The Magicians - මායාකරුවන් (2015-) - TV Series මංසල

අලුත් පරණ TV Series ගැන තොරතුරු සිංහලෙන් දැන ගන්න එන්න අපේ බ්ලොග් එකට.

Advertisement

Latest

Tuesday, July 16, 2019

The Magicians - මායාකරුවන් (2015-)


කොහොමද එහෙනම් කට්ටියට.ඔන්න එහෙනම් අද මම අරං ආවා වැඩි දෙනෙක් කතා කරන්නේ නැති ඒත් ප්‍රසිද්ද TV Series එකක් ගැන.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.ඉතින් ඔයාලා දන්නවා ඇති මායාකාරයෝ මැජික් කාරයෝ ගැන එහෙම.ඉතින් මේ කතාවත් තියෙන්නේ ඒ වගේ කට්ටියක් ගැන තමයි.ඉතින් විශේෂත්වය තියෙන්නේ මේක ෆැන්ටසි කතාවක් වෙන එක.ඇස්බැන්දුම් නෙවෙයි ඇත්තම මායාවන් වෙන හැටි ගැන තමයි තියෙන්නේ.ඉතින් මේකේ මායාවන් ගොඩක්ම සම්බන්ධ වෙන්නේ ගණිතය කියන දේ හරහා.මේකෙදී මායකාරයෙක්ට හොඳට ගණන් පුළුවන් කියලා කියන්නේ ඉතින් නියමට මැජික් පුළුවන් හා සමානයි.මේක බලද්දී ඔයාලට ඒ ගැන තේරුම් ගන්න පුළුවන්.

ඉතින් කතාවේ IMDB අගය දිහා බැලුවොත් 36,000 කට ආසන්න ප්‍රේක්ෂකයන්ගේ ඡන්දය මගින් 7.6 ලබා ගන්න සමත් වෙලා තියනවා.ඒ වගේම තමයි TV.com වෙතින් 10 න් 8.3 ලබා ගන්නත් කුණු තක්කාලි දර්ශකය නැත්නම් Rotten Tomatoes වෙතින් 89% අගයක් ලබා ගන්නත් ගූගල් පරිශීලකයන් මගින් 96% ප්‍රසාදයක් දිනා ගන්නත් මේ කතාව සමත් වෙලා තියනවා.

ඉතින් මේක The Magicians යන නවකාතාවම ටෙලි කතාවකට නැගීමක් ලෙස දක්වන්න පුළුවන්.ඉතින් මේක රචනා කරලා තියෙන්නේ Lev Grossman නමැති රචකයායි.ඉතින් මේක ඇමරිකානු ටෙලි කතාවක්.මේක විකාශය වෙලා තියෙන්නේ Syfy නාලිකාවේ.ඉතින් මේක පලවෙනියටම මුදා හැරලා තියෙන්නේ 2015 දෙසැම්බර් මාසයේ 16 වෙනිදා.ඉතින් 2019 වසරේදී season 4 විකාශය වුණා.ඉතින් season 5 ඊලඟ අවුරුද්දේ විකාශය වෙන බව නිල වශයෙන් Syfy නාලිකාව ප්‍රකාශයට පත් කරලා තියනවා.ඉතින් දැනට මේ කතාවේ episode 52  විකාශය කරලා තියනවා.

හොඳයි මේ හදලා තියෙන්නේ Sera Gamble සහ John McNamara කියන අය.ඉතින් නිෂ්පාදනය කරලා තියෙන්නේ Mike Cahill, Michael London, Janice Williams, Scott Smith, John McNamara, Sera Gamble, Henry Alonso Myers, Mitch Engel යන කට්ටිය. ඉතින් මේ කතාව හදන්න අරගෙන තියෙන්නේ නිව් ඔර්ලින්ස්, ලුසියානා, වැන්කොවාර් සහ බ්‍රිතාන්‍ය කොලොම්බියාවයි. සිනමාරූපකරණය සිදු වෙලා තියෙන්නේ 
Vanja Cernjul, Elie Smokin අතින් වෙන අතර සංස්කරණ කටයුතු සිදු කරලා තියෙන්නේ 
Sue Blanely, Jason Courson, Mats Abbott,  Rita K. Sanders අතින්. ඒ වගේම තමයි නිෂ්පාදන කටයුතු ආයතන ලෙස කටයුතු කරලා තියෙන්නේ McNamara Moving Company, 
Man Sewing Dinosaur, Groundswell Productions, Universal Cable Productions යන ආයතනයි. ඒ වගේම බෙදා හැරීම වශයෙන් කටයතු කල ආයතනය වෙන්නේ NBCUniversal Television Distribution යන ආයතනයයි.

ඉතින් මේ කතාව දැනට සම්මාන 7 කට නිර්දේශ වෙලා එයින් 1 දිනා ගෙන තියනවා.ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ 2016, 2017, 2018 යන කාල වලදී Saturn Awards සඳහා Best Fantasy Television Series (හොඳම මනක්කල්පිත ටෙලි කතාව) යන සම්මානය සඳහා නිර්දේශ වෙලා තිබීම ඉතාමත් විශේෂ දෙයක්.ඉතින් ආයේ කියන්න ඕනේ නැහැනේ මේක තියන ෆැන්ටසි ගතිය කොහොමද කියලා.

