The Punisher - දඩුවම් දෙන්නා (2017-2019) - TV Series මංසල

අලුත් පරණ TV Series ගැන තොරතුරු සිංහලෙන් දැන ගන්න එන්න අපේ බ්ලොග් එකට.

Advertisement

Latest

Saturday, June 15, 2019

The Punisher - දඩුවම් දෙන්නා (2017-2019)


"One batch two batch penny and dime"
ඩෙයාඩෙවිල් ගැන පෝස්ට් එකක් දැම්මට පස්සෙ බර තොගයක් ඇහුව පනිශර් හොදය්ද කියලා.හොදය් නෙමේ යකො සුපිරියක්.මගෙන් ඇහුවොත් කැමතිම ඇන්ටිහීරෝ කව්ද කියලා ආයෙ දෙකක් නෑ පනිශර් කියලා තමා කියන්නෙ.😍❤මන් කිව්වට බලන්ඩ එපා.නිකමට බලපන් Imdb Rating ලක්ශ එක හමාරක අදහසට අනුව8.7ක අගයක් හම්බෙලා තියෙනවා.ඒ කියන්නෙ ඉතින් ලේසි නෑ නේ.

ස්පොය්ල් ඇලර්ට් එකක් දාන්නම් මොකද මට මේක ගැනනම් තඩි පෝස්ට් එකක් ලියන්න ඕනෙ.ඒක නිසා පනිශර් බලන්න හිතන් ඉන්නවානම් කියවන්න එපා.හැබැය් උබ බැලුවා නම් නැත්තන් බලන්න කිසිම අදහසක් නැත්තම් අන්න උබට සුපිරිම සෙට්.

Tv series වලින් ගත්තොත් මුලින්ම මේ පනිශර් කාරයා එලියට එන්නෙ ඩෙයාඩෙවිල් ඩෙවිල් සීසන් 2 එකේ ඩෙයාඩෙවිල් ගෙ ඒ කිව්වෙ අපේ හේල්ස් කිචන් වල යක්ශයගෙ ප්‍රතිවාදියෙක් විදියට.ඉතින් පනිශර් බලන්න ඕනෙනම් කරන්න දෙයක් නෑ ඩෙයාඩෙවිල් බලන්නම වෙනවා.ඩෙයාඩෙවිල්ත් සුපිරියක් නිසා බැලුවට පාඩු නෑ.මන් ඩෙයාඩෙවිල් ගැනත් ලිපියක් කලින් දාලා තියෙනවා.



ටීවී සීරීස් එක එහෙම උනාට comic වලදිනම් අපිට ෆ්‍රෑන්ක් කැස්ටල් නැත්තන් මේ පනිශර් මුලින්ම මුනගැහෙන්නෙ the amazing spiderman #129 එකේදි ඒ 1974 දි Gerry Conway,John Romita Sr. සහ Ross Andru අතින්.අහ් මුලින්ම කියන්න ඕනෙ punisher  කියන්නෙ වීරයෙක් නෙමේ punisher කියන්නෙ ප්‍රතිවීරයෙක් ඒ කියන්නෙ anti hero කෙනෙක්.ඔයාලා දන්නවනෙ Heroes සහ Villains  ලා මේ දෙගොල්ල අතර මැද්දෙ ඉන්න කට්ටිය තමා antiheros ලා කියන්නෙ. superman, batman, thor, ironman වගේ අය Heroes ලා වෙද්දි Joker, Lex, King Pin, Black Adam වගේ උන්දලා villains ලා උනා.ඔය දෙක අතර මැද්දට Punisher, Dead Pool, Red hood වගේ චරිත ඇන්ටි හීරෝස්ලා විදියට එකතු උනා.

සාමාන්‍යෙන් වීරයො ගත්තම කරුනාව දයාව උනුවෙන හිත් තියෙන හරි ගුන යහපත් අන් අයට කරදයක් නැති දුශ්ටයන්ට විතරක් කරදර කරන ජාතියේ අහිම්සක ඩයල් ටිකක්නෙ.ඒත් මේ ඇන්ටි හීරෝස්ලට ඔව්වා නෑ.හිතක් පපුවක් නැත්තෙ නෑ අර තරම් නෑ.ගියා කුඩුවෙන්න තිබ්බා ආවා.වීරයො තමන්ගෙ හතුරන්ව අල්ලලා පොලිසියට දෙනවා ඊලගට උන්ව ගෙනිහින් හිරෙන් දානවා උන් හිරෙන් පය්නවා ආයෙ අල්ලනවා. බලන ඕන එකෙක්ට තේරෙනවනෙ මේක ගැලපෙන්නෑ කියලා. punisher නම් කරන්නෙ ගියා ඔලුවටම එකක් තියලා ආවා ආයෙ නො කතා නො සිනා😂.

