයන් ඉගෙනගනිමින් මේ ආර්දාව එහෙම නැත්තන් එරුගෙ ලෝකය නිර්මාණය කලා...මේ ලෝකෙ මුහුදු, ගස් වැල්, ගංගාවන් වලින් පිරුණු ලස්සන තැනක්...මේක හරියටම බැලුවොත් සූර පප්ප එකේ සීසර් කියන්න වගේ රොටියක් වගේ තැටියක්...හැබැයි මේ හැමදේම එක දවසින් නිර්මාණය උන දේවල් නෙවේ...අවසානයේ මුහුදෙන් වට උන විශාල භූමියක රාජධානියක් පිහිටවුන අයිනූර් වරුන් manwe කියන ඔවුන්ගෙ සිටි බලවත්ම කෙනාව ඔවුන්ගෙ රජු එහෙම නැත්තන් නායකය විදිහට පත් කරගත්ත...
නමුත් ඔවුන්ට නොදැනෙන්න ඔවුන් වෙත ලොකු අනතුරක් ආව...ඒ තමා අපි කලින් කිව්ව melkor කියන කෙනා...තමන්ගෙ සහෝදර වරුන් ලෝකයක් නිර්මාණය කරල කියල දැනගත් melkor ආර්දා හොයාගෙන එනව...ඒ මේ ආර්දාව පාලනය කිරිමේ අදහසින්...ඉතින් එම අදහස සාක්ෂාත් කරගන්න මැල්කොර් යුද්ධයක් පටන් ගන්නව...මේ යුද්ධෙදි ටූකස් කියල Valar කෙනෙක් අතින් මොර්ගොත් (melkor) පරාද වෙනව...ඉතින් Mekor පැනල ගිහින් හැංගෙනව...
පසුව තනිකරම අන්ධකාරය තිබුනු Arda වට ආලෝකය ලබා දෙන්න ආර්දාවෙ උතුරු හා දකුණු කොනෙන් පහන් දෙකක් නිර්මාණය කරනව...දවසින් දවස Arda ලස්සන පාරාදීසයක් වෙන්න පටන් ගන්නකොට අන්ධකාරය ආයෙත් ගලාගෙන එන්න පටන් ගත්ත...මේ වෙනකන් සැඟවිලා හිටිය මෙල්කර් උතුරට පැමිණ ඔහුගෙ Utumno බලකොටුව නිර්මාණය කරන්න පටන් ගන්නව...
මේ කාලෙදි Melkor ගෙ බලය ගැන දැනගත් Maiar වරුන් කීප දෙනෙක් ඔහුට සේවය කරන්න එන්ව...මේ අතර අපි හොඳටම දන්න කෙනෙක් ඉන්නව...ඔව් ඔව් එයා තමයි...සෞරොන් ලොක්ක...මෙයාගෙ ඇත්තම නම උනේ Mairon...මේ ආපු Maiar වරුන්ව පාවිච්චි කරල මෙල්කර් Balrog ලව හදන්න පටන් ගත්ත (සෞරොන්ගෙන් ඇරෙන්න)...සෞරොන් කලින් ඉඳන්ම ඔහුගෙ ඔත්තුකරුවෙක් උන නිසා මෙල්කොර් ඔහුව තමන්ගෙ ප්‍රධානම සෙන්පතිය බවට පත් කරගත්ත...නමුත් ඔහුගේ මට්ටමින් තවත් කෙනෙක් හිටිය...ඔව් ඒ තමයි Balrog නායකය Gothmog...
මෙල්කොර් විශාල හමුදාවක් හදාගත්තට පස්සෙ ආයෙමත් අයිනූර්ලට පහර දුන්න...මේ දෙවෙනි යුද්ධය ඉතාමත් භායනක එකක් උනා...කොතරම් භයානකද කිව්වොත් ආර්දාව කොටස් තුනකට කැඩුන...ඒ, බටහිර පෙදෙසෙන් අමාන්, නගෙන හිරින් හිරු දිවයින සහ හරි මැදින් අපි කවුරුත් දන්න ආර්දාවෙ විශාලම මහද්වීපය උන මධ්‍යම පෘථිවිය ලෙස...
ඉතින් ඔන්න ඔහොමයි ආර්දාව නිර්මාණය වෙලා අඳුර ආවෙ.....
************************************************
Tolkien විසින් මුලදි Ainur වරුන්ගෙන් Valar වරු දෙවියන් සහ, maiar වරු demigod ලෙස හැඳින්වුවත් පසු කලෙක ඔහු ක්‍රිස්තියානි ආගමට අනුව සමහර දේවල් නිර්වචනය කරන්නට වූ නිසා Valar වරුන් මෙන්ම Maiar වරුන්ද Archangle ලෙස හැඳින්වුව...ඒ අනුව Melkor තමා අපි කවුරුත් දන්න Fallen angle එහෙම නැත්තන් Satan වෙන්නෙ...
_-_Er Murazor_-_
!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!

No comments:
Post a Comment