The Boys - සුපිරි ප්‍රතිරෝදය (2019-) - TV Series මංසල

අලුත් පරණ TV Series ගැන තොරතුරු සිංහලෙන් දැන ගන්න එන්න අපේ බ්ලොග් එකට.

Advertisement

Latest

Monday, August 5, 2019

The Boys - සුපිරි ප්‍රතිරෝදය (2019-)


සුපිරි වීරයො තමන්ගෙ බලයන් වැරදි විදියට පාවිච්චි කරොත් මොනා වෙයිද ?හිතලා බලන්න ලොකෙ ඉන්න බලවත්ම මිනිස්සු වැරදි දේ කරොත් සාමාන්‍ය අපි ඒක නවත්තන්නෙ කොහොමද ?

ඕන් ආව 2019 ආපු තවත් සුපිරියක් එක්ක.ඇමේසන් ප්‍රයිම් හරහා නිකුත් උනු imdb මීටරේ 9/10ක් කරකවපු සුපිරි ඩාර්ක් කොමඩි සීරීස් එකක් තමා the boys කියන්නෙ.මේකට බේස් වෙලා තියෙන්නෙ Garth Ennis ලියපු the boys කොමික් සීරීස් එක.ටිකක් විතර 18+ වීඩියෝ හින්දම නෙමෙ කතාව තමා එහෙම .උබලා ආවෙ සුපිරි වීරයෝ ටිකක් වීරයො උන සීරීස් එකක් බලන්නම් අදහස අතැරගනින්.මේ සුපිරි වීරයො පාලනය කරන්න හදන මිනිස්සු ටිකකගෙ කතාවක්.

කතාව ගැනමේ කාලෙ වෙද්දි ලෝකෙට සුපිරි වීරයො වැහි වැහලා. මේකෙ ප්‍රදාන වීරයන්ගෙ ටීම් එකක් තියෙනවා the seven කියලා. මුන් හොදයි වගේ ලෝකෙට පේන්න හිටියට මුන් තමන්ගෙ බලයන්ගෙන් අන්ද වෙලා තියෙන්නෙ. මුන් හොද වැඩත් කරනවා ඒත් සුපර් හීරෝ කියන වෙස් මූන අස්සට වෙලා ඉදන් මුන් මහ අපත වැඩත් කරනවා. අර අයිසෙක් නිව්ටන් කියලා තියෙනවනෙ සෑම ක්‍රියාවකට විශාලත්වයෙන් සමාන එහෙත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් පවතිනවා කියලා. ආන් ඒ අගේ මේ සුපිරි වීරයන්ගෙ අමනකම් වලට විරුද්දව මිනිස්සු අතරින් ගොඩනැගෙන බලවේගය තමා the boys කියන්නෙ.

The seven team එක දිහාට හැරුනොත් මේකේ මෙම්බර්ස්ලා,

  • Homelander-the seven එකේ ලීඩර්. ලෝකෙට හොදම මූන පෙන්නන් ඉන්නෙ මූ තමා.කැප්ටන් ඇමෙරිකාගෙයි අපෙ සුපීගෙයි හයිබ්‍රිඩ් එකක් වගේ. හිතාගනින්කො කොහොම බලයක් ඇද්ද කියලා. Heat Vision,X-Ray Vision පවා තියෙනවා.
  • The Deep-වල් පරයා .මූත් එක්ක මන් කෝමත් තරහයි.ප්ලවෙනි එපිය බැලුවම කොල්ලෙක්නම් උබලටත් තරහක් එයි අනිවා.ඇක්වා මැන්ගෙ කොපියක්
  • Queen Maeve-හෝම්ලෑන්ඩර් එක්ක එකටම තමා ගොඩක් ඉන්නෙ.wonder women ගෙ කොපියක්.හෝම්ලෑන්ඩර්ගෙ ex girlfriend.හිතන තරම් හොද නෑ
  • Black Noir-සුපිරි පවර් තියෙන නින්ජෙක්.වැඩිය කතාබහ නෑ ඒත් වැඩ්ඩෙක්.මිනිහෙක් නෙමේ වගේ ඒ හැගීම් අඩුයි.බැටාගෙ කොපියක් කියල තමා කියන්නෙ
  • A-train-හම්මෝ මුගෙන් තමා පටන් ගන්නෙ.ෆ්ලෑස් අයියගෙ කොපියක්.ඒත් ඒ තරම් හයියෙන් දුවන්න බෑ ශබ්දයේ වේගෙන් වගේ තමා
  • star light -වචනයක් කියන්න එපා මෙයාට නම් මගෙ ක්‍රශ් එක.ඒම කිව්වම වල් වගේද?ඩීප්ට නම් එහෙමලු .
  • Translucent-අදිසි බලය 2 ඒ කියන්නෙ කලින් එකෙක් ඉදලා තියෙනවා.හරියටම කියන්න බෑ මටනම් මේ කාගෙ කොපියක්ද කියලා ෆැන්ටෑස්ටික් 4 මතක් උනා හැබැයි .

The boys ලා ගැන වැඩිය කියන්න යන්නෙ නෑ. ඊලග එකකින් ඒ ගැන කියන්නම්.





============ඔබට ජය============
_-_දිමන්ත නිරෝෂන්_-_

!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!


No comments:

Post a Comment