Moon Lovers: Scarlet Heart Ryeo - සඳ ආදරවන්තයින්ගේ: රක්ත හදවත් (2016) - TV Series මංසල

අලුත් පරණ TV Series ගැන තොරතුරු සිංහලෙන් දැන ගන්න එන්න අපේ බ්ලොග් එකට.

Advertisement

Latest

Sunday, June 9, 2019

Moon Lovers: Scarlet Heart Ryeo - සඳ ආදරවන්තයින්ගේ: රක්ත හදවත් (2016)


කොහොමද ඉතින් හැමදාම ඔයාල fb එකේ වෙනත් අඩවි වල දකින්නේ English TV Series ගැන පලවෙන දේවල් තමයි වැඩි හරියක්ම.ඉතින් ඔන්න අද මම ගෙනාවා ඔයාලට Korean TV Series එකක් එහෙම නැත්නම් කියනවා නම් Korean Drama එකක්.ඉතින් ඔයාලා අනිවා හොඳ Korean රසිකයෙක් නම් මේ කතාව බලලා නැති වෙන්න බැහැ.එහෙනම් අපි මුලින්ම කතාව ගැන බාහිර තොරතුරු ටිකක් දැනගෙන ඉමු.

මේක දකුණු කොරියානු කතාවක්.මේක හදලා තියෙන්නේ Tong Hua කියන රචකයාගේ Bu Bu Jing Xin යන චීන නවකතාව පදනම් කර ගෙන.මේක පලවෙනියටම මුදා හැරලා තියෙන්නේ SBS යන කොරියානු නාලිකාව විසින් 2016 අගෝස්තු 29 වෙනිදා.ඒ වගේම කොටස් 20 කින් යුක්ත වෙන මේ කතාව ඉවර වෙලා තියෙන්නේ 2016 නොවැම්බර් 1 වෙනිදා.මේක හදන්න ඇමරිකන් ඩොලර් මිලියන 13 වගේ මුදලක් වියදම් වෙලා තියනවා. ඒ වගේම මේ කතාව ජනප්‍රිය වීමත් සමඟ චීනයේ YouKu නාලිකාව එක episode එකක් ඩොලර් ලක්ෂ 4 ගානේ මිලදී ගෙන තියනවා. ඒ කියන්නේ කොටස් 20 ට ඩොලර් මිලියන 8 වශයෙන්. මේ හේතුව නිසාම වැඩිම මුදලකට විකුණුන කොරියන් ටෙලි කතාමාලාව බවට පත් වීමට මෙයට ඉඩ ලැබී තිබෙනවා. ඒ කියන්නේ කොච්චරක් නම් කට්ටිය මේකට ඇළුම් කරලා තියනවද නේද?...පස්සේ ඉතින් මේ වර්තාව කඩලා තියනවා Man to Man කියන කතාව.

මේ කතාව Historical,Romance,Fantasy සහ Drama කියන වර්ග වලට අයත් වෙනවා.ඒ වගේම මේ කතාවේ තිර පිටපත ලියලා තියෙන්නේ Jo Yoon-young විසින්ය.අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Kim Kyu-tae විසින් වෙනවා.ඒ වගේම මේක ආපු කොටස් 20 වඩා විශේෂ එපි 2 කුත් ඇවිත් තියනවා. ඒත් මම නම් ඒවා බලලා නැහැ.කැමති නම් ඔයාලා බලන්න. ඒ වගේම පරිශීලකයින් 3000 කගේ මනාපය මගින් IMDB අගය 8.7 දිනා ගන්න මේ කතාව සමත් වෙලා තියනවා. ඒ වගේම MyDramaList වෙතින් 8.7 වගේම ගූගල් පරිශීලකයින් වෙතින් 98% වගේ ප්‍රසාදයක් දිනා ගන්න මේ කතාව සමත් වෙලා තියනවා.

හොඳයි එහෙනම් කතාවේ වෙන්නේ ටිකක් විතර අමුතු සිද්දියක්. වර්තමාන කාලයේ ඉන්න ගැහැණු ළමයෙක් අතීත කාලයට තමන් වගේ ඉන්න කෙනෙක්ගේ ඇඟ ඇතුලට යන සිද්දියක් තමයි වෙන්නේ. අතීත කාලය ගත්තොත් ඒ ගොර්යෝ රාජධානි සමයයි. ඇයගේ වර්තමානයේ නම තමයි හා ජින්. එයා අතීතයට ගිහාම ඇතුළු වෙන්නේ හේ සූ කියන කෙනාගේ ඇඟ ඇතුලට. මේ හා ජින් කියන්නේ රූපලාවන්‍ය කටයුතු කරන කෙනෙක්.ඉතින් මෙයා අතීතයට යන්නේ කොහොමද කියලා නම් කියන්න යන්නේ නැහැ ඒක ඔයාලම බලාගන්නකෝ. කොහොම හරි මෙයා යන්නේ ගොර්යෝ රාජධානියේ ආරම්භක කාලයට. ඒ කාලයේ රට පාලනය කරන්නේ තේජෝ වැන්ගෝ කියන රජතුමා. ඉතින් මේ රජතුමාට පුතාලා දුවලා ගොඩක් ඉන්නවා.