ෆ්‍රෑන්ක් (ෆ්‍රැන්සිස්) කැස්ටල් කියන්නෙ  තමන්ගෙ පව්ලට ගොඩක් ආදරේ කරපු us marine කෙනෙක්. දන්නවනෙ මැරීන්ලා ගැන last ship එකේ ඒමත් දැක්කනෙ මැරීන්ලගෙ වැඩ කොහොමද කියලා. ඒ වගේම ලමය් දෙන්නෙක්ගෙ තාත්තෙක්. ආර්මි එකේ කවෘ හරි උන්නනම් යුද්දෙ කාලෙදි ඔයාල දන්නවා එයා ගෙදර එනකම් කොච්චර ආසාවෙන්ද අපි බලන් ඉන්නෙ කියලා ඒත් ඊටත් වඩා එයා මාර ආසාවෙන් ඉන්නෙ කොහොමහරි තමන්ගෙ අම්මගෙ ගෑනිගෙ ලමයගෙ මුන බලන්න ගෙදර එන්න.මේ ෆ්‍රෑන්කුත් එහෙමය්. ඒත් එහෙම නිවාඩු ආපු දවසක තමන්ගෙ පව්ලත් එක්ක සෙන්ට්‍රල් පාර්ක් එකේ විනෝද වෙද්දි ෆ්‍රෑන්ක් හිතපු නැති දේකට මුහුන දෙනවා. කල්ලි කිහිපයක් සහ පොලිසිය අතර ඇතිවන වෙඩි හුවමාරුවකින් ජීවිත ගනනාවක් නැති වෙනවා.ඒ අතර ෆ්‍රෑන්ක්ගෙ පව්ලෙ අයත් ඉන්නවා.ඉතුරු වෙන්නෙ ෆ්‍රෑන්ක් විතරය්. දෙයක් තියෙනකොට වඩා නැති වෙනකොට මිනිස්සුන්ට ඒ දේ අගේ වැඩී. හිතන්නකො තමන්ගෙ ඇස් ඉස්සරහ තමන්ගෙ පව්ලම ගාතනය වෙද්දි තාත්තා කෙනෙක්ට දැනෙන හැගීම ඒ ෆීලින් එකත් එක්ක ජීවිත කාලයක් ජීවත් වෙනවා කියද්දි. ඉතින් ෆ්‍රෑන්ක්ට මේකත් එක්ක නහුතෙටම තද වෙනවා. ෆ්‍රෑන්ක් කියන්නෙ ආර්මි එකේ සුපිරි වැඩ පෙන්නපු top secret operation  ගානකට සහභාගි උනු well trained  සුපිරිම වැඩ්ඩෙක්. මේ වෙච්ච දේත් එක්ක ෆ්‍රෑන්ක් තීරනය කරනවා තමන්ට මේක කරපු උන්ගෙන් පලිගන්න. මිනිහා තුවක්කුවක් අරන් තනියම ගේමට බහිනවා one man army. එතන ඉදන් තමය් පනිශර් බිහිවෙන්නෙ. මගෙ ෆෙවරිට් කැරැක්ටර් දෙක බැට්මෑන් සහ පනිශර් ඒකට හේතුව මේ මිනිස්සු දේන්නෙක් සාමන්‍ය. කිසිම ඔඩිනරි පවර්ස් නැති දෙය්යො එක්ක උනත් හැප්පෙන්න තරම් තද හිතක් තියෙන ඕන එකෙක්ට ගේමක් දෙන සාමාන්‍ය මනුස්සයො වීම. තමන්ගෙ හැකියා තමන් විසින්ම උපයාගෙන තිබීම. හිත ඇත්නම් පත කුඩාද කිව්වලු.

Frank castle =soldier +family
Punisher=soldier - family
😞
Punisher ට රගපාපු නලුවො ගත්තොත්,

  1. Dolph Lundgren-1989
  2. Thomas Jane-2004
  3. Ray Stevenson-2008
  4. Jon Bernthal-2017

ඔය සෙට් එකෙන් මන් කැමතිම  Jon Brenathal #aka_punisher_2017
මිනිහගෙ ඇක්ටින් කොච්චර පට්ටද කියනවනම් මිනිහගෙ ඉන්ටර්විව් එකක් ලගදි දැක්කම ඇත්තටම මේ පනිශර්මද කියලා මට හිතාගන්න  බැරි උනා.මට නෙමේ ගොඩක් කමෙන්ට් දාලා තිබ්බ සුද්දොත් කියලා තිබ්බෙ එ කතාව.

පනිශර්ගෙ පවර්ස්.....මොන ලබ්බෙ පවර් එකක්වත් නෑ බන්. සුපිරි ආර්මි ට්‍රේන් එකක් තියෙනවා ආයුද භාවිතය(තුවක්කු) ගැන සුපිරි දැනුමක් තියෙනවා. ෆය්ටිනුත් එහෙමය්. ඩෙයාඩෙවිල්ටත් ගහනවා ගහල බදිනවා.

  • Heroes for Hire
  • Thunderbolts
  • Savage Avengers


පනිශර් ගැන ඉන්ටර්ස්ට් අයට තව ෆිල්ම් දෙකක් තියෙනවා 2004දි The Punisher සහ 2008 දි The Punisher War Zone කියලා.


 එහෙනම් මෙතනින් නවතින්නම් අපේ පේජ් එකට ලය්ක් එකක් දාන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්.


============ඔබට ජය============


_-_දිමන්ත නිරෝෂන්_-_

!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!

No comments:

Post a Comment