Sons of Anarchy - අරාජික පුත්‍රයන් (2008-2014) - TV Series මංසල

අලුත් පරණ TV Series ගැන තොරතුරු සිංහලෙන් දැන ගන්න එන්න අපේ බ්ලොග් එකට.

Advertisement

Latest

Saturday, June 15, 2019

Sons of Anarchy - අරාජික පුත්‍රයන් (2008-2014)


හැමදාම වගේ අපි වාද විවාද කරන්නේ අපි හැමෝම ආසා කරන Marval හරි DC හරි ප්‍රඩක්ශන් වල ඉන්න සුපිරි චරිත ගැන. ඒ අයගේ රඟපෑම් ගැන. නිර්මාණය දිහා කළාත්මක ඇහැකින් බැලුවම ඇත්තටම Marval වේවා DC වේවා Disney Pictures , සහ අතිශය ජනප්‍රිය GOT කතා මාලාව හුදෙක්ම ෆැන්ටසි. නමුත් මගේ පළවෙනි පෝස්ට් එකේ අවදානය යොමුවෙන්නේ ෆැන්ටසි කතාවක් නොවුනත් IMDB රේටින්ග් 8.6 ගත්තු තවත් එක සුපිරියක් දිහාවට..



ලංකාව වගේ පෙරදිග රටවලට අලුත් සංකල්පයක් උනාට ඇමෙරිකාව ප්‍රමුඛ යුරෝපීය සහ බටහිර රටවල සමාජය ඇතුළේ Bikers ල එහෙමත් නැතිනම් යතුරුපැදි ධාවකයින්ගේ සංගම් සහ සංවිධාන බොහෝම සුලභ දෙයක්.

SOA එහෙමත් නැතිනම් Sons Of Anarchy කියන්නේ අහම්බෙන් වගේ මගේ ඇහැ ගැටුන කතාවක්. ඇමෙරිකාවේ තියෙන කුඩා නගරයක් කේන්ද්‍ර කරගෙන සුදු ජාතිකයින් පිරිසක් විසින් ගොඩනගා ගන්න SOA එහෙමත් නැතිනම් SAMCRO ( Sons of Anarchy Motor Cycle Club Redwood Original) කියන්නේ මුල් කාලීනව Harley - Davidson බයිසිකල් වලට ආදරේ කරන පිරිසක් එකතුවෙලා හදාගත්තු කණ්ඩායමක්. නමුත් පසුකාලීනව මෙයාලගේ අරමුණ වෙනස් වෙනවා. ඒ කියන්නේ හොඳ පැත්තට නම් නෙවෙයි.

නව දෙනෙකුගෙන් පටන් ගත්ත මේ කණ්ඩායමේ ආරම්භක සාමාජිකයින්ගේ නායකයා J.T එහෙමත් නැතිනම් John Teller එයාගේ සහකාරයා Clay Morrow. මේ දෙන්න එකතුවෙලා ගොඩ නගන Teller - Morrow කියන බයිසිකල් ගරාජ් එකේ ආරම්භ වෙන මේ කුඩා සංවිධානය පසුකාලෙකදී අයර්ලන්තය දක්වාම විහිදෙනවා. ඒ Real IRA කියන සංවිධානය එක්ක එකතුවෙලා ඇමෙරිකාවේ ඉන්න තවත් මේ වගේම සංවිධානය වුන Grimm Bastards , One Niners වගේ කලු ජාතිකයන්ට ආයුධ බෙදාහරින්න..

මේ කතාව ආරම්භ වෙන්නෙ සංවිධානයේ වර්තමානයෙන්. ප්‍රධාන භූමිකාව ගෙතෙන්නේ Jhon Teller ගේ පුත්‍රයා වන Jax Teller වටා. මේ චරිතයට උපරිම සාධාරණය ඉටු කරන්නේ ඔයාල කවුරුත් දන්න සුපිරි රංගන ශිල්පියෙක් වන Charlie Hunman. මතක ඇතිනේ King Arthur.

බිරිඳකගේ සහයක් නැතිව තමන්ගේ දරුවන් වෙනුවෙන් අනාගතයක් හදන තාත්තා කෙනෙක්.. දරුවන්ට , මුණුබුරන්ට අසීමිතව ආදරය කරන ආච්චී අම්මා කෙනෙක් වගේම සමාජයේ නානාප්‍රකාර හැලැ හැප්පිලි මැද ජීවිතය ගෙවාගන්න දතකන පිරිසක් වටා ගෙවෙන මේ කතා මාලාවේ සීසන් අටක් තියෙනවා..

හැකිනම් උත්සාහ කරන්න ඩේටා ටිකක් වැය කරලා මේකේ ටොරන්ට් ෆයිල් එක බාගෙන බලන්න. සිංහල සබ් නම් තියෙනවද දන්නේ නෑ. නමුත් අපරාදේ කියල හිතෙන එකක් නෑ.

මොකද ෆැන්ටසි වලින් ඈත් වුන නියම ලෝකයේ තියෙන ආදරය , වෛරය , පළිගැනීම , තණ්හාව මේ හැමදේම එක්ක කැරකෙන මිනිස්සුන්ගේ ප්‍රායෝගික ජීවිතය මේ කතාමාලාව ඇතුළේ ලස්සනට දිගහැරෙනවා..



_-_ලුසිෆර් මොනින්ස්ටාර්_-_

!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!

No comments:

Post a Comment