ඉතින් කොහොමද හැමෝටම, ටික දවසකට පස්සේ තමා ඕන් post එකක් අරන් එන්න පුළුවන් වුනේ. ඇත්තටම ඒක ගැන සමාවෙන්න ඕනේ. පොස්ට් ලියන හැමෝම මේ දිනවල ටිකක් කාර්යබහුල වෙලා තියන නිසා. කොහොම හරි වැඩ අස්සේ හරි පොඩියට හරි පොස්ට් එකක් ලියලා දාන්න ඕනේ කියලා හිතුවා. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ DC ලගේ ටයිටන්ස් කතා මාලාව ගැන. කට්ටිය මේක මේ දවස් වල බලනවා ඇති කියලා මම හිතනවා. ඔව් ඔව් මාත් මේක මේ දවස් වල බලන ගමන් තමයි ඉන්නේ. දැනට නම් මේකේ විකාශය වෙන්නේ දෙවෙනි කතා සමය. ඉතින් මම නම් හිතන්නේ පලවෙනි කතා සමයටත් වඩා දෙවෙනි කතා සමය සෑහෙන්න හොඳයි කියලා. කොහොම නමුත් ඔයාලට නම් මම කියන්නේ මේ පොස්ට් එක කියවන්න ඕනෙත් නැහැ ගිහින් දැන්ම අරගෙන බලන්න කියලා. දෙවෙනි කතා සමයත් ඊලඟ සතියෙන් පස්සේ අවසාන වෙනවා. තුන්වෙනි කතා සමය එන්නේ 2020.
ඔයාලා DC කොමික් රසිකයෙක් නම් ඔයාලා අනිවාරයෙන්ම දන්නවා ඇති Bob Haney, Bruno Premiani විසින් නිර්මාණය කරපු Teen Titans කියන කොමික් පොත ගැන. ඉතින් අන්න ඒක පාදක කරගෙන තමයි මේ කතා මාලාව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ කතා මාලාව විකාශය වෙන්නේ නම් DC යුනිවර්ස් නාලිකාව හරහා. මේ නාලිකාව වෝනර් සහෝදරයෝ, DC එන්ටර්ටෙයින්මන්ට්ස් සහ ඩිජිටල් නෙට්වර්ක්ස් යටතේ තියන එකක්. ඒ වගේම මේක Netflix නාලිකාව හරහාත් විකාශය වෙනවා.ඉතින් මේ කතාව මේ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ Akiva Goldsman, Geoff Johns, Greg Berlanti කියන තුන් දෙනා. ඉතින් මේ කතා මාලාව සෑහෙන්න ප්‍රසිද්ධ වුණා. ඒ වගේම මේකේ පලවෙනි season එකක් විකාශය වීමෙන් අනතුරුව මේකේ spin-off එකක් විදිහට doom petrol විකාශය වුණා. කොහොම නමුත් dc යුනිවර්ස්ලා කරන ඉදිරි කතා මාලවල් ගැන හොඳ දැනුමක් ලබා ගන්න නම් බයිස්කෝප් වෙබ් අඩවියට ගිහින් season 1 එකේ පලවෙනි එපියේ පොස්ට් එක බලන්න, මතක් විදිහට ඒකෙ සෑහෙන්න ලොකු හොඳ විස්තරයක් තිබුණා.
ඇත්තටම මේකේ imdb අගය ගත්තොත් 7.9 වගේ ඉතාමත් හොඳ අගයක් අරගෙන තියනවා. ඒ වගේම කුණු තක්කාලි දර්ශකයේ 82% ප්‍රතිශතයක් ගන්නත් මේ කතාව සමත් වෙලා තියනවා. ඒ වගේම මේ කතාව Action, Adventure, Science fiction, Superhero, Drama වලට වර්ගීකරණය කරන්න පුළුවන්. සෑහෙන්න හොඳ රඟපෑමක් මේකේ ඉන්න නළු නිළියන් තුලින් අපිට බලා ගන්න පුළුවන්. මිනිහෙක්ගේ වියරුව, මරන්න තියන ආසාව, පවුලක් කොච්චරක් නම් තමන්ට වටිනවද වගේ කාරණාවන් සහ බොරුව තමන්ගේ යහළුවන් ව රැවටීම වගේ දේවල් නිසා මොකක් සිද්ද වෙයිද වගේ දේවල් ඔයාලට හොඳින්ම බලා ගන්න පුළුවන්.
ඉතින් කතාව පැත්තෙන් ගත්තොත් හැමෝම දන්නවා ඇති batmanව නේද? ඉතින් එයාගේ සහයකයා රොබින්(මෙයාව දන්නවා ඇති කියලා හිතනවා) batman එක්ක තරහ වෙලා වේන් බංගලාවෙන් අයින් වෙලා පොලිසියේ පරීක්ෂක වරයෙක් විදිහට වැඩ කරන එකෙන් තමයි මේ කතාව ආරම්භ වෙන්නේ. ඉතින් මෙයාගේ නම තමයි ඩික් ග්‍රේසන්. ඉතින් කතාවේ හැටියට මෙයාගේ දෙමව්පියන්.... කතාව බලලම දැන ගන්න. ඉතින් මෙයා මෙහෙම වැඩ කරනකොට ගෑනු ළමයෙක් එනවා මෙයාව හොයා ගෙන. මොකක් නිසාද ඒ? එයා හීනෙන් මෙයාව දැක්කයි කියලා. කොහොමද එහෙම දෙයක් වුණේ. ඉතින් මේ ගෑනු ළමයා සෑහෙන්න විශේෂයි. කතාව බලලා ඉතුරු ටික හැමෝම දැන ගන්න. මොකද කතාව මීට වඩා කියන්න ගියොත් රසය නැති වෙනවා. කොහොම නමුත් මට නම් මේකේ පලවෙනි කතා සමය එච්චරම ලොකු දෙයක් දැනුනේ නැති වුනත්, දෙවෙනි කතා සමය සෑහෙන්න හොඳ මට්ටමකට තියනවා කියලා අනිවාර්යෙන්ම මට ඔයාලට කියන්න පුළුවන්. ඉතින් ගිහින් එන්නම් නැවතත් මේ වගේ පොස්ට් එකක් අරන්, එතකන් හැමෝමටම ජය වේවා!
- Brenton Thwaites - ඩික් ග්‍රේසන් (රොබින්/නයිට්වින්ග්)
- Teagan Croft - රේචල් රෝත්
- Anna Diop - කෝරි ඇන්ඩර්ස්
- Ryan Potter - ගාර් ලෝගන්
- Minka Kelly - ඩෝව්න් ග්රෙන්ජර්
- Alan Ritchson - හෑන්ක් හෝල්
- Conor Leslie - ඩෝනා ට්‍රෝයි(වොන්ඩර් ගර්ල්)
- Curran Walters - ජේසන් ටොඩ්(නිව් රොබින්)
- Esai Morales - ස්ලෙඩ් විල්සන්(ඩෙත් ස්ට්‍රෝක්)
- Chelsea Zhang - රෝස් විල්සන්
- Natalie Gumede - මර්සි ග්රෙව්ස්
- Joshua Orpin - කොර්නර්(සුපර් බෝයි)
- Iain Glen - බ්රුස් වේන්(බැට් මෑන්)
- Demore Barnes - විලියම් වින්ටර්ග්‍රීන්
_-_සහන් සුලක්ඛන_-_
!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!

No comments:
Post a Comment