මේ කතාවේ චරිත 6ක් තියෙනව. රෝස්, මොනිකා, chandler, ජෝවී,රේචල් සහ ෆීබී. අවුරුදු 10ක් තිස්සේ එයාල සැප-දුක බෙදාගෙන ජිවත්වෙන හැටි තමයි මේ කතාවෙන් කියවෙන්නේ. එයාල ගොඩක් වෙලාවට ඉන්නේ සෙන්ට්‍රල් පර්ක් (central perk) කියන කොෆී ෂොප් එකේ.ෆ්‍රෙන්ඩ්ස් ගැන කියද්දී සෙන්ට්‍රල් පර්ක් එක ගෙන නොකිය ඉන්නම බෑ. ඒකෙ වැඩ බලන්න ඉන්නේ “ගන්තර්”. රෙචලුත් ටික කාලයක් ඒකෙ වේට්‍රස් කෙනෙක් විදියට වැඩ කරලා තියෙනව. තව ජෝවිත්,රෙචල් තරම්ම නැතත් ටික කාලයක් වැඩකළා. ෆීබී තමයි කස්ටමර්ලා ආවම එයාලට විනෝදයක් වෙන්න සින්දු කියන්නෙ. ෆ්‍රෙන්ඩ්ස් බලපු අය නම් දන්නවා ෆීබීගෙ සින්දුවල තියන ලස්සන 😂. (මගෙ යාලුවෙකුත් ඉන්නවා එහෙම සින්දු කියන).
කතාව පටන්ගන්නේ මෙහෙම. දවසක් යාළුවො පස්දෙනා පුරුදු විදියටම සෙන්ට්‍රල් පර්ක් එකේ කතා කරකර ඉද්දි රේචල් එයාගේ වෙඩින් ඩ්‍රෙස් එකත් ඇඳන් කලබලෙන් වගේ ඇවිත් මොනිකව හොයනවා. මොනිකයි අනිත් කට්ටියයි ඒ දිහා බලන් ඉද්දි රේචල් ඇවිත් මොනිකාට කතාකරල එහෙම අනිත් අයවත් අඳුරගන්නව. රේචලුයි මොනිකයි high school ගිහින් තියෙන්නෙ එකට. ඒකටම තමා රෝස් ගිහින් තියෙන්නෙත්. ආ රෝස් කියන්නෙ ගර්ලිෂ් නමක් උනත් ඒ තමයි මොනිකගෙ අයිය. ඒ කාලෙ ඉදංම රේචල් කියන්නෙ රෝස්ගෙ ක්‍රශ් එක.. කතාව ඇතුලත එයාල දෙන්න තරහ වෙනව යාලුවෙනව ආයෙ තරහ වෙනව, බැඳල ඩිවෝසුත් වෙනව😁.. රෝස් කියන්නෙ සංවේදී, උගත් ඒවගේම හරිම හොඳ චරිතයක්. එයා පාෂාණ පිලිබඳ සයන්ටිස්ට් කෙනෙක්. රේචල් කැමතිම ෆැෂන් කරන්න, ෂොපින් යන්න ඒ වගේ දේවලට. එතකොට මොනිකා, එයා චෙෆ් කෙනෙක්. ඉක්මනට කලබල වෙන, හැමතිස්සෙම පිරිසිදුව ගැන හිතන රෝස්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක් තමා මොනිකා කියන්නෙ. My life-my rules ජාතියෙ කෙනෙක්. ඊලගට චැන්ඩ්ලර් කට්ටිය එයාව දැක්කම හිතන්නෙ එයා "ගේ" කියල😁 එයා "king of the sarcasm" කියල අදුන්වන්න පුලුවන්! ඇත්ත ජීවිතේදි නම් drug addict කෙනෙක්. ඊලගට මං කැමතිම චරිතෙ, ජෝවි නැත්තම් mr.ජෝසෆ් ට්‍රිබියානි. එයා ඇක්ටර් කෙනෙක් ඉතාලි + ඇමරිකන් සම්බවයක් තියෙන කෙනෙක්. ජෝවියි ෆීබීයි මාසෙකට එක පාරක් එකතුවෙලා යාලුවො ගැන කතාකරනව ඒක ඒ දෙන්නගෙ හොබි එකක්. ෆීබී, අමුතු කෙනෙක්. ගොඩක් අමුතු කෙනෙක්. එයා පොඩි කාලෙ පාරෙ හැදුන කෙනෙක් එක පාරක් රෝස්ව බයකරල එයාගෙ බෑග් එකත් අරන් තියෙනව.
මේ තමයි යාලුවො හය දෙනා...
- Rachel green - Jenifer aniston
- Monica Geller - Courteney cox
- Chandler bing - Mattew perry
- Joey tribbiani - Matt le blanc
- Phebe buffey - Lisa kudrow
- Ross geller - David schwimmer
ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කතාව ලොව පුරා ප්‍රේක්ෂකයන් අතුරින් 688,000 වගේ පිරිසකගෙන් imdb අගය 8.9 වගේ හිමි කර ගෙන ඇති වීමයි.ඉතින් හැමෝටම කියනවා මේ post එක කියවලා එහෙම්ම කතාවත් බලන්න කියලා.
_-_ලෙශානි රූපසිංහ_-_
!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!

No comments:
Post a Comment