Memories of the Alhambra - අල්හම්බ්‍රාවේ මතකයන් (2018-) - TV Series මංසල

අලුත් පරණ TV Series ගැන තොරතුරු සිංහලෙන් දැන ගන්න එන්න අපේ බ්ලොග් එකට.

Advertisement

Latest

Tuesday, October 1, 2019

Memories of the Alhambra - අල්හම්බ්‍රාවේ මතකයන් (2018-)


කොහොමද ඉතින් හැමෝටම. ඔන්න මම ඔයාලට අද අරගෙන ආවා පොඩි  විස්තරයක් නෙට්ෆිල්ක්ස් ලා කරපු සවුත් korean drama එකක් ගැන. ඉතින් දැන් අපි ඒ මොකක්ද කියලා බලමු. ඉතින් මම අද තෝරා ගත්තේ memories of alhambra කියන drama එක. ඉතින් මේ කතාව imdb හී 7.8 වගේ ඉතා ලොකු අගයක් ගන්න සමත් වුණු කතාවක්. ඇත්තටම කිව්වොත් ඔයාලට මේකේ පලවෙනි episode දෙක බලද්දී කතාවට ඔයාලා ඇබ්බැහි වෙයි. ඉතින් ඒ වගේම කියන්න තියෙන්නේ මේ කතාව korean කියලා බලන්නේ නැතුව නම් ඉන්න එපා කියලා.

මේ කතාවේ ප්‍රධාන චරිතය විදිහට හියුන් බින් යූ ජින් වූ විදිහට රඟ පානවා. ඒ වගේම heirs, පිනොකියෝ හී රඟ පා පාර්ක් ෂින් හී , ජන් හී ජූ ලෙස රඟ පානවා. මේ කතාව දකුණු කොරියාව වගේම ස්පාඥයේ බොහෝ තැන් වල තමයි රූගත කිරීම් කරලා තියනවා. ඒ වගේම තමා මේකේ වියදම වොන් බිලියන 25 වගේ ගානකට ඇස්තමේන්තු කරලා තියනවා කියලා තමයි ආරංචි වෙන්නේ.

ඉතින් කතාව දිහා බැලුවොත් කතාව යන්නේ ar  නැත්නම් Augmented Reality ආකාරයට සකස් කරපු game එකක් වටා. ඉතින් මේකේ ඉන්න යූ ජින් වූ රටේ හොඳම game කම්පනියක් වන j one කියන එකේ සභාපති. ඉතින් කොල්ලෙක් ඉන්නවා, ඒ කොල්ලා තමා මේ game එක හදලා තියෙන්නේ. ඒ කොල්ලා ඒක දවසක රෑකදී යූ ජින් වූට කතා කරනවා. ඉතින් ඒ දුරකථන ඇමතුමෙන් පස්සේ ඒ කොල්ලා අතුරුදහන් වෙනවා. ඉතින් ඇමතුමේදී එයා කියනවා එයාව හම්ඹ වෙන්න බෝනීටා කියලා නවාතැන් ගාරයකට එන්න කියලා. ඉතින් ඒ තැනෙ අයිතිය තියෙන්නේ එයාගේ අක්කට. ඉතින් ඇමතුමට කලින් කොහොම හරි ඒ කොල්ලා මෙයාගේ මේල් එකට ඒ game එක එවලා තියනවා. ඉතින් මේ game එක නිකන්ම ගහන්න බැහැ. මේ game එක ගහන්න නම් පොඩි ඇසට දාන කාචයක් තියනවා. ඒ කාචය නිපදවලා තියෙන්නේ මේ යූ ජින් වූගේ ආයතනයමයි. ඉතින් මෙයා ඒ game එක ගහන්න පටන් ගන්නවා. ඒ වගේම මේකේ සතුරා විදිහට ඉන්නේ මෙයාගේ හොඳම යාලුවා වන චා හියොන් සොක්, ඒත් ඉතින් එයාලා මේ වෙනකොට යම් හේතු නිසා තරහයි. ඉතින් මේ game එකේ විශේෂත්වය වෙන්නේ game එක play කරද්දී අපි ඒ දේවල් ඇත්තටම කරනවා නැත්නම් එකේ දේවල් ඇත්තටම සිද්ද වෙනවා කියලා දැනෙන එක. ඉතින් game එකක් ගැහුව්වහම එහෙම වෙන්නේ කොහොමද? ඒකට උත්තරේ ඉතින් ගන්න පුළුවන් වෙන්නේ ඔයාලට කතාව බලලම තමා. ඒ වගේම යූ ජින් වූ ඒ තැනට එනවා ඒත් ඉතින් කෝ අර කොල්ලා? යූ ජින් වූ ඇවිත් බලනකොට ඒ කොල්ලා නැහැ. ඉතින් යූ ජින් වූ මේක ගැන හොයන්න පටන් ගන්නවා. ඉතින් ඒ අතරේදීම මේ game චා හියොන් සොක් ගාවටත් ගිහින් තියනවා. කොහොම හරි එයා ගාවත් මේ game එක තියන නිසා එයත් මේ game එක play කරනවා. ඉතින් මේ දෙන්නා game එකේදී ද්වන්ධ සටනක් කරනවා. ඒකෙන් යූ ජින් වූ චා හියොන් සොක්ට කඩුවෙන් ඇනලා සටනින් දිනනවා. ඒත් ඉතින් පස්සේ දවසේ බලනකොට චා හියොන් සොක් මැරිලා. ඔන්න ඔතනින් කතාව වෙනස් විදිහකට ගලාගෙන යන්න පට ගන්නවා. ඔයාලට පුදුම නැද්ද එයා මැරුණේ කොහොමද කියලා, ඒ වගේම මේ game එක හදපු කොල්ලට මොකද වුණේ කියලා. ඒක ගැන දැන ගන්න නම් ඔයාලට කතාව බලන්නම වෙනවා. ඒ වගේම ඉතින් මේකේ ලස්සන ආදර කතාවකුත් පිටුපසින් ගලාගෙන යනවා. මේ කතාව ගැන දල අදහසක් ගන්න මේ විස්තරේ ඇති කියලා හිතනවා. එහෙනම් නැවතත් මේ වගේ කතාවකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම ජය වේවා කියලා පතනවා.




_-_සහන් සුලක්ඛන_-_
!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!

No comments:

Post a Comment