මධ්‍යම පෘථිවියෙදි අපිට elf ලගෙ ගෝත්‍රයන් (සංස්කෘතීන් සහ උප සංස්කෘතීන්) කීපයක් දකින්න හම්බෙනව...ඉතින් පෝස්ට් දානකොට මේ සංස්කෘතීන් වල නම් භාවිතා කරන්න වෙන හින්ද මේ සුරයන් කොහොමද බෙදෙන්නෙ කියන එක ගැන Middle Earth ලිපි පෙලේ දෙවෙනි ලිපිය විදිහට අපි දාන්න හිතුව...ඉතින් මේ සංස්කෘතීන්, ඒවට ආවේණික ලක්ෂණ සහ එකිනෙක අතර ඇති වෙනස්කම් වැඩි දුරටත් ඉදිරියෙදි කතා කරන්න බලපොරොත්තු වෙනව...
සුරයන්ගේ පිබිදීම යනු පලමු යුගයේ ආරම්භයට පෙර සිදුවූ විශේෂ සිදුවීමකි...සොයගත හැකි විස්තර වාට අනුව ඔවුන්ගේ පිබිදීම සිදුවූවේ නිසැකවම Varda විසින් ආකාශ මත අතිරේක තාරුකාවන් නිර්මාණය කිරීමත් සමඟය...
Cuivienyarna නම් පුරාවෘතයට අනුව පලමු සුරයන් නිර්මාණය කරන ලද්දෙ Eru Illuvatar විසින් වන අතර ඔවුන් අවදි වූයේ Cuiviénen බොක්ක අවටයි...
🍃 ලොව පහල වූ පලමු සුරයා Imin වූ අතර පසුව ඔහුගේ බිරිඳ Iminye අවදි විය...
🍃 දෙවෙනියා වශයෙන් Tata සහ ඔහුගේ බිරිඳ වූ Tatie අවදි විය...
🍃 තෙවෙනියා වශයෙන් Enel අවදි වූ අතර පසුව Enelye අවදි විය...
Imin, Tata සහ Enel ඔවුන්ගේ බිරින්දෑවරුන් සමඟ එකතු වී තවත් සුරයන් සෙවීම සඳහා වනය තුලට ඇදෙන්නට විය...
ඔවුන්ට පලමුවෙන්ම සුරයන් යුගල 6ක් හමුවූ අතර වැඩිමලා වශයෙන් Imin ඔවුන්ව අවදිකර තමන්ගේ ජනතාව වශයෙන් බාරගන්නා ලදී...ටික කලකට පසු Imin සහ ඔහුගේ ජනතාව Tata සහ Enel සමඟ නැවතත් තවත් අය සොයමින් ගමන් අරඹන්නට විය...එහිදී ඔවුන්ට යුගලයන් 9ක් හමුවූ අතර දෙවෙනියා වශයෙන් Tata ඔවුන්ව බාරගන්නා ලදී...තවත් සුලු කාලයකට පසුව 36 දෙනා නැවතත් ගමන් කරන්නට පටන් ගැනිනි...මේ මොහොතේ ඔවුන්ට යුගලයන් 12ක් හමුවූ අතර බාලයා වූ Enel ඔවුන්ව බාරගන්නා ලදී...දැන් ඔවුන්ගේ සංක්‍යාව 60ක් දක්වා වැඩි වී ඇති අතර කිහිප දිනකට ඔවුන් ගංගාවන් අද්දර ජීවත් වී කවි සහ ගීත නිර්මාණය කරන්නට පටන් ගැණිනි...
අවසානයේදී ඔවුන් නැවතත් ගමන් කරන්නට විය, නමුත් Imin හට එක් ප්‍රශ්නයක් විය; එය නම් ඔවුන් නවක සගයන් සොයාගන්නා සෑම විටම පලමු කෙනාට වඩා වැඩි සංක්‍යාවක් අනික් කෙනාට හමුවීමයි...ඔහුගේ ජන සංක්‍යාව අනෙක් දෙදෙනාට වඩා අඩු හෙයින් මෙවර ඔහු අවසානයට සගයන් තෝරාගැනීමට තීරණය කරන ලදී...
