My Love From The Star - තරු අතරින් ආ මගේ ආදරය (2013-2014) - TV Series මංසල

අලුත් පරණ TV Series ගැන තොරතුරු සිංහලෙන් දැන ගන්න එන්න අපේ බ්ලොග් එකට.

Advertisement

Latest

Monday, April 6, 2020

My Love From The Star - තරු අතරින් ආ මගේ ආදරය (2013-2014)



කොහොමද හැමෝටම. ටික දවසකට පස්සේ ඔන්න එහෙනම් ආවා කොරියානු කතාවක විස්තර ටිකක් අරගෙන. මේ දවස් වල හැමෝම බනින මේ කතාව ගැන හොඳ විස්තරයක් කරා නම් හරි කියලා මට හිතුණා. සිරස නාලිකාව විසින් මේකේ සිංහල නම නම් ටිකක් විකාර විදිහට දාලා තිබුනත්, ඒක එච්චරම අවුලක් නැහැ. ටික දෙනෙක්ට ඒක අවුලක් වෙන්න පුළුවන් නමුත් මම හිතනවා මේ විස්තර වලින් පස්සේ ඔයාලා මේ කතාව ගැන නගා ගෙන තියන සිතුවිලි වෙනස් වෙයි කියලා. හැමෝම ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න අවශ්‍ය කාලයක් මේක. ඉතින් කොහොම හරි ගෙදරට වෙලා ඉන්න හැමෝම හොඳින්. එහෙනම් අපි කතාවේ විස්තර පැත්තට හැරෙමු.

මේක දකුණු කොරියානු ෆැන්ටසි ආදරණීය ටෙලි කතා මාලාවක්. මේ වෙනකොට මේක ලබාගෙන ඇති imdb අගය 8.3ක් වෙනවා. ඒ වගේම ගූගල් පරිශීලකයන්ගෙන් 97% ප්‍රසාදයකුත් මෙය ලබා ගෙන තියනවා. 2013 කාලයේදී ආපු මේ කතා මාලාව දකුණු කොරියාව තුල සෑහෙන්න ජනප්‍රියතාවක් ලබා ගන්න මේ කතාවට පුළුවන් වුණා. මේක පලවෙනි වතාවට මුදා හැරුනේ SBS නාලිකාවෙන් වෙන අතර පසුව නෙට්ෆ්ලික්ස් ආයතනය ඇතුළු වෙනත් රටවල් වල නාලිකා ගණනාවකින් මේක විකාශය වුණා. මේ කතාව මුළු ආසියාව තුල සහ ඇමරිකාව තුලත් බොහෝ සෙයින් ජනප්‍රියතාවයට පත් වුණා. මෙම කතාව ක්‍රියාවේ මිලියන 15 කට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නැරඹු අතර මෙය ලෝකේ අනිත් රටවල් වල මිලියන 34 වගේ ඇති විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවකගේ හිත දිනා ගන්න සමත් වුණා. චීනයේ දී මෙය සෑහෙන්න ජනප්‍රියතාවක් ලැබූ අතර මෙය දිනපතා නැරඹු ප්‍රේක්ෂක සංක්‍යාව චීනයේ පමණක් මිලියන 2කට අධික වුණා. ඒ වගේම මේ කතාවේ වීව්ස් එහෙ නැත්නම් නැරඹු වාර ප්‍රමාණය බිලියන 14.5 බවට පත් වුණා. වාර්තා වල හැටියට එක්සත් රාජධනිය නැත්නම් එංගලන්තයේ මෙය විකාශය වී නොමැත. චීනයේ කොරියානු කතා මාලා පෙන්වීමට පටන් ගෙන ඇත්තේ, ලංකාවේ සිංහල බසින් කියනවා නම් සුජාත දියණි කතාව ලබා ගත් ජනප්‍රියතාවය නිසා එය චීනයේ පෙන්වීමෙන් පසුවයි. කොහොම නමුත් මේ My Love From The Star ටෙලි කතා මාලාව ලොව පුරා සෑහෙන්න ජනප්‍රියතාවක් ලැබුණා. ඒ වගේම ඔව් සිරස නාලිකාවේ කියනවා මේක ලොව හොඳම කතා මාලාවක් බවට පත් වුණා කියලා. ඇත්තටම මෙතන පොඩි හිඩැසක් තියනවා. මෙතන එන්න ඕනේ කොරියානු කියලා. ඔව් කොරියානු කතා මාලාවක් එතෙක් මෙතෙක් ලබා ගත වැඩිම ජනප්‍රියතාවක් හිමි වන්නේ මේ කතා මාලාවට තමයි. දෙවෙනියට නම් වෙන්නේ නම් boys over flowers කතා මාලාව. කොහොම නමුත් ගොඩක් කට්ටිය මේක වැඩක් නැහැ කිව්වට ඇත්තටම අපි මේක දෙවනි ඉනිම, සංගීතය ඒ වගේම අර ජරා මල විකාර දිග ඉන්දියානු කතා මාලා එක්ක ගත්තම මේක රත්‍රන් ගොඩක්. අනික කතාවේ හොඳ ස්ටොරියක්, comedy ඒ වගේම අමරණීය ජීවිතයක් වගේ දීර්ඝ ජීවිතයක් තිබෙන කොට අපිට අහිමි වෙන දේවල්, විශේෂයෙන්ම ආදරය වගේ දේවල් ගැන හරිම අපූරුවට මේකේ විග්‍රහ කරලා තියනවා.

