හොඳයි The Vampire Diaries කියන්නේ ඇමරිකන් අස්වාභාවික විදිහට නිර්මාණය වුණු කතාවක්.ඇත්තටම මේ කතාව පාදක කර ගෙන තියෙන්නෙත් L. J. Smith විසින් ලියන ලද The Vampire Diaries කියන නව කතා පොතයි.පස්සේ ඒක Kevin Williamson සහ Julie Plec යන දෙදෙනා අතින් සංස්කරණය වෙලා TV Series එකක් විදිහට Television එකට නැත්නම් TV එකට එනවා.ඉතින් මේක පලවෙනියටම විකාශය වුණේ The CW යන නාලිකාවේ 2009 සැප්තැම්බර් 10 වෙනිදා.පුදුමේ කියන්නේ මේ කතාවේ පලවෙනි එපියට සෑහෙන්න ප්‍රතිචාර තොගයක් ලැබීම.2006 ඉඳන් The CW නාලිකාවේ විකාශය වුණු අනිත් හැම කතාවකටම වඩා මේකේ පලවෙනි එපිය විතරක් මිනිස්සු නරඹලා තිබුණා.ඒ කොච්චරක්ද කිව්වොත් මිලියන 3.6 වගේ අති විශාල ප්‍රමාණයක්.ඇමරිකාවේ නිෂ්පාදනය වුණු මේ කතාවට දැනටත් බොහෝ රටවල මිනිස්සු ඇලුම් කරනවා.ගොඩක් කට්ටිය කියනවා වගේ CW එක කතා දික් ගස්සලා පච කරනවා කිව්වත් මේ කතාව episode 171 පුරාවට දිව ගියා අවුරුදු 8 තිස්සේ season 8 විදිහට.
ඉතින් කොහොම හරි මට මතක විදිහට මේකේ ප්‍රධාන නිලියක් විදිහර රඟ පාන කෙනෙක් කතාවේදී එයාගේ චරිතය මරණයට පත් වීමෙන් පස්සේ සෑහෙන්න කතාව බලන ප්‍රමාණය පවා අඩු කරා.ඒත් ඉතින් ගොඩක් නම් නැහැ ඉතා කුඩා පිරිසක් තමයි එහෙම කරේ.ඒත් ඉතින් කතාවේ ප්‍රතිචාර නම් අඩු වුනේ නැහැ.CW නාලිකාව කතාව ටිකක් දික් කරපු නිසා හින්දි කතාවක් කියලා කට්ටිය බැන්නත් එයාලගේ යටි හිතේම "අනේ ෂෝක්" කියලා හිතපු කට්ටියත් ඉන්න ඇති. Drama,Supernatural,Horror,Fantasy,Romance,Thriller යන වර්ග වලට අයත් වෙන මෙම කතාව නිසා සමහර වෙලාවට මාව මේ කතාව තුල ජීවත් වෙනවාදෝ කියා සිතුන අවස්තා අනන්තවත්.
ඉතින් සම්මාන 36 දිනා ගනිමින් තවත් 66 කට නිර්දේශ වෙන්නත් මේ කතාව සමත් වෙලා තියනවා.දිනා ගත්ත සම්මාන ගැන කියන්න යන්නේ නැහැ.ඕනේ නම් මෙතනින් ගිහින් ඔයාලට ඒ මොනවද කියලා බලා ගන්න පුළුවන්.ඒ වගේම The CW නාලිකාව තුල විකාශය වුණු හොඳම කතා 10 අතර සැමදාටම වැජඹෙන්න පුළුවන් විදිහට ස්ථානයක් හිමි කර ගන්නත් මේ කතාව සමත් වෙලා තියනවා.ඒ වගේම 262,034 වගේ අති දැවැන්ත ප්‍රේක්ෂක සංඛ්‍යාවකගේ දායකත්වයෙන් IMDB මීටරය 7.7 ලබා ගන්න මේ කතාව සමත් වෙලා තියනවා.ඒ වගේම TV Guide වෙතින් 57% ප්‍රතිශතයක් සහ Rotten Tomatoes වෙතින් 85% සහ Audience Score වෙතින් 82% ප්‍රතිශතයක් වගේම ගූගල් පරිශීලකයන් වෙතින් 97% ප්‍රතිශතයක් ලබා ගන්නත් මෙය සමත් වෙලා තියනවා.ඉතින් පේනවනේ කවුරු හරි බලලා නැත්නම් දැම්ම බලන්න.