මෙවර ඔවුන් හට යුගලයන් 18ක් හමු වූ අතර, Imin විසින් පැමිණ වැඩිමලා වශයෙන් ඔවුන්ව බාරගන්නා තෙක් Tata සහ Enel රැඳී සිටියේය...නමුත් ඉමින් විසින් ඔවුන්ව බාරගැනීම ප්‍රතික්ෂේප කල හෙයින් Tata විසින් ඔවුන්ව බාරගන්නා ලදී...අනෙක් අයට වඩා උස වූ ඔවුන් හට අඳුරු කෙස් කලඹක් හිමි වූ අතර Noldor වරුන්ගෙ ආදිමතයන් ඔවුන් විය...දැන් ඔවුන්ගෙ සංක්‍යාව 96ක් වූ අතර ඔවුන් එකිනෙකා සමඟ කතා කිරීමට පටන් ගැණුනු අතර නව වචනද ඉගෙනගත්හ...
නමුත් ටික කලකින් ඔවුන් නැවතත් ගමන් ඇරඹූ අතර ඔවුන්ට තවත් Elf යුගලයන් 24ක් හමු විය...ඉමින් විසින් ඔවුන්ව බාරගැනිමද ප්‍රතික්ෂේප කල හෙයින් Enel විසින් ඔවුන්ව බාරගැණිනි...එමෙන්ම Lindar සුරයන්ගෙන් බොහෝ දෙනා පැවත එන්නේ මොවුන්ගෙනි...
දැන් ඔවුන් සියලු දෙනා 144ක් වූ අතර ඔවුන් දිගු කලක් එකට ජීවත් වෙමින් සියලි දෙනාම එකම භාෂාවක් කතා කිරීමට ඉගෙන ගත්හ...මේ මොහොතේදී තවත් සගයන් තෝරාගැනීමට කාලය පැමිණ ඇති බව ඉමින් විසින් පවසා සිටි නමුත් Tata සහ Enel ඔහු සමඟ යාම ප්‍රතික්ෂේප කලහ...එමනිසා Imin සහ ඔහුගේ බිරිඳ Iminye ඔවුන්ගේ ජනතව සමඟ පිටව ගොස් Cuiviénen අවට තවත් සුරයන් සෙවූවත් ඔවුන් හට කිසිවෙන් සොයාගැනීමට නොහැකි විය...
සුරයන්ගේ පිබිදීමේ කතාවෙන් පසුව Minyar එහෙමත් නැති නම් වැඩිමහලුම සංගමය ලෙස හැඳින්වෙන Vanyar වරුන්ගේ මුතුන් මිත්තන් Imin යටතේ ජීවත් වූ අතර ඔවුන්ගේ සංක්‍යාව 14ක් විය...Noldor වරුන්ගේ ආදිතමයන් වූ Tatyar වරුන්ගේ සංක්‍යාව 46ක් විය...Enel යටතේ ජීවත් වූ Nelyar, විශාලම සංගමය වූ අතර ඔවුන් Teleri වරුන්ගේ මුතුන් මිත්තන් විය...
සුරයන්ගේ පිබිදීම පිලිබඳ දැනගත් පලමුවැන්න Melkor වූ අතර ඔහු ඔවුන් වෙතට නපුරු ආත්මයන් මුදාහැරිය අතර ඔවුන් විසින් සුරයන් මත Valar වරුන්ට විරුද්ධව සිතිවිලි ඇති කලහ...එමෙන්ම ඔවුන් විසින්, Valar වරුන්ගේ ධාවකයන් නම් පිරිසක් විසින් සුරයන්ව අල්ලාගොස් ඕර්කයන් ලෙස විකෘති කරන බවටද කටකතාවන් පැතිරෙව්වේය...
