අපි ඔයාලට කිව්වනෙ ෆැන්ටසි ගැනත් පෝස්ට් දානව කියල...ඉතින් අපි ඒක නූතන ෆැන්ටසි කතාවන්ට පදනම සපයන Tolkien Universe එකෙන් පටන් ගන්න හිතුව...
Tolkien Universe එහෙමත් නැත්තන් Tolkien's Legenderium කියන්නෙ නූතන ෆන්ටසි කලාවේ පියා වශයෙන් හැඳින්වෙන මහාචාර්ය JRR Tolkien විසින් නිර්මාණය කරන ලද ෆැන්ටසි ඉතිහාසයේ වැදගත්ම තැනක් ගන්න කතා මාලාවක්...අපි හැමෝම දන්න The Hobbit සහ The Lord of the Rings කියන්නෙ මේ කතා මාලාවෙ ප්රසිද්ධම කතා දෙකක්...
මේ Tolkien Universe එකේ සියලුම කතා ගෙතෙන්නෙ Arda කියන පෘථිවිය වගේම වෙනම ලෝකයක් තුල...Tolkien පවසන විදිහට මේ Arda කියන්නෙ පෘථිවියෙම මනඃකල්පිත ඉතිහාසයක්...
Eru එහෙමත් නැත්තන් Eru Illuvatar කියන කෙනා විශ්වය සහ සියලු දේවල් නිර්මාණය කරනව...ඊට පස්සෙ තමන්ගෙ මනසිම් Ainur කියල ජීවීන් කොටසක් නිර්මාණය කරනව, මෙයාල නිකන් දෙවිවරු වගේ...ඊට පස්සෙ මේ Ainur ලට ජීවත් වෙන්න ස්ථානයක් විදිහට තමා Arda කියන ලෝකෙ නිර්මාණය කරන්නෙ...Middle Earth තමා මේ Arda වල තියෙන විශාලම මහද්වීපය සහ සියලුම කතාවන්ට පසුබිම් වන ප්රධාන භූමි භාගය...ඉතින් ඔහොම තමා කතාව ආරම්භ වෙන්නෙ...
අපිට මේ කතාවක් තුල එකිනෙකට වෙනස් භාෂාවන්, සෑම භාෂාවකටම හෝඩියක්, ගීත සහ කවි ජනවර්ග, සංස්කෘතීන්, දැකගන්න පුලුවන්...ඒ වගේම මේ කතාවෙ පොඩි චරිතෙකට උනත් ලොකු ඉතිහාසයක් තියෙන නිසා මේක බොහොම පුළුල් වගේම සංකීර්ණ කතාවක්...Tolkien ගෙ භාෂා භාවිතය සහ ඔහුගේ සංකීර්ණ අදහස් නිසා බොහෝ දෙනෙක්ට තේරුම් ගැනීමට අපහසු කතාවක් බවට මේ කතාව පත්වෙලා තියෙනව...කොටින්ම කිව්වොත් The Lord of the Rings පොත් තුනේ පලවෙනි පරිවර්තනෞන Welsh පරිවර්තනය ලියන්න උනෙත් Tolkien හටමයි...ඒ කතාව තුල තිබෙන සමහර නම් ගම් සහ වචන පරිවර්තනය කිරීම අපහසු නිසා...ඉතින් ඒක නිසාම පරිවර්තකයන්ට පහසු වන විදිහට පරිවර්තක උපදෙස් මාලාවක් ලියන්නටත් උනා...😹😹😹
Tolkien විශ්වය ඇතුලෙ ඔක්කොම පොත් 30ක් පමණ ඇතුලත් වෙනව...මේ අතරින් The Sillmarilion, The Hobbit සහ The Lord of the Rings කියන පොත් 5 සහ තවත් කුඩා පොත් කීපයක් JRR Tolkien විසින් රචනා උනු අතර ඉතුරු පොත් රචනා කරන්නෙ ඔහුගෙ බාල පුතු වන Christopher Tolkien...
ඇයි මේ කතාව ෆැන්ටසි ඉතිහාසයේ ගොඩක් වැදගත් එකක් වෙන්නෙ කියල ඔයාලට හිතෙන්න ඇති...ඒකට ප්රධානම හේතුව නම් අතීතයෙදි නිකන්ම සුරංගනා කතා විදිහට සැලකුනු ෆැන්ටසි සාහිත්යය වෙනුවෙන් සාහිත්ය ඉතිහාසයේ ඉඩක් හිමි උනේ මේ කතාව නිසා...ඒ වගේම High Fantasy කියන සංකල්පය ඇති උනෙත් මේක නිසා...තව කිව්වොත් Tolkien ගෙ අදහස්, භාෂා ශෛලිය සාහිත්ය ශෛලිය ඊට කලින් බිහි උන කිසි රචකයෙකුගෙ දකින්න හම්බෙන්නෙ නෑ....ඒ වගේම The Hobbit, TLOTR කතාවලින් පස්සෙ ආපු බොහෝ Fantasy කතා වලට Tolkien ගෙ ආභාෂය ලැබිල තියෙනව...ඒ ආහාෂය කොතරම්ද කියනව නම් Oxford ශබ්දකෝෂයට Tolkienian සහ Tolkienesque ලෙස වචන දෙකක්ද ඇතුලත් කරල තියෙනව...ඉතින් මේ කතාව ෆැන්ටසි ඉතිහාසය වෙනුවෙන් වැදගත්ම කතාවක් බවට කිසි සැකයක් නැහැ...
JRR Tolkien මහතා තමා නූතන ෆැන්ටසි ඉතිහාසයේ පියා ලෙසද හැඳින්වෙන්නෙ...🙂🙂🙂
ඉතින් කතාව ගැන අවබෝධයක් ලබාගන්න මේ විස්තර ටික ඇති කියල හිතෙනව...තවත් පෝස්ට් එකකින් ඉස්සරහට හම්බවෙමු...
_-_Er Murazor_-_
!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!

No comments:
Post a Comment