ලෝකය පුරාවටම බොහෝම ජනප්‍රිය උන Karate Kid කතා මාලාව තිරගත වෙන්නේ 1984 ඉඳල. අපි බොහෝ දෙනෙක් ඒ වෙද්දී ඉපදිලාවත් නැතුව ඇති. මිස්ටර් මියාගී, ඩැනියල් සන්, චරිත දෙක වගේම කොල්ලො පිස්සු වට්ටපු අද වෙද්දී නම් වයස අවුරුදු 44 වෙන Hilary Swank එහෙමත් නැතිනම් Next Karate Kid චිත්‍රපටයේ ජූලී (Julie) මතක නැති කෙනෙක් හෝ නොදන්නා කෙනෙක් හොයාගන්න නැති තරම්.පසුකාලීනව ජැකී චෑන් සහ ජේඩ්න් ස්මිත් එකතුව නිර්මාණය උන Karate Kid චිත්‍රපටය නම් ඒ තරම්ම සාර්ථක උනාද කියන එක සැකයි.
කෙළින්ම කාරණාවට එමු.
ගොඩක් දෙනෙක් පළමු චිත්‍රපටය නරඹලා අවසානයට නගපු චෝදනා දෙකක් තියෙනවා. එකක් තමයි කරාටේ කිඩ් වෙච්ච ඩැනියෙල්.ලරූසෝ චිත්‍රටය පුරාවටම කරන්නේ ගුටි කන එක විතරමයි. අනික් චෝදනාව නම් අවසාන තරගයේදී ඩැනියෙල් විසින් ජොනී ට එල්ල කරන CK පහර නැතිනම් Crain Kick එක නීති විරෝධී බව.මේ චෝදනා දෙකෙන් පළමුවැන්න නම් ඇත්තටම චිත්‍රපටයේ ස්වභාවය. සහ කතාව ගොඩනැගුන ආකාරය. නමුත් චෝදනා අංක දෙක බොහෝම බරපතල එකක්. ඒ තමා ඩැනියල් ලරූසෝ All Valley Championship එක ජයගන්නේ නීති විරෝධී පා පහරකින් බවට බොහෝ දෙනෙක් ගේ මතය පළවීම.ඉතින් අවුරුදු ගාණක් පුරාවට අපේ වීරය වෙච්ච Ralph Macchio එහෙමත් නැතිනම් ඩැනියල් සන්. ඇත්තටම හොර කරාද. නියම වීරයා ජොනී ලෝරනස් නොඑසේනම් William Zabka ද?මේකට උත්තරේ දන්නේ පිටපත් රචකයාම තමා. මොකද ඒක තීරණය වෙන්නේ තරඟාවලියේ ස්වභාවය මත. තරඟාවලියේ කොහේවත් මේක ශොතෝකායී කරාටේ තරඟයක්ද නැතිනම් කියෝකුශුන් තරඟයක්ද කියන එක සඳහන් වෙන්නෙ නෑ..මොකද..කියෝකුශින් එහෙමත් නැතිනම් තදින් පහරදීමේ අංශයේ තරඟයකදී මූණට පහර එල්ල කිරීමෙන් ලකුණක් ලැබෙනවා.
මේ වාද විවාද නිමාවක් නැතිව මෙහෙම්ම පවතිද්දී අලුතින් නිර්මානය වෙන Cobra Kai කතා මාලාවේ සීසන් දෙකක්ම මේ වෙනකොට එලියට ඇවිල්ලා ඉවරයි.Ralph Macchio වගේම William Zabka එක්ක නවකයින් රැසක් දායකත්වය දෙන මේ නිර්මාණය කම්මැලිකමක් නැතුවම එක හුස්මට බලලා ඉවර කරන්න පුලුවන් බව විශ්වාසයෙන් කියන්න පුලුවන්.තරුණ වයසේ ආදරය, හිත් රිදීම් , සමාවදීම් එක්ක ගලා යන බොහෝම ලස්සන කතාවක් වගේම කම්මැලි නැතුව බලාගෙන ඉන්න පුලුවන් Action Packed සීරීස් එකක් කීවොත් වඩා නිවැරදී.හැම විටකදීම නිවැරදි තීරණ ගැනීම , නායකත්වය , කණ්ඩායම් හැඟීම වගේ සෑහෙම වැඩගත් පාඩම් ගොඩක් කියල දෙන ගමන්..ඩැනියෙල් ලරූසෝ..ජෝන් ලෝරන්ස් අපිට උගන්වන වැදගත්ම පාඩම...
මේ ලෝකේ නරක ශිශ්‍යයෝ නෑ..ඉන්නෙ නරක ගුරුවරු විතරයි..
_-_ලුසිෆර් මෝනින්ස්ටාර්_-_
!මෙම පොස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!

No comments:
Post a Comment