දිනක්, Oromë සුරයන් වෙත පැමිණ ඔවුන් කවුරුන්දැයි ඔවුන්ට පසක් කර දුනි...නමුත් මුලින් ඔවුන් ඔහුව සැක කල අතර ඔහු ධවකයෙකු යැයි සිතා ඔහුට බිය විය...කෙසේ වෙතත්, Imin, Tata සහ Enel, Oromë සමඟ Valinor වෙත යාමට එකඟ විය...ඔවුන්ව, Ingwë (minyar පාලකය), finwë (Tatyar පාලකය) සහ Elwë (Elyar පාලකය) ලෙස හැඳින්වුවේය...කිහිප කලකට පසු Cuiviénen වෙත පැමිණි ඔවුන් තිදෙනා ඔවුන්ගේ ජනතාවට Valinor හි ශ්‍රේෂ්ඨ බව පැවසූ අතර ඔවුන් Valinor වෙත පිටත් වීම සිදු වන්නට විය...
Minyar(Vanyar), Tatyar (Noldor), සහ Elyar(teleri) යන මෙම කණ්ඩායම් ත්‍රිත්වය Oromë සමඟ බරහිරට යාම ඇරඹූහ...Oromë විසින් සුරයන්ව Eldar ලෙස නම් කල අතර පසුව Aman වෙත ගිය අය හැඳින්විමට පමණක් භාවිතා කරන ලදී...Tatyar වරුන් සහ Lindar වරුන්ගේ බොහෝ අය Oromë විශ්වාස නොකර දිගටම Middle-Earth හි රැඳී සිටීමට තීරණය කල හෙයින් ඔවුන්ව "Avari" ලෙස හඳුවනු ලැබුණි...Avari යන්න Qyenya භාෂාවේ වචනයක් වූ අතර එහි අර්ථය "අකමැති/ අප්‍රිය" වේ...
**********************************************
Elf කෙනෙක්ගේ බුද්ධියට, දැනුමට හා ශරීරයට සාපේක්ෂව ඔවුන්ගේ ජීවිතය ගෙවෙන්නේ ඉතා සෙමෙන්ය...උදාහරණයක් ලෙස, අවුරුදු 20ක් ජීවත් වූ එල්ෆ් කෙනෙක්ගේ දැනුම, බුද්ධිය ශරීරය සහ කුසලතා අවුරුදු 20ක කෙනෙක් වශයෙන්ම වැඩී තිබුනත් අවුරුදු 20ක සිටින එල්ෆ් කෙනෙක්ගේ වයස සැබවින්ම අවුරුදු 5ක් හෝ 7ක් පමණය...
එල්ෆ් කෙනෙක් වැඩිවියට පසු වන වයස එලඹෙන්නේ ඔවුන් වසර 50ක් ජීවත් වූ පසුව වන අතර අවුරුදු 100ක් ගෙවුනු තැන ඔවුන් වැඩුණු එල්ෆ් කෙනෙක් ලෙස සලකයි...එතකන් ඔවුන් එල්ෆ් දරුවන් ලෙසයි සලකන්නෙ...
ඉන් පසුව ඔවුන්ගේ තරුණ විය එලඹෙන අතර එය අවුරුදු 10000ක් පමණ දිගු වේ...ඉන් පසුව ඔවුන් මැදි හෝ මහලු වියට පා තබන අතර එතැන් පටන් ඔවුන්ගේ රැවුල වැඩීමටත්, Middle Earth හි ජීවත් වීමෙන් වෙහෙසට පත් වීමටත් පටන් ගනී...
Cirdan යනු මහලු කාලය ගෙවන ලොව එකම සුරයා වේ...
**********************************************
සුරයන් නැවත නැවත උපදීමක් නැත...එහෙයින් ඔවුන්ගේ ශරීරයද, ආත්මයද එක සමානය...ඔවුන් Middle Earth හි මියා යාම මගින් සිදු වන්නේ ජීවී ලෝකය තුල ඔවුන්ගේ ශරීරය මිය යෑමක් පමණි, නමුත් ඔවුන්ගේ සිරුරු Valinor/ Aman හි පිහිටි Mandos ශාලා වල අවදි වේ...ඉන් පසු කාලයේ අවසානය තෙක්ම එම ආත්ම එහි සැරිසරන අතර Mandos ගේ කැමැත්තට අනුව සහ එම ආත්ම දල ඉල්ලීම අනුව ඔවුන්ට නැවතත් ජීවී ලෝකයට යා හැකිය...
_-_Er Murazor_-_
!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!

No comments:
Post a Comment