හොඳ කතාවේ ප්ලොට් එක දිහා බැලුවොත් අවුරුදු 400 කට කලින් කොරියාවේ ජෝසන් සමයේදී පිටසක්වල කණ්ඩායමක් බහිනවා පෘතුවියේ යම් යම් දේවල් ටිකක් අරගෙන යන්න.ඒත් එතන ඉන්න කෙනෙක්ට ආපහු යන්න බැරි වෙනවා. අන්න ඒ කෙනා තමයි දෝ මින් ජු. ඉතින් මෙයා ආදරයෙන් බැඳෙනවා පොඩි ගෑනු ළමයෙක් සමඟ. ඒත් එයා මැරෙනවා. පස්සේ අවුරුදු 400 කට පස්සේ මෙයා ආපහු තමන්ගේ ලෝකෙට යන්න මාස තුනකට කලින් මෙයා වර්තමාන කාලේ ඉන්න ප්‍රසිද්ධ නිලියක් සමඟ ආදරයෙන් වේලෙනවා. ඉතින් පසු පසින් දිවෙන මිනී මරුවෙක් ගැනත්, එයට මැදිවෙන මේ නිළිය එහෙම නැත්නම් චෝන් සෝන්ග් යී ව මෙයා බේර ගන්න හැටි එහෙම හරිම ලස්සනට තියනවා. ඒ වගේම නිළියකට තම ප්‍රසිද්ධිය වටින්නේ ඇයි, ඒ වැනි අය කොච්චරක් කැප කිරීම් කරනවද, සමහර වෙලාවට ඔවුන් කෙතරම් මෝඩද , විහිළුද යන්න ආකාරය හොඳාකාරවම අපිට සිනහවක් එක් කරමින් මේ කතාව කොටස් 21 පුරා දිව යනවා. විශේෂ තවත් කොටසක් පසුව කතාවට ලොකු අදලාත්වයක් නැති විදිහටත් එලි දැක් වුණා කියලා සඳහන් වෙනවා. කතාවේ story එක ගැන නම් ලොකුවට කියන්න ඕනේ නැහැ මොකද තාම බලපු නැති අයට බැලීම පිණිස සහ දැනට බලපු අය හොඳට කතාව දන්න නිසා.

