සමහර ජන කොටස් විස්වාස කරනවා මිනිස් මස් කෑවම වේගය ශක්තිය සහ අමරනීයත්වය වගේ විශේශ ඇබිලිට් හම්බෙනවා කියලා. නමුත් හැමදේම එන්නෙ මිලක් එක්කය්. මේ හැමදේම ලැබුනත් එන්න එන්නම ඔබේ කුසගින්න වැඩි වේවි. මිනිස් බව ක්ශය වෙලා තිරිසන් ගතිය ස්මතු වේවි. අවෘදු 100 ගනනකට පසු මිනිස්කම නැති වෙලා වින්ඩිගෝ සතෙක් බවට පත්වේවි.
ඔන්න ගෙනාවා supernatural series එකේ දෙවෙනි පෝස්ට් එක පලවෙනි පෝස්ට් එක the women in white කියෙව්වෙ නැත්තන් පේජ් එකට ගිහින් කියවන්න.අද කියන්න යන්නෙ සුපර්නැචුරල් දෙවෙනි එපියෙ මුන ගැහෙන wendigo කියන සත්වයා ගැන.
සෑම්ටය් ඩීන්ටය් මේ wendigo සතෙක් හම්බෙන්නෙ තාත්තගෙ ජර්නල් එකේ කන්ඩාංක ෆලෝ කරලා කැලේක අතුරුදහන් උනු කෑම්ප් ගහන්න ආපු කට්ටියක අතුරු දහන් වීමක් හොයන්න ගිහින්. ජනප්‍රවාද වල හැටියට මේ wendigo කෙනෙක් හැදෙන්න අදික බඩිගින්න නිසා තමන්ගෙ මස් හරි තවත් මිනිහෙක්ගෙ මස් හරි කාපු සාමාන්‍ය මිනිහෙක්ගෙන්.ලෝකෙ තියෙන රසම මස් මිනී මස් කියලා කතාවක් තියෙනවනෙ. මිනී මස් කන්න කන්න බඩිගින්න වැඩි වෙනවා. ඒ වගේම උඩ කිව්වා වගේ වේගය, ශක්තිය, අමරනීයත්වය වගේ දේවලුත් හම්බෙනව. ඒ දේවල් වෙද්දිම ඒත් එක්කම ටික ටික වෙන්ඩිගෝ සතෙක් බවට පත්වෙනවා.
මුන් ටිකක් මොලේ තියෙන ක්‍රියේචර්ස්ල ජාතියක්. මුන් කෑම කල් තියාගන්නවා. සමහර කාලවලදි මෙයාල හිටියද කියලවත් හොයාගන්න නැති වෙනවා.ඒ කාලෙට යූස් කරන්නෙ මේ කල් තියාගත්ත මිනිස්සු. මෙයාලා හරි අපූරු විදියට මිනිස්සුන්ව අල්ලන්නෙ.ඒ කටහඩ අනුකරනය කරලා. ඒවගේම සුපිරි ඉවක් තියෙනවා. ජීවත් වෙන්නෙ කැලෑ ආශ්‍රිතව. අදුරු සීතල ස්තාන තමය් මෙයාල් කෑම ගබඩා කරන්න යොදාගන්නෙ. මෙයාලගෙ තියෙන දුර්වලතාව තමය් ගින්දර. මතකනේ හොල්මන් ඩීමන්ලා ලුනු වලට බයය්නෙ ඒ වගේම මෙයාලට විශේශ වෙච්ච සිම්බල් වගයක් තියෙනවා. මේ සීරීස් එකේදි කිව්වෙ නැති උනත් ජනප්‍රවාද වල හැටියට රිදී වලටත් මුන්ව මරන්න පුලුවන්. indian ජනප්‍රවාදවලත් මෙයාලා හම්බෙනවා . මේ එපියෙ වගේම සිද්දියක් තියෙන හින්දි ෆිල්ම් එකක් තියෙනවා Creature කියලා . ඒකත් බලන්න.ඒකත් පට්ට ඉතින් ඕන් ඒකය් වෙන්ඩිගෝගෙ කතන්දරේ .
පේජ් එකටත් ලය්ක් එකක් දාන්නො. slmovieplus එකෙන් බාගන්න පුලුවන්.
=======ජය වේවා!========
_-_දිමන්ත නිරෝෂන්_-_
!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!

No comments:
Post a Comment