The Big Bang Theory - පුංචි තිරයේ මහා පිපිරුම (2007-2019) - TV Series මංසල

අලුත් පරණ TV Series ගැන තොරතුරු සිංහලෙන් දැන ගන්න එන්න අපේ බ්ලොග් එකට.

Advertisement

Latest

Saturday, July 6, 2019

The Big Bang Theory - පුංචි තිරයේ මහා පිපිරුම (2007-2019)


ලෝකය බිහිවෙන්නේ කොහොමද ? ඔබ දේව වාදියෙක්නම්. ආගමට ලැදි කෙනෙක් නම්. ඔබ කියාවි දෙවියන් වහන්සේ තමයි මේ ලෝකය මැව්වේ කියන එක.  නමුත් ඔබේ මනස විද්‍යාවත් ..තර්කයත් එක්ක ගණුදෙනු කරන එකක් නම්..ඔබ කියාව්..ලෝකය හැදෙන්නේ Big Bang Theory එකෙන් එහෙමත් නැතිනම් මහා පිපිරුම් වාදයෙන් කියන එක.

මේ කියන්න යන්නේ වසර ගණනාවක් පුරාවටම ලෝකයේ ජනප්‍රියතම රූපවාහිනී නාට්‍ය මාලාවට හිමි තැන හිමිකරගන්න සමත් වුන The Big Bang Theory කතා මාලාව ගැන.

මේ කතා මාළාව ඉතාම විශිශ්ට ගණයේ හාස්‍යෝත්පාදක කතා මාළාවක්. මුලින්ම කියන්න ඕනා. මේ කතා මාලාව බලන්න කැමති කෙනෙක් ඉන්නවනම් සිංහල සබ් එක්ක මේක බලන අදහස අතෑරගන්න. මොකද මේකේ තියෙන සමහර විද්‍යාත්මක කරුණු. විවිධාකාර විහිලු අපේ භාශාවට එතරම්ම ගැලපෙන්නේ නෑ.

කතාව ගොඩනැගෙන්නේ චරිත කීපයක් වටා.

1.ෂෙල්ඩන් කූපර් (Jim Parson)


වචනයේ පරිසමාප්තියෙන්ම පිස්සෙක්. හැබැයි එසේ මෙසේ පිස්සෙක් නෙවේ. ආචාර්‍ය උපාධි දෙකක් තියෙන , කවදාහරි නොබෙල් තෑග්ග දිනාගන්න හීන දකින අති විශිශ්ට න්‍යායාත්මක භෞතික විද්‍යාඥයෙක්.  මගේ මතය අනුව TV Series වල මම දැක්ක විශිශ්ට රංගන ශිල්පීන් කීප දෙනෙක් ඉන්නව. Tom Ellis , Charlie Hunman , Charlie Sheen , Jon Cryer මේ අය අතරින් Jim Parson කියන්නෙ මම ජීවිත කාලයේ එතෙක් මෙතෙක් දැකතියෙන විශිශ්ටම රංගන ශිල්පියා. ශෙල්ඩන් නැතිනම් Big Bang Theory කතාව නැති තරමටම ජිම් කතාවට සාධාරණය ඉශ්ට කරනවා.


2.ලෙනාර්ඩ් හොෆ්ස්ටැඩර් (John Galeci)


බොහෝම දුක් සහිත ළමාකාලයක් ගත කරපු පර්‍යේශණාත්මක භෞතික විද්‍යාඥයෙක්. ශෙල්ඩන් එක්ක ම එකට කැල්ටෙක් විශ්වවිද්‍යාලයේ සේවය කරන ශෙල්ඩන් ගේ හොඳම යාළුවා.


3.පෙනී ( Kaley Cuoco)

මෙයාලගෙ ජීවිතය වෙනස් කරන ලෙනාඩ් ගේ හිත හොරාගන සුන්දර යුවතිය. වගේම
සැබෑ ජීවිතයේදීත් ලෙනාර්ඩ් ගේ එහෙමත් නැතිනම් John Galecki ගේ ආදරණීය බිරිඳ.


4.රාජේශ් රමායන් කූත්‍රපාලී..එහෙමත් නැතිනම් රාජ්. ( Kunal Nayyar ) 


ඇමෙරිකාවට එන ධනවත් ඉන්දීය ජාතික ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු ගේ පුතා. 


5.හවර්ඩ් වොලොවිට්ස් ( Simom Heldberg) 


මේ පිරිස අතර ඉන්න ව්හාශා විශේශඥයා මේයා උනාට මෙයාට ආචාර්‍ය උපාධියක් නෑ. තියෙන්නේ MIT විශ්වවිද්‍යාලයෙන් ලබාගත්තු ඉංජිනේරු විද්‍යව පිළිබඳව පශ්චාත් උපාධියක් විතරයි. හැබැයි රාජ් ගේ හොඳම යාලුවතමා හවර්ඩ්. 


6.බර්නඩෙට් ( Melissa Rauch )


මේ ඉන්නේ ඩොක්ටර් රොස්ටන්කවුස්කි එහෙමත් නැතිනම් හවර්ඩ් ගේ බිරිඳ. 


7.ඒමි ෆැරා ෆවුලර් ( Mayim Bilaik )


කතා මාලාවේ ශෙල්ඩන් ගෙර් බිරිඳ වන ඇය ජීව විද්‍යාඥවරියක්. කතාවට විතරක් ම නෙවේ සැබෑ ජීවිතයේදීත් ඇය ඇත්තෙන්ම ආචාර්‍ය උපාධියක් හිමි අයෙක්.

මීට අමතරව තව චරිත කීපයක් අතරින් පතර කතාවට සම්බන්ද වෙනව. මම බලල තියෙන TV Series වලින් වැඩිම Guest Appearence තියෙන්නේ මේකෙ වෙන්න ඕනා. Will wheaton , Neil Tyson , Professor Proton , Levar Burton , Charlie Sheen විතරක් නෙවේ Stan Lee පවා මේ කතාවේ මතු වෙනවා. 

ඉතින් සීසන් 12ක් පුරාවටම විකාශය වෙන්නෙ මේ ඉතාම අපූරු චරිත වටා ගෙතෙන කතාව. ඇත්තටම තරමක English Sense Of Humor එකක් තියෙන කෙනෙකුට මේ කතා මාලාව බලලා බඩ පැලෙන කන් හිනාවෙන්න පුලුවන්. ඒක කියන්නෙ සීසන් දොළහෙන් සීසන් දහයක් තුන් වතාවකට වඩා බලපු කෙනෙක් හැටියට තියෙන අත්දැකීමෙන්.

ආදරය සහ මිත්‍රත්වය එකතු වෙච්ච අතිශය බුද්ධිමත් මේ පිරිස ගේ ජීවිතය දවස ගානේ තව තවත් සුන්දර වෙනවා. අවුරුදු දොළහක් පුරාවටම එයාල එක්ක හිටපු කට්ටිය ඒ කතාවත් එක්කම වගේ වෙනස් වෙලා. 

නිර්මාණයක් හැටියට Big Bang Theory කියන්නේ අති දැවැන්ත නිර්මාණයක්. Vikings , GOT , Gotham වගේ අතාත්ත්වික ඝනයට වැටෙන ෆැන්ටසි නිර්මාණයකදී ආමන්ත්‍රණය කරන්නෙ බලන කෙනාගේ හදවතට. හැම තප්පරයක්ම කුතුහලයෙන් පිරිල ගිහිල්ල.Effects , Graphics , stunts  මේ හැම දේකින් ම වර්ණවත් වෙලා. ඒත් Big Bang Theory කියන්නෙ තනිකරම මොළයට ආහාරයක්. අතිශය සංකීර්ණ භෞතික විද්‍යාවේ මූලධර්ම ඕනෑම මනුස්සයෙක් ට රසවිඳින්න පුලුවන් ආකාරයට ඉදිරිපත් කරන මේ අයගේ උත්සාහයට ගහන්න වෙනත් නිර්මාණයක් නෑ..

නමුත් අවාසනාවට වගේ මේ නිර්මාණය තේරුම් අරන් රසවිඳින්න පුලුවන් පිරිස ඉන්නෙ ඉතාම සුලු පිරිසක් (ලංකාවේ)

ඒ වගේම මේකේ අවසානය.

දිගටම BBT එක ෆොලෝ කරපු කෙනෙක් හැටියට ඒ අවසාන එපිසෝඩ් එක බලල මම විනාඩි ගාණක් කල්පනා කරා..

ඩව්න්ලෝඩ් කරගෙන දවස් ගාණෙන් මේ සේරම සීසන් බලපු මට මෙහෙම දැනෙනව නම්. එක එපිය ගානේ අවුරුදු ගාණක් බලපු අයට මේ අවුරුදු දොළහ ඉවරවෙද්දි මොනව හිතෙන්න ඇතිද. මේ අපූරු අවසානය දකින්න ඉස්සර සමහරු ජීවතුන් අතරින් සමුගන්නත් ඇති..

කොහොම නමුත් ..මේ අතිවිශිශ්ට නිර්මාණය නරඹන්න ...රසවිඳින්න..

පසුතැවෙන එකක් නෑ..





_-_ලුසිෆර් මෝනින්ස්ටාර්_-_
!මෙම පොස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!


No comments:

Post a Comment