Kingdom - සොම්බින්ගේ රාජධානිය (2019-) - TV Series මංසල

අලුත් පරණ TV Series ගැන තොරතුරු සිංහලෙන් දැන ගන්න එන්න අපේ බ්ලොග් එකට.

Advertisement

Latest

Thursday, September 12, 2019

Kingdom - සොම්බින්ගේ රාජධානිය (2019-)


ඔන්න අද මම කට්ටියට අරං ආවා සෑහෙන්න ප්‍රසිද්ධ වුණු Netflix ලගේ සුපිරිම දකුණු Korean TV Series එකක් ගැන. මේ කතාව සොම්බි කතාවක්. ගොඩක් කට්ටිය ආසයි නේ මේ වගේ භය හිතෙන සොම්බිලා ඉන්න කතා බලන්න. එහෙනම් ඉතින් මෙන්න නියම කතාව.කට්ටියටම හිතෙනවා ඇති ඉතින් වොකින්ග් ඩේඩ් තියෙද්දී මේක බලන්නේ මොකටද කියලා.වැඩේ කියන්නේ මේ කතාවේ පලවෙනි season එකේ තියෙන්නේ එපි 6 යි. තාම දෙවෙනි එක නම් ආවේ නැහැ. ඒකත් ඉතින් ඉක්මනට එයි. ඒ වගේම කියන්න ඕනේ මේකේ imdb අගය 8.5 වගේ සුපිරිම අගයක් ගන්නවා. වෙනසකටත් එක්ක මේ කතාව බලන්න පලවෙනි එපිය බැලුවට පස්සේ ඔයාලා මේක එක හුස්මටම බලලා දානවාමයි කියලා මම කියනවා.

කතාව පැත්තට හැරුනොත් මේ සිද්ද වෙන සිදුවීම සිද්ද වෙන්නේ දකුණු කොරියාවේ පැරණි රාජ්‍ය පාලන කාලය තුලදී. ඉතින් මේ කාලයේ රාජ්‍ය පාලනය කරන රජතුමා මැරෙනවා. ඔන්න ඉතින් මෙයාගේ කලින් ඉපදුණු පුත්‍රයා රජ වෙන්න ඕන වුනත් ඒක වලකා ලමින් රජතුමාගේ බිරිඳ සහ එයාගේ පියා එකතු වෙලා මේ රජුව පණපිටින් තියන්න නැත්නම් මරණෙන් නැගිට්ටවන ලෙස එක්තරා වෛද්‍ය වරයෙක්ට කියනවා. ඉතින් ඔහු ඒ දේ එක්තරා මල්වර්ගයක් ආදාරයෙන් සිද්ද කරනවා. මේ අගබිසව ඉතා තරුණයි. ඒ වගේම මේ තරුණ අගබිසවගේ පියා තමයි රාජ සභාවේ ප්‍රධාන අමාත්‍ය. ඒ වගේම මේ පවුලට ඒ රටේ හැමෝම වගේ භයයි. ඒක ඔයාලට පලවෙනි එපියෙන්ම දැක බලා ගන්න පුළුවන් වෙයි. කොහොම හරි අර වෙදැදුරු තුමා රජතුමාට පණ දෙනවා. ඒත් ඉතින් රජතුමා සොම්භියෙක් බවට පත් වෙනවා. එයාට ජීවත් වෙන්න මිනිස් ලේ සහ මිනී මස් ඕන කරනවා. ඉතින් රජතුමාට ලේ බොන්න දෙන්න වෙදැදුරු තුමා සමඟ තවත් සහයකයෙක් යනවා. ඉතින් ඒ වෙලේදී ඒ සහයකයව රජතුමා අල්ල ගෙන කනවා.  ඉතින් ඒ මැරුණු සහයකයාව නැවතත් වෙදැදුරු තුමා තමන්ගේ ගිලන් හලට අරං එනවා. මේ කාලයේදී ප්‍රධාන අමාත්‍ය විසින් ජනතාව පීඩාවට පත් කරමින් බදු අය කරගෙන පෝසත් වෙනවා. ඉතින් මේ වෙදැදුරු තුමාගේ රෝහලේ ඉන්න ලෙඩ්ඩුන්ට කන්න නැහැ, ඒ නිසා බෙහෙත් බොන්න බැහැ. ඉතින් මේක නිසා මේ රෝහලේ ඉන්න පුද්ගලයෙක් අර මැරුණු සහයකයව උයලා ඒ රෝහලේ ඉන්න කට්ටියට කන්න දෙනවා. ඒ වගේම මේ රෝහලේ හෙදියක් ඉන්නවා, ඉතින් එයාට මේක අහු වෙනවා. ඉතින් ඒ අහු වෙද්දී මෙයා පරක්කු වැඩියි, ඒ හැමෝම සොම්බිලා බවට පත් වෙලා, ඉතින් එයාලා කොහොමද මෙතනින් බේරෙන්නේ සහ තව තවත් සොම්බිලා ගේ ප්‍රමාණය වැඩි වෙන්නේ යන දේ දැන ගන්න නම් ඔයාලට කතාව බලන්නම වෙනවා, ඒ වගේම මේකේ ඉන්නවා රජතුමාගේ පලවෙනි පුත්‍රයා යුව රජු, ඉතින් එයා කොහොමද මේකට විරුද්ධව කටයුතු කරන්නේ, එයා කොහොමද මේ ප්‍රධාන අමාත්‍යව පරාජය කරන්නේ, කොහොමද මේ සොම්බිලව  විනාශ කරන්නේ කියන ඒක දැන ගන්න ඔයාලට කතාව බලන්න කියලා මම ආරාධනා කරනවා.


ඉතින් ඔන්න කතා දෙක ගැන දල අදහසක් ගන්න මේ විස්තර ටික ප්‍රමාණවත් කියලා හිතනවා. එහෙනම් ඉතින් අදට සමු ගන්නවා. comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම නැවතත් මේ වගේම පොස්ට් එකකින් හම්ඹ වෙන්නම් කියමින් ඔයාල හැමෝගෙන්ම සමු ගන්නවා. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා!


_-_සහන් සුලක්ඛන_-_
!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!

No comments:

Post a Comment