කතාවේ කියන විදිහට කුමාරවරු සහ කුමරියන් 22 හෝ ඊට වඩා අඩු හෝ වැඩි ගාණක් ඉන්නවා.කුමාර වරු නම් ඉන්නේ 14 වගේ.කොහොම හරි මේ හේ සූ කියන්නේ 8 වෙනි කුමාරයාගේ බිරිඳගේ ඥාති සොහොයුරියක්. ඉතින් කතාව ගලාගෙන යන්නේ මේ කුමාරවරු අතරින් මෙයාට කුමාරවරු 4 දෙනෙක් විතර කැමතියි. ඒත් මෙයා මුලින්ම කැමති වෙන්නේ 8 වෙනි කුමාරයාට.පස්සේ කැමති වෙනවා 4 වෙනි කුමාරයාට.ඒ ඇයි කියලා ඔයාලා බලා ගන්න. කොහොම හරි මේ 8 වෙනි කුමාරයාට සහෝදරියක් ඉන්නවා. ඒ වගේම එයාගේ මව රජුගේ උපබිසවක්. ඉතින් 3 සහ 4 වෙනි කුමාරවරු අගබිසවගේ කුමාරවරු.  කොහොම හරි යම් හේතුවක් නිසා අගබිසව මේ 4 වෙනි කුමාරයාව වෙනත් උපබිසවකට හදා ගන්න දීලයි තියෙන්නේ. ඉතින් මේ අගබිසවට ඕනේ තමන්ගේ පලවෙනි පුතා නැත්නම් 3 වෙනි කුමාරයාව රජ කරවන්නයි. ඒ වගේම මේ 3 වෙනි කුමාරයාත් ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන කෙනෙක්. ඉතින් මේ 4 වෙනි කුමාරයාව හදා ගන්න ගත්ත බිසව එච්චර හොඳ කෙනෙක් නෙවෙයි. ඒ බිසවගේ පුතා යම් හේතුවකින් මැරිලා තියනවා. ඒ වෙනුවට මෙයාව ගත්තට මේ 4 වෙනි කුමාරයා හැදෙන්නේ හිර කාරයෙක් වගේ. ඉතින් මේ බිසව මෙයාට කැමති නැති නිසා මේ කුමාරයාව වෘකයෝ ඉන්න තැන් වලට ගිහින් දාන්න කියනවා. ඒ නිසා මෙයාට ජීවිතේ බේර ගන්න වෘකයන්ව මරන්න සිද්ද වෙනවා. ඒ නිසාම මෙයාට වැටෙනවා "සිඟාල සුනඛයා" කියලා අනුවර්ථ නාමයක්.ඒ වගේම මෙයාව ප්‍රසිද්ද වෙලා තියෙන්නේ දරුණු මිනිස්සු මරණ කෙනෙක්ව විදිහට. ඒ වගේම මෙයාගේ මූණේ කැළලක් ඇති වෙනවා. ඒ නිසාම තමයි අගබිසව මෙයාව අර උපබිසවට හදා ගන්න දීලා තියෙන්නේ.

ඔන්න ඉතින් පස්සේ මෙයා එනවා රජ මාලිගාවට පස්සේ දවසක උත්සවයක් සඳහා යාග නැකත් චාරිත්‍රයක් ඉටු කරන්න.ඔන්න එතකොට තමයි අපේ හා ජින් නැත්නම් හේ සූ මාලිගාවටත් එන්නේ.ඉතින් මෙයා අරයව අරයා මෙයාව දකිනවා.ඔන්න ඔහොම තමයි කතාව පටන් ගන්නේ.ඒ ගැන ඔයාලම බලලා මේ කතාව ගැන තීන්දු තීරණයක් ගන්න.


