13 Reasons Why - ඇයි? (2017-) - TV Series මංසල

අලුත් පරණ TV Series ගැන තොරතුරු සිංහලෙන් දැන ගන්න එන්න අපේ බ්ලොග් එකට.

Advertisement

Latest

Monday, June 24, 2019

13 Reasons Why - ඇයි? (2017-)


අපිට නොතේරුනත් අපි කරන පුන්චි දේකින් උනත් අනිත් කෙනෙක්ට මහ පුදුම බලපෑමක් ඇතිකරන්න පුලුවන්. අපිව සෑහෙන්න සංවේදී කරන්න පුලුවන් වෙලාවකට දුක වෙලාවකට තරහ පුන්චි අතුටක් ඇති කරන්න පුලුවන් අපේ හිතට දැනෙන කතා nනිර්මානය වෙනවා අඩුයි. මේ එහෙම කතාවක් ගැනයි ලියන්න යන්නෙ.තම තමන්ගෙ ෆැන්ටසි ලෝක වලින් එලියට බැහැලා ඇත්ත ලෝකෙ ගැන කතාකරන්න පුලුවන් අමුතු කතාවක්.

"Hey, it's Hannah. Hannah Baker. That's right. Don't adjust your...whatever device you're hearing this on. It's me, live and in stereo. No return engagements, no encore, and this time, absolutely no requests. Get a snack. Settle in. Because I'm about to tell you the story of my life. More specifically, why my life ended. And if you're listening to this tape you're one of the reasons why. I'm not saying which tape brings you into the story. But fear not, if you received this lovely little box, your name will pop up. I promise."

එකපාරට අහම්බෙන් හම්බුන පෙට්ටියක තිබ්බ ටේප් එකකින් සූසය්ඩ් කරගත්ත හොදම ‍යාලුවා කතා කරනවා ඇහුනොත් 🤔 ඔයාට මොනවා හිතෙය්ද?ක්ලේටත් වෙන්නෙ අන්න ඒකමය්

හැනා කියන්නෙ ලිබර්ටි හය් ස්කෝලෙට ආපු අලුත් කෙල්ලෙක්.ටිකක් ප්‍රස්න ගැන ඕනවට වඩා හිතනවා වගේ ගතියකුත් අපි දකිනවා මේ චරිතෙ ඇතුලෙ.ටිකක් යාලුවො හොයාගන්න අමාරු ගතියක් කොල්ලෙක් හොයාගන්න අමාරු ගතියක් මේ කෙල්ලට තිබ්බා.හැබැය් ඉතින් සූසය්ඩ් කරගන්න තරම් මොකක්ද තිබ්බ ප්‍රස්නෙ?☹️ අන්න ඒකට උත්තර දෙන්න ඇය් මන් සියදිවි නසාගත්තෙ කව්ද ඒකට හේතු උනේ කියලා කියන්න හැනා ඒ හැමදේම ටේප් ක‍රනවා.හේතු 13ක්.පුද්ගලයො 13ක්.එක්කෙනාට එක ගානෙ ටේප් එකක්.සමහරු දන්නෙවත් නෑ තමන් හැනාට මොනා හරි කරාද කියලවත්.නොදැන කරපු දෙය්න් ජීවිතේම විනාශ වෙන තරම් දුර දිග ගිහින්.සමහරු නම් එහෙම නෑ😎.





එහෙනම් ඔයාලත් ලෑස්තිද හැනාගෙ කතාව අහන්න.එහෙනම් බාගන්න බාගෙන කැමති ඩිවය්ස් එකකට දාගන්න .බිස්කට් එකක් අරන් ඇවිත් කන ගමන් අහන්න හැනාගෙ කතාව❤.

================ජය වේවා=============


_-_දිමන්ත නිරෝෂන්_-_
!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!


No comments:

Post a Comment