#1.The Woman In White [Supernatural] - සුදු වත හැඳි කත - TV Series මංසල

අලුත් පරණ TV Series ගැන තොරතුරු සිංහලෙන් දැන ගන්න එන්න අපේ බ්ලොග් එකට.

Advertisement

Latest

Thursday, June 27, 2019

#1.The Woman In White [Supernatural] - සුදු වත හැඳි කත


ලංකාවේ විතරක් නෙමේ මුලු ලෝකෙම මිනිස්සු ආදරෙය්න් වැලදගත්ත ඇමෙරිකානු ටෙලි කතා මාලාවක් වෙන supernatural ගැනය් මේ ලියන්න හදන්නෙ. බලන්න පටන් ගත්ත කෙනෙක්ට සීසන් එකක් එන්ඩ් එකේ කොහොමවත් කතාව නවත්තන්න බැරි විදියට සුපිරි කුතුහලයක් එක්ක සුපිරි එන්ඩ් එකක් දෙන කතාවක් තමය් supernatural කියන්නෙ. අවන්කවම අදටත් මන් අහපු tv series එකකට හැදුන සුපිරිම theme song එක තමය් carry on wayward son. දැන් උනත් ඇහෙද්දි මවිල් කෙලින් වෙනවා.

දැන් කට්ටිය කියය් මේක ලියලා තියෙන්නෙ සුපිරි වහලෙක් කියලා. ඇත්ත මන් බොරු කියන්නෑ මොකද හරියට සෙට් උනු එකෙක් අනිවා සුපර්නැචුරල් වහලෙක් තමය්. අද කියන්න යන්නෙ සුපර්නැචුරල් කියන්නෙ මොකක්ද කියලා නෙමේ. ඒක ගැන ඕනවටත් වඩා සුපිරිම විස්තරයක් බය්ස්කෝප් එකේ තියෙනවා. මන් සුපර්නැචුරල් එකට කැමති වෙන්න ප්‍රදානම හේතුවක් තමා මුල් කාලේ සුපර්නැචුරල් එකට සබ් හදපු mdg. මොකද හැම එපියකටම වගේ නියම විස්තරය්ක් දීලා තියෙනවා. ලස්සනට හැමෝටම ආස හිතෙන්න.

හොදය් ඒ ඇති මාතෘකාවට එමු. Supernatural බැලුවනම් season 1 එකේ පලවෙනි එපියෙම හම්බෙන ගෝස්ට් තමය් මේ සුදු ඇදගත්ත කාන්තාව.

මේ woman in white නැත්තන් සුදු ඇදගත් කාන්තාව කියන්නෙ ගොඩක් රටවල පුරාවුර්තයක් වෙච්ච sprit එකක් ඒ කිව්වෙ ආත්මයක්. ගොඩක් දුරට මෙයාගෙ ගොදුර වෙන්නෙ පිරිමි අය සහ ලමය්. මේ ජනප්‍රවාද ගැන කතා කරද්දි ගොඩක් රටවල මේ ගැන කතාඒනව. මෙක්සිකෝ,හවාය්,ශ්‍රීලන්කා,us එක එක රටවල්. ලන්කාවෙනම් දන්නවානේ මෝහිනී ගැන අන්න ඒ වගේ. සාමාන්‍යෙන් මේ හොල්මනගේ විශේශත්වය මෙ අය නොසෑහෙන්න ලස්සනය්.පිරිමියෙක් නිකන්ම වශී වෙන තරමටම.

මේ අය හැදුන හැටි ගැනත් එක එක පුරාවුර්ත තියෙනවා.ඒ හැම එකකම වගේ සාරාන්ශෙ ගත්තම මේ හැමෝම වගේ පිරිමි අතහැරදාලා පිරිමි නිසා දුකට පත්වෙලා පිරිමි නිසා අනාත වෙලා තමන්ගෙ ජීවීතේ කෙලවරකරගත්ත අය සහ ලමය් හිටිය අය.මෙයාලා මරනයෙන් පස්සෙත් පොලොව මත වේදනාවෙන් ජීවත් වෙනවා.තමන්ව අනාත කරපු පිරිමින්ගෙන් පලිගන්න උත්සාහා කරන නිසා තමා විශේශෙන් පිරිමි ගොදුරු වෙන්නෙ. ගොඩක් දුරට මෙයාලව හම්බෙන්නෙ ගංගා වැව් වගේ වතුර තියෙන තැන් කිට්ටුව,පාලු පාරවල් වල,කනතු කිට්ටුව. වතුර කිව්වම ගෙම්බොද අහන්න එපා. අපේ රටේ උනත් වතුර සහ හොල්මන් අතර කිට්ටු සබදතාවක් තියෙනවා කියලනෙ මිනිස්සු හිතන්නෙ. උබලත් වතුරවලවල් ගාවින් යද්දි පරිස්සමින්
මෙයාලට නොපෙනී යන්න පුලුවන් කෝමත් බූතයන්ට පුලාන්නෙ ඒක. ආයෙම සුපර් ස්පීඩ් තියෙනවා.
සුපර් ස්ට්‍රෙන්ත් සුපිරි ශක්තියක් මතකනෙ දෙනවා සොට් එක සෑම්ට

ආයෙම telekinesis ඒ කිව්වෙ වස්තු එහා මෙහා කිරීමේ හැකියාව. තව shape shifting මේ කියන්නෙ shape shifter කෙනෙක් වගේ නෙමේ. සාමාන්‍යෙන් මෙයාලට ඩබල් පෙනුමක් තියෙනවා. ඒ කියන්නෙ හොල්මනකට තියෙන විරූපි පෙනුම සහ ලස්සන ගැහැනු පෙනුම.

උබලටත් සෙට් උනොත් මට්ටු කරන විදියත් දැනන් ඉන්න එපැය්🤔.මුන් ලුනු වලට බයය්. හැම හොල්මනම ඒමනෙ සුප්‍ර්නැචුරල් වල. ආයෙම යකඩ වලටත් තව මෙයාලව ඉවරයක් කරන්න පුලුවන් මෙයාලගෙ කොටස් තමය් බොහෝ දුරට මෙහාට තියලා එයාලව බැදගෙන තියාගන්නෙ. ඉතින් ඒවා විනාශ කරාම එයාට මෙහෙ ඉන්න බෑ. මේ එපිසෝඩ් එකට බොහෝ දුරට ආභාසය අරන් තියෙන්නෙ la llorona(the weeping woman ) කියන මෙක්සිකන් පුරාවුර්තයක් ආශ්‍රයෙන් කියලා තමය් කියන්නෙ.



==========!ජය වේවා!=========

_-_දිමන්ත නිරෝෂන්_-_
!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!

No comments:

Post a Comment