ඉතින් මේ කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jang Tae-yoo විසින් වන අතර රචනා කරලා තියෙන්නේ Park Ji-eun විසිනි. ඒ වගේම නිෂ්පාදිත ආයතනය විදිහට HB Entertainment ආයතනය දක්වන්න පුළුවන්. ඒ වගේම මේක ලංකාව, පිලිපීනය, ඇමරිකාව, චීනය සහ තවත් ආසියානු රටවල් වල විකාශය වෙලා තියනවා. ගොඩක්ම සිදු වීම් දකුණු කොරියාව සහ පිලිපීනයේ ප්‍රදේශ වල රූ ගත කිරීම් කරලා තියනවා. ඒ වගේම මේක සම්මාන 23 කට නිර්දේශ වෙලා එයින් 20 ක්ම දිනා ගෙන තිබීම විශේෂත්වයක්. මෙයාලා දිනා ගෙන ඇති සම්මාන අතර  Baeksang Arts Awards සහ SBS Drama Awards, Korea Drama Awards, International Drama Festival ඒ වගේම Shanghai Television Festival awards ඒ අතර වෙනවා Kim Soo-hyun(දෝ මින් ජුන්) විසින් Best Global Actor සම්මානය දිනා ගන්නවා Huading සම්මාන උළලේදී. Jun Ji-hyun(චෝන් සෝන්ග් යී) විසින් දිනා ගන්නවා ටෙලි කතා මාලාවක් වෙනුවෙන් කොරියාවේ රඟපාලා ලබා ගන්න පුළුවන් උසස්ම සම්මානය වන Grand Prize එක නැත්නම් Daesang සම්මානය Baeksang Arts සම්මාන උළලේදී. 

ඉතින් විස්තර ඇති කියලත් හිතනවා. මේ ජනප්‍රිය වෙන්න බලපාපු ප්‍රධානම කාරණය තමයි මේ ප්‍රධාන නළුවා සහ නිළියගේ රඟපෑම. එය සෑහෙන්න ඉහල මට්ටමක තියනවා කියලා ඔයාලට පේනවා ඇති මොකද ඒ ගොල්ලෝ ලබා ගත් සම්මාන දිහා බලනකොට. ඒ වගේම මේ දෙන්නා දකුණු කොරියාවේ රඟ පාන්න වැඩිම මුදලක් අය කරන 10 දෙනාගෙන් දෙන්නෙක්. ඒ වගේම Kim Soo-hyun(දෝ මින් ජුන්) දකුණු කොරියාවේ ධනවත්ම නළුවා වන අතර ඔහුගේ මුළු වත්කම ඩොලර් බිලියන 1.2 විතර වෙනවා. මේක ශාරුක් ඛාන් ටොම් කෲස් වගේ කට්ටියගේ මුළු වත්කම වගේ දෙගුණයක් විතර වෙනවා කියලා හමෝම මතක තියා ගන්න. ඒ වගේම Jun Ji-hyun(චෝන් සෝන්ග් යී) වත්කම ඩොලර් මිලියන 15 විතර වෙනවා. කිම් සූ හියුන්ගේ වයස අවුරුදු 32 වන අතර ජුන් ජි හියුන්ගේ වයස අවුරුදු 38 වෙනවා. ඇය නම් මේ වෙද්දී විවාහ වෙලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. ඒ වගේම කිම් සෝ නම් තාම විවාහ වෙලා නැහැ කියලා තමයි කිය වෙන්නේ.

එහෙනම් කට්ටිය අදට මම ගිහින් එන්නම්. සෑහෙන්න දෙයක් කිව්වා. මොකද අද වෙද්දී කොරියාවේ සිංදු නැත්නම් එයාලට ආවේණික වුණු K-Pop සංගීතය සහ කොරියානු චිත්‍රපටි ටෙලි කතා ගොන්නක් සාදාගෙන ලොව පුරා ජනප්‍රිය වෙමින් තිබෙනවා. ඉතින් ඔබත් අපිත් ලංකාවේ කවදා හෝ මේ වගේ ජනප්‍රිය කතා හැදෙයි කියා බලාපොරොත්තුවෙන් ඉමු. මේ වසංගතය පැතිරෙන කාලේ හැමෝම ගෙවල් වලට වෙලා පරිස්සමින් ඉන්න. නැවත මේ වගේ පොස්ට් එකකින් හමු වෙනතුරු ඔය හැමෝටම ජය වේවා!




_-_සහන් සුලක්ඛන_-_
!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!

No comments:

Post a Comment