8 වෙනි කුමාරයා සහ 4 වෙනි කුමාරයා අතර අතරමං වුණු වංශවත් තරුණියක්.10 වෙනි සහ 13 වෙනි කුමාරයා පෙම් කරන ඇයට අන්තිමට කාත් එක්කද විසීමට වෙන්නේ? කුමාරවරුන් තිදෙනෙක් අතරේ සිදුවන බල අරගලයක්.එයින් දෙන්නෙක්ම රජකමට අකමැතියි.බලයට අකමැතියි.කෙනෙක්ව දිනා ගැනීමට පමණක්ම ඒ දෙදෙනාට ඒ රජකම නමැති අරුම පුදුම දෙය අවශ්‍ය වෙනවා.ඒ ඇයි ඒ කුමක් නිසාද? ඇය ආදරය කරන්නේ කාටද? නපුරු කුමරයටද නැත්නම් පස්සේ නපුරු වෙන කෙනාටද? ඒ ඇයි ඔහු නපුරු වෙන්නේ.එච්චර හොඳ කෙනෙක් නපුරෙක් වීමට හැකිද? බලයට කෑදර කමේ සිටින කුමාරයෙක් මැරෙන්නේ තමන්ගේ සොහොය්රාගේ කට හඬ ඇසීමෙන්.කවුරු කාවද මරන්නේ? ඇයි මරන්නේ? එච්චර විහිළුවෙන් තහළුවෙන් ජීවිතය ගත කරන ඒ කුමාරවරු අතරට මැය පැමිණීමෙන් සියලු දේම සුණුවිසුනු වෙනවද? නැත්නම් අනාගතයේ වෙන්න යන්න නරකකින් කෙනෙක්ව මුද වෙනවාද? යන්න ගිහින් මේ කතාව බලන්න.ඔබ සමහර විට කවදාවත් අඬන කෙනෙක් නොවෙන්න පුළුවන්.කඳුලක් වැටුනේ නැති කෙනෙක් වෙන්නේ පුළුවන්.විශ්වාස කරන්න මාව  ඔබට මේ කතාව නරඹලා ඇස් අගට කඳුලක් හෝ හිතට පොඩි රිදීමක් නැත්නම් හිතට පොඩි දුකක් ආවේ නැත්නම් ඔබ මනුෂයෙක් නොවෙයි.ඇත්තටම මට නම් මේ කතාව බලල හිතට සෑහෙන්න දුකක් ආවා.ඔබ කියය "එහෙම වෙන එකක් නැහැ" කියලා.නමුත් කෙතරම් දරදඬු කෙනෙක් වුනත් මේ කතාවෙන් ඔබේ හිත මොලොක් කරාවී.ඒ ඇයි? ඒ කතාව හොඳින් ඉවර වෙනවා. ඒ වගේම හොඳින් ඉවර වෙන්නෙත් නැහැ. ඒ මොකද ඔබට කුතුහලයක් නැද්ද? එය තීරණය කිරීම ඔයාටම බාරයි.

හොඳයි එහෙනම් කට්ටිය රඟ පාන ඇයගේ ලිස්ට් එක මම යටින් දාන්නම්.


  • Iu - හේ සූ, හා ජින්
  • San-ho Kim - වැන්ග් මූ(2 වෙනි කුමාරයා/කිරුළ හිමි කුමරු)
  • Jong-hyeon Hong - වැන්ග් යෝ(3 වෙනි කුමාරයා)
  • Joon-Gi Lee - වැන්ග් සෝ(4 වෙනි කුමාරයා)
  • Ha-Neul Kang - වැන්ග් වූක්(8 වෙනි කුමාරයා)
  • Baek-Hyun Byun - වැන්ග් යුන්(10 වෙනි කුමාරයා)
  • Joo-Hyuk Nam - බෙක් හා(13 වෙනි කුමාරයා)
  • Ji Soo - වැන්ග් ජන්ග්(14 වෙනි කුමාරයා)
  • Han-na Kang - හැවන්ග් බෝ යෙඔන් හ්වා කුමරිය( 8 වෙනි කුමරුගේ සොහොයුරිය)
  • Seong-gyoon Kim - චෝයි ජි මොන්ග්(රජුගේ තාරකාවිද්‍යාඥයා)
  • Kyung Soon Jung - හැවන්ග් බෝ රැජිණිය( 3,4 සහ 14 වෙනි කුමාරවරුන්ගේ මව)
  • Ki-joo Jin - චේ රියෝන්ග්(හේ සූ ගේ වැඩකාරිය)
  • Seohyun - වූ හී කුමරිය
  • Ji-Young Park - ඩොවෙන්ග් බිසව
  • Min-Ki Jo - තේජෝ රජතුමා
  • Dong-il Sung - ජෙනරාල් පාර්ක් සූ ගෙයෝන්ග්
  • Jeong-hak Park - වැන්ග් ශික් රියෝම්
  • Si-eun Park -හේ මැතිණිය( වැන්ග් වූක්/ 8 වෙනි කුමරුගේ බිරිඳ)



එහෙනම් කට්ටිය යන්න වෙලාව ඇවිල්ලා.හැමෝගෙන්ම ඉල්ලනවා comment එකක් දාලා යන්න කියලා.ඔයාලට comment දාන්න පහසු වෙන්න fb comment එකකුත් දැම්මා.ඒක නිසා comment එකක් දාලා යන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා.එහෙනම් තවත් post එකකින් හමු වෙනකම් ඔයාලට ජය වේවා!



_-_සහන් සුලක්ඛන_-_
!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!


2 comments:

  1. ම්ම්ම් .interesting story.keep it up bro.thanks for this valuable post

    ReplyDelete
  2. ස්තුතියි ඔයාගේ අදහසට සහෝ

    ReplyDelete