හොඳයි එහෙනම් කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු.මේකේ ඉන්නවා අයියා මලෝ දෙන්නෙක්.එක්කෙනෙක් ස්ටෙෆන් සැල්වටෝර් අනිත් කෙනා ඩේමන් සැල්වටෝර්.ඉතින් මෙයාලා වැම්පයර්ලා.මෙයාලා 1836 දී තමයි මිස්ටික් ෆෝල්ස්වලදී වැම්පයර් ලා විදිහට පත් වුණේ.ඔන්න ඉතින් විවිධ හේතූන් මත මෙයාලා නගරය හැර ගිහින් ආපහු 2009 නගරෙට එනවා.ඉතින් එහෙම ඇවිල්ලා ස්ටෙෆන්ට කෙල්ලෙක් සෙට් වෙනවා.එයා තමයි එලීනා.ඔව් ඔව් එයා තමයි පස්සේ මැරෙන්නේ.ඊට පස්සේ කතාවේ rating අඩු වෙන්නෙත් මෙයා නිසාම තමයි.කොහොම හරි මේ කෙල්ල සෑහෙන්න විශේෂයි.ඉතින් මේ කට්ටිය ගැන තමයි මේ කතාවේ වැඩි හරියක් යන්නේ.ඒ වගේම මේ කතාවේ යන්නේ වැම්පයර්ස්ලා ගෙන විතරක් නෙවෙයි.මේකේ ඉන්නවා වෙයාර්වුල්ෆ් ලා සහ මායාකාරියෝ ඒ වගේම එයාලව දඩයම් කරන්න විනාශ කරන්න කට්ටිය වගේම තවත් විවිධාකාර වූ අය.ඉතින් ඒ ගැන දැන ගන්න නම් ඔයාලට අනිවා කතාව බලන්න වෙනවා. ඒ වගේම කියන්න ඕනේ මේකේ spin off එකක් විදිහට The Originals කතා මාලාව සහ Legacies කතා මාලා එලියට ආවා මේකෙන් ලැබිච්ච ජනප්‍රියතාව නිසාම.ඒ වගේම ඒ කතාත් ඒ වගේම හොඳ ජනප්‍රියතාවක් ලබා ගැනීමත් සතුටට කාරණයක්.
- Paul Wesley-ස්ටෙෆන් සැල්වටෝර්,සයිලස් ඇම්බ්‍රෝස්, ටොම් ඇවරි
- Ian Somerhalder-ඩේමන් සැල්වටෝර්
- Nina Dobrev-එලීනා ගිල්බර්ට්,කැතරින් පියර්ස්,අමාරා
- Kat Graham-බොනී බෙනට්
- Candice King-කැරොලයින් ෆොර්බ්ස්
- Zach Roerig-මැට් ඩොනවන්,එතන් මැක්ස්වෙල්
- Michael Trevino-ටයිලර් ලෝක්වුඩ්
- Steven R. McQueen-ජෙරමි ගිල්බර්ට්
- Matthew Davis-එලාරික් සාල්ස්මන්
- Michael Malarkey-එන්සෝ
_-_සහන් සුලක්ඛන_-_
!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!

Hey. Good job guys. I just started two 3days ago. First season already done.
ReplyDeleteKeep going. Wish you luck.
thank you so much for you comment.please stay with us.
DeleteGreat article. Keep it up
ReplyDeleteSupirimai brother..jayawewa
ReplyDeleteනියමයි mමචෝ.
ReplyDeleteස්තුතියි සහෝදරයා
Delete