පොස්ට් එකනම් සෑහෙන්න දිග වෙය්😋බට් ඩොන්ට් තින්ක් මෝ අබවුට් දැට් ජස්ට් ස්ටාර්ට් ටු රීඩ්.😂😂Dc ලගේ සීරීස් ටිකක් පුන්චි තිරේ රන් කරන කාලෙක.2009 MARVEL කොමික්ස්ලා තිබ්බ හොදම තුරුම්පුවක් ඇද්දා.daredevil.කවෘත් දන්නවනෙ dc කියන්නෙ කොමික් වල වැඩ්ඩො ඒත් අද වෙද්දි එවා ෆිල්ම් විදියට ටීවී සීරීස් විදියට එලියට එද්දි සමස්තයක් විදියට මාර්වල් dc ලට වඩා ඉස්සරහින් ඉන්නවා.ඉතින් අද කතා කරන්න යන්නෙ ඒ විදියට මාර්වල් එලියට දාපු පට්ට සීරීස් එකක් වෙන් daredevil ගැන.imdb 8.7 ක් tv.com 9.2 සහ rotten tomatoes 92%ක් රේටින් ගත්තා කියන්නෙ කියන්න දෙයක් නෑනෙ ඉතින් පට්ටම සීරීස් එකක් කියලා තේරෙනවනෙ. මන් මේකෙන් tv series එකම නෙමේ ෆිල්ම් එක tv series comic මේ ඔක්කොමගෙම එන ඩෙයාඩෙවිල් චරිතෙ ගැන විතරක් ලිය්න්නය් ට්‍රය් කරේ.මේකෙ තියෙන සමහර දේ ටීවී සීරීස් එකේ වෙනස් වෙන්න පුලුවන්.අනික මේක කියෙව්වා කියලා tv series එකේ ආතල් කැඩෙන්නෑ😋ඒම උනානම් සොරි ඈ.
මේ daredevil චරිතය මුලින්ම එලිබහින්නෙ 1964 දි කොමික් ලෙජන්ඩ් එකක් වෙන stan lee සහ bill everettඅතින්.මෙයා ගැන කියන්න ඕන්නෑ හැමෝම වගේ දන්නවනෙ.එහෙම ආපු ඩෙයාඩෙවිල් ටිකෙන් ටික මිනිස්සුන්ට ලන් වෙලා අවසානෙ නැතුවම බැරි මාර්වල් සුපර් හීරෝ කෙනෙක් උනා.ගොඩක් චරිත තමන්ගෙම නගරයක් මුල් කරගෙනනෙ එලියට එන්නෙ.මෙයාගෙත් නගරය වෙන්නෙ හේල්ස් කිචන්.මෙයාගෙ ජීවිත කතාව ලාවට පහලින් දාන්නම්
මැතිව් මර්ඩොක් (ආදරේට කියන්නෙ මැට් කියලා.ඔය ලව් කරන කපලුත් කියන්නෙ මැට්ටා මැට්ටි කියලා😂😂)කියන්නෙ උපතින් අන්ගසම්පූර්න දරුවෙක්.පුන්චි කාලෙම මැට්ව අම්මා දාලා යනවා.තාත්තා ඒ කිව්වෙ ජැක් මර්ඩොක් එක්ක තමය් කොල්ලා හැදෙන්නෙ.මේ ජැක් මර්ඩොක් කියන්නෙ වුර්තීමය බොක්සින් ක්‍රීඩකයෙක්. පුන්චි කාලෙදි වෙන ඇක්සිඩන්ඩ් එකකින් මේ පොඩි එකාගෙ පෙනීමෙ හැකියාව නැති වෙනවා.වාහන ක්‍රෑශ් එකකදි විකිරනශීලි ද්‍ර්‍යක් හින්දා තමා මේක වෙන්නෙ.ඇස් පෙනීම නැති උනත් මේකෙන් මැට්ගෙ අනිත් සෙන්සර්ස් පට්ටෙට super hiuman level එකට වැඩි වෙනවා.කිලෝමීටර් ගානක් දුරක ඉන්න මිනිහෙක්ගෙ ගද සුවද දැනෙන ඒ මනුස්සයො කතා කරන දේවල් අහන්න වගේ තරමට සෙන්සස් improve වෙනවා.වවුලෙක් වගේ රේඩර් සෙන්සර්ත් තියෙනවා කියහන්කෝ❤.ඒත් අවාසනාවන්ත විදියට මේ අන්ද කොල්ලගෙ තාත්තත් කොල්ලා පොඩි කාලෙම මැරෙනවා. මැරෙනවා නෙමෙ මරනවා.මේ වෙද්දි මැට්ට තමන්ට හම්බුන පවර්ස් ගැන කන්ට්‍රෝල් එකක් නෑ.ඔය අතරෙදි මැට්ට හම්බෙනවා තමන් වගේම අන්ද වයසක මනුස්සයෙක් ස්ටිකී කියලා.මට මතක විදියට ඩෙයාර් ඩෙවිල් ෆිල්ම් එකේ පොරට සින්හල සබ් එකේ තිබ්බෙ සුදු සැරයටිය කියලා🤗☝️.මේ ස්ටිකී කොල්ලගෙ වටිනාකම අදුරගන්නවා.ස්ටිකී කොල්ලට තමන්ගෙ හැකියා පාලනේ කරගන්න හැටි ඒ වගේම සටන් කලාව උගන්නනවා.ඒ යටි අරමුනක් ඇතිව ඒ චේස්ට් එක වෙනුවෙන් හෑන්ඩ් එකට විරුද්දව යොදවන අදහසින්.electra out of controll වෙච්ච එකත් මේකට එක හේතුවක්.electra ගැන මේකෙ පස්සෙ කියන්නම්. හොද විස්තරාත්මක පෝස්ට් එකක් පස්සෙ දාන්නම්.
ස්ටික් කියන විදියට මැට් තමා එයාට හම්බෙල තියෙන හොදම ස්වාභාවික ෆය්ටින් ස්කිල් එකක් තියෙන කෙනා.ඒත් ස්ටික් සහ මැට්ගෙ සම්බන්දෙ පොඩ්ඩක් අව්ල් යනවා මැට් තාත්තගෙ මිනීමරුවො ගැන හොයන්න ගිහින්.ඉතින් ඒ පුහුනුව කෙටි කාලීන එකක් වෙනවා.
මැට්ගෙ තාත්තා ඒ කිව්වෙ ජැක් මර්ඩොක් කැමත්ත වෙන්නෙ මැට් හොදට ඉගෙන ගෙන ලෝයර් කෙනෙක් හරි ඩොක්ටර් කෙනