ටික කාලයක් ශේප් එකේ ඉදලා අද අතගැහුවෙ පට්ට ඇනිමේශන් සීරීස් එකකට. ගොඩක් අයට අමතක වෙලා ගිය පොඩි කාලෙ ආසාවෙන් බලපු සුපිරිම ඇනිමේශන් සීරීස් එකක් ගැන තමය් මේ කියන්න යන්නෙ.
ඉස්සරම චැනෙල් අය් එකේ ගිය කෝඩ් ලියෝකෝ මතකද? ඉන්ග්‍රීසි මට හරියට තේරෙන්නැති උනත් යන වෙලාව වෙද්දි මන් ටීවි එක ගාව. ඒ තරමට ඒක මාව පිස්සෙක් කරලා තිබ්බෙ. බලලා නැති අදහසක් නැති අය වෙනුවෙන් වීශේශයෙනුත් බලපු අයගෙ මතකය ආවර්ජනය කිරීමක් වශයෙනුත් තමා පෝස්ට් එක ගෙනාවෙ.
Code lyoko කියන්නෙ 2003 ආපු ෆ්‍රෙන්ච්(ප්‍රංස) ඇනිමේටඩ් සීරීස් එකක්.මේ සයන්ස් ෆික්ශන් එක සීසන් 4ක් සහ මේකේ දිගුවක් විදියට code lyoko evolution කියන සීරිස් එකත් ආවා.
කතාව පැත්තට හැරුනොත් මේ කතාව බේස් වෙලා තියෙන්නෙ ulrich odd yumi jeremi කියන kadic පාසලේ ඉගෙන ගන්න ලමය් හතරදෙනෙක්.මෙයාලට අහම්බෙන් හන්ගලා තිබ්බ සුපර් කම්පියුටර් එකක් හම්බෙනවා.මේ කම්පියුටරේ ඇතුලේ විද්‍යාඥ්ඥයෙක් හදලා තියෙනවා virtual world එකක lyoko කියලා.මේ Virtual world එක පාලනය කරන මේය්න් ප්‍රෝග්‍රෑම් එක තමා x.a.n.a කියන්නෙ. මේ xana කියන්නෙ හොද ප්‍රොග්‍රෑම් එකක් නම් නෙමේ.පොරට ඕනෙ මිනිස්සු විනාශ කරලා දාන්න.ඉතින් මේ virtual world එකේ තියෙන ටවර් වගයක් මාර්ගෙන් xana ට පුලුවන් මෙහෙ තියෙන electronic device හැක් කරලා ඒවට ඇතුල් වෙන්න එක එක සත්තුන්ට මිනිස්සුන්ට ආවේශ වෙන්න.පොර කොහොම හරි හදන්නෙ එහෙම ඇවිත් පෘතුවියේ මිනිස්සුන්ව විනාශ කරන්න.මේ virtual world එකේම ඉන්නවා තව A.i (ai කිව්වට පස්සෙ වෙනස් වෙනවා)එකක් alita කියලා. මෙයාට පුලුවන් මෙ ටවර්ස් ආයෙම ෆික්ස් කරන්න සහ එහෙම xana ගේමක් දෙනවනම් දුන්න ටවර් එක අදුරගන්න.ඒත් ඉතින් ඒක මෙයාට තනියම කරන්න බෑ.මොකද xana ට පට්ට ආර්මි එකක් ඉන්නවා.ආර්මි කියන්නෙ රොබෝලා වගේ සෙට් එකක් එක එක අමුතු පැටර්න් වලට ගහන පට්ට රොබෝලා.ඉතින් ඒ ආර්මි එකෙන් ඇලීටව ආරක්ශා කරලා ටවර් එක ගාවට ගෙනිහින් එයා ඒ ටවර් එක ෆික්ස් කරනකන් ආරක්ශා කරන්නෙ අපේ වීරයෝ 4 දෙනා.මේ සුපර් කම්පියුටර් එකටම සම්බන්ද ටියුබ් වගයක් තියෙනවා මේකෙන් පෘතුවියේ මිනිස්සුටත් virtual world එක ඇතුලට යන්න පුලුවන්. මේක හරියට ගේම් එකක් ඇතුලට ගියා වගේ තමා . මේක ඇතුලට ගියාම මෙයාලටත් එක එක ඇබිලිටි තියෙනවා.ඒවා කම්පියුටරෙන් ඩිසය්න් කරන්නෙ ජෙරමි.ජෙරමි කියන්නෙ කම්පියුටර් වැඩ්ඩෙක්. සාමාන්‍යෙන් ඇතුලට ගිහින් ඇලීටා ආරක්ශා කරන වඩේ කරන්නෙ ulrich, odd, yumi කියන තුන් දෙනා. පිට ඉදන් සපෝර්ට් එක දෙන්නෙ ජෙරමි. මෙහෙයවනවා වගේ. ඇලීටා ටවර් එක ෆික්ස් කරාට පස්සෙ ජෙරමිට පුලුවන් xana ගෙ හානිය පටන් ගත්ත තැන වෙනකන් කාලය ආපස්සට ගන්න. ඇතුලෙදි ulrich ට හම්බෙනවා කඩුවක් ෆාස්ට් දුවන්න පුලුවන්. තුන්දෙනෙක් වෙන්න පුලුවන්.ඉස්සරහට යද්දි තව තව ඒවා අප්ග්‍රේඩ් වෙනාඅ. බය්ක් එකකුත් තියෙනවා.
ඊට පස්සෙ odd ට ශීල්ඩ් එකක් ටෙලිපෝට් පවර් එකක්(පොඩ්ඩය් පුලුවන්)තව පොඩ්ඩක් ජිම්නාස්ටික් ස්කිල් වගෙත් තියෙනවා වර්ල්ඩ් එක ඇතුලෙ.ආහ් මුගෙ ආයුදේ ඊතල විදින තුවක්කුවක් වගේ එකක්
ඊට පස්සෙ යුමීට තියෙන්නෙ අවානක් වෙපන් එකට.තව ටෙලිකිනීසිස් පවර් එකක් තියෙනව.සුපර් නැචුරල් ගැන ලියපු එක කියෙව්වනම් ටෙලිකිනීසිස් ගැන දන්නවා.මනසින් දේවල් එහා මෙහා කිරීමෙ හැකියාව.යුමී ulrich පොඩි සීන් එකකුත් තියේ.
ඔතනින් ඉතින් මන් කැමතිම චරිතෙ ulrich පොර වර්ල්ඩ් එක අඇතුලෙ විතරක් නෙමේ ස්කෝලෙත් වැඩ්ඩා.
ඉතින් ඕක තමා කතාව 😎.බලන්න xana ගෙන ලෝකෙ බේරගන්න වීරයන්ට පුලුවන් වෙය්ද කියලා.x.a.n.a විතරක් නෙමේ ස්කෝලෙත් ඕන තරම් හතුරො මෙයාලට ඉන්නවා.බලලම කියන්නකො.
_-_දිමන්ත නිරෝෂන්_-_
!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!

No comments:
Post a Comment