සුබ දවසක් හැමෝටම ඔන්න පලවෙනි පෝස්ට් එක ගෙනාවා මන් කැමතිම සීරීස් එකක් ගැන. මේක දාන්න යන්නෙ Stranger Things ගැන. ආයෙත් කියනවා බැලුවෙ නැත්තන් බලන්න පට්ටම ටීවී සීරීස් එකක්😍. මේක කියවන්ඩ කලින් බලලා ආවනම් හොදය් ඇත්තටම බලලා නැත්තම්☺️.
එනිවේ එහෙනම් අද කතා කරන්න යන්නෙ අප් සය්ඩ් ඩව්න් ගැන😍. ඒම නැත්තන් අනිත් පැත්තෙ ලෝකෙ ගැන.අප්සය්ඩ් ඩව්න් කියන්නෙ Alternate Dimension එකක්. ඒ කියන්නෙ විකල්ප මානයක්. මට තේරුන විදියටනම් මේ කියන්නෙ සමාන්තර ලෝකයක්. ඉතින් සුවර් නැති නිසා ගූගල් කරලා බැලුවම එක එක වෙබ් වල එක එක කතා. කෝමහරි විකියෙනම් තිබ්බ දෙකම එකය් කියලා. සමාන්තර විශ්වයක් එහෙම නැත්තන් Parallel Universe එකක් කියන්නෙ අපේ ලෝකෙටම සමාන නමුත් වෙනස් වියහැකියාවන් තියෙන විශ්වයක්. ඕගොල්ලො Flash, Spellbinders, Arrow, supernatural වගේ ඒවා බලලා තියෙනවානම් මේ ගැන දන්නවා. හිතන්න ඔයා මෙහෙ ඩොක්ටර් කෙනෙක්. හැබැය් මේ සමාන්තර ලෝකෙ ඔයා වගේම හැඩ රුව තියෙන කෙනෙක් ඉන්නවා ඒත් පොර හිගන්නෙක්. වෙන්න පුලුවන් දේවල් වෙනස්. අපේ ලෝකෙ දෙවෙනි ලෝක යුද්දෙ ඇමෙරිකාව ප්රමුඛ රටවල් දින්නට සමහර විට සමාන්තර ලෝකෙක ඒක ජපානෙ දිනලා තියෙන්න පුලුවන්😂. මෙහෙ මකරු මිත්‍යාවක් උනාට සමාන්තර ලෝකෙක මකරු තාම ඉන්න පුලුවම්. අන්න ඒ වගේ විය හැකියා වෙනස්.වෙන රටවල කතාවල විතරක් නෙමේ මට හොදට මතකය් දකුනු ආසියාවෙ දිගම ටෙලිනාට්ටියෙත් දවසක් සමාන්තර ලෝකයක් පෙන්නුවා😂. දන්නවා ඇතිනෙ මොකක්ද කියලා. කෝපි කඩේ. විස්වාස නැතුව ඇති. ගහක් ගාව කැරකි කැරකි ඉද්දි අනිත් ලෝකෙට යන සීන් එකක් තිබ්බෙ. දවස් දෙකක් ගියා. මට සම්පූර්න සිද්දිය මතක නෑ මන් ගොඩක් පොඩි නිසා. ඒත් ඒකෙ ඒලියන්ලා පවා පෙන්නුවා😂. බූතයො පෙන්නුවා. එක එක එව්වා. හරිම විද්‍යාත්මක ටෙලිනාට්‍යක්. 😂එනිවේ කොහොමහරි මේ අප්සය්ඩ් ඩව්න් එකත් ඒවගෙ තැනක්. ඒත් මේකෙ මිනිස්සු නෑ. අමුතු සත්තු තමා ඉන්නෙ. 😍දැනට හදුන්වා දීලා තියෙන සත්තු ඉන්නෙ Mind Flayer, Demogorgon, Vines.
මේ ඩිමෙන්ශන් එක මුලින්ම හොයාගන්නෙ ඉලෙවන් කියන මය්න්ඩ් පවර් එකක් තියෙන ගෑනු ලමයා.ඩොක්ටර් බැනර් මෙයාව යොදාගෙන රුසියානුවො ගැන ඔත්තු බලන වෙලාවක වැරදීමකින් එල් ඩිමිගෝර්ගන් කෙනෙක් එක්ක කනෙක්ට් වෙනවා.මේක ගැන වැඩිදුර හොයන්න බැනර්ට ඕන වෙනවා.ඒත් ඊලග පාර එල් පොඩ්ඩක් බය වෙලා ඇක්සිඩන්ට් එකකින් අප්සය්ඩ් ඩව්න් ඉදන් අපේ යුනිවර්ස් එකට ගේට් එකක් හැදෙනවා.ඉතින් එකෙන් එලියට එන ඩිමිගෝර්ගන් මිනිස්සු දඩයම් කරන්න පටන් ගන්නවා. මෙහෙම දඩයම් කරද්දි තමා විල් බයර්ස්ව අහු වෙන්නෙ.කොහොම හරි විල් ඩිමිගෝර්ගන් ගෙන් බේරිලා අප්සය්ඩ් ඩව්න් එකේ බේරිලා ඉන්ඩ තරම් වාසනාවන්ත වෙනවා. මේකෙ තව විසේස දෙයක් තමා ලය්ට් කන්ට්‍රෝල් කරලා අප්සය්ඩ් ඩව්න් එකය් අපේ විශ්වයය් අතර කමියුනිකෙට් කරන්න පුලුවන් එක. ඒ විදියට විල් අම්මා එක්ක කමියුනිකේට් කරනවා.ඔය අස්සෙ විල්ව හොයන යාලුවොත් ඉලෙවන්ගෙ උදව්වෙන් අප්සය්ඩ් ඩව්න් ගැන දැනගන්නවා. ඔය වගේ තමා කතාව යන්නෙ😂. කියන්ඩ ගියොත් මාසයක් විතර කතා කරන්ඩ දේවල් තියෙනවා. තව ස්පෙසල් දෙයක් තමා මේ ඩිමිගෝර්ගන්ට ටෙම්පරි ගේට් හදන්න පුලුවන් යුනිවර්ස් දෙක අතර.මේ වගේ එකකින් තමා නැන්සි වීලර් Upside down එක ඇතුලට යන්නෙ. ඒත් ඉක්මට එලියට පැනගන්න එයාට පුලුවන් වෙනවා. පලවෙනි සීසන් එකම යන්නෙ එක ඩිමිගෝර්ගන් කෙනෙක් ගැන😂. ඒකෙ ඌත් එක්ක පට්ට ගේමක් දෙන්නෙ. දෙවෙනි සීසන් එකේ බයානකකම ඒක වගේ*100ක් වගේ කරලා තියෙනවා😍
===========ජය වේවා😍=============
_-_දිමන්ත නිරෝෂන්_-_
!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!

No comments:
Post a Comment