හොඳයි එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් අපි හැරෙමු. මේ කතාව යන්නේ ගොඩක්ම මාන අතරේ සිද්ද වෙන දෙයක් හැටියට. ඉතින් දෙවියන් විසින් නිර්මාණය කරපු අමුතු ලෝකයක් තියනවා ෆිලොරිය කියලා. ඇත්තටම කිව්වොත් දෙවිවරුන්ගේ දරුවන් විසින් නිර්මාණය කරපු ලෝකයක්. ඉතින් කතාවේ තියනවා පාසලක්. මායා ඇකඩමියක් නැත්නම් විශ්ව විද්‍යාලයක්. ඉතින් ඒකට තෝරා ගන්නවා මායා හැකියාවන් තියන පුද්ගලයන්ව. ඔය අතරේ ඉන්නවා හොඳම යාළුවො දෙන්නෙක් ක්වින්ටන් සහ ජුලියා කියලා.ඉතින් ඇත්තටම කිව්වොත් ෆිලොරිය කියන්නේ කතා පොතක්.ඉතින් මේ අපේ ක්වින්ටන් ඒ කතා පොත සෑහෙන්න වතාවක් කියවලා තියනවා.ඔව් ඔව් එයාගේ ආසම පොත තමයි.ඉතින් එයාට ඕනේ එහාට කොහොම හරි යන්න.ඒත් ඉතින් කතාවක් ඇතුලට යන්නේ කොහොමද නේද? ඉතින් ඔන්න ඔය අතරේ තමයි ඒ දෙන්නව මායා ඇකඩමියේ ඇතුලත් වීමේ විභාගයකට තෝරා ගන්නේ. ඉතින් මේකෙන් වෙන්නේ ක්වින්ටන්ව තේරෙන එක සහ ජූලියාව ඉවත් වෙන එක. ඉතින් ඔය අතරේ මෙතන එයාලා කවුරුත් නොදන්නා යමක් පසුබිමෙන් සිද්ද වෙනවා. අමුතු කෙනෙක් ඉන්නවා Beast (රාක්ෂයා) කියලා හඳුන්වන. ඉතින් එයාට ඕනේ මේ පාසල විනාශ කරලා දාන්න.ඇත්තටම කිව්වොත් කිහිප දෙනෙක්ව.ඉතින් ඒ කවුද කියලා දැන ගන්න නම් ඔයාලට කතාව බලන්නම සිද්ද වෙනවා. ඉතින් ජූලියාව එතනින් අයින් කරන්න යනකොට එයා විභාගෙට පෙනී හිටියා කියන එක අමතක කරවන්න යනවා.ඉතින් ජූලියා මේකට කැමති වෙන්නේ නම් නැහැ.ඉතින් එයා කරන්නේ...... එතන ඉඳන් තමයි කතාව ඇරඹෙන්නේ සුපිරි විදිහටම.

එහෙනම් මම යටින් දාන්නම් රඟ පාන කට්ටියව.එතකොට එයාලා ගැනත් ඕනේ නම් දැන ගන්න පුළුවන්නේ ඔයාලට.

Jason Ralph - ක්වින්ටන් කෝල්ඩ්වෝටර්
Stella Meave - ජූලියා විකර්
Hale Appleman - එලියට් වෆ්
Arjun Gupta - විලියම් ඇඩියොඩි (පෙනී)
Summer Bishil - මාර්ගෝ හැන්සන්
Olivia Taylor - ඇලිස් ක්වින්
Jade Tailor - කේඩී ඔර්ලොෆ් ඩයස්
Brittany Curran - ෆෙන්
Rick Worthy - හෙන්රි ෆොග් (මායාපාසලේ විදුහල්පති)
Trevor Einhorn - ජෝෂ් හොබර්මෑන්
Rizwan Manji - ටික් පික්වික්





ඉතින් අනිවා කතාව බලන්න.මට සීයට දෙසියක්ම කියන්න පුළුවන් පලවෙනි එපි 3 බැලුවහම ඔයාලා ඒ කතාවේ වහල්ලු බවට පත් වෙයි කියලා.ඉතින් හැමෝගෙන්ම ඉල්ලනවා අපේ බ්ලොග් එකට ඇවිත් comment එකක් දාගෙන යන්න කියලා ඒ වගේම අපේ fb page එකටත් like කරලා අපි මේ දාන post ඔයාලගේ යාළුවො අතරේ බෙදා හදා ගන්න කියලත් ඉල්ලනවා. එහෙනම් මම ගියා ඊලඟ විවරණය තවත් මේ වගේ සුපිරිම කතාවක් ගැන ගේන්නම් කියන ගමන් අදට සමු ගන්නවා ඔයාලා හැමෝටම ජය වේවා කියලා පතනවා!

_-_සහන් සුලක්ඛන_-_
!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!

No comments:

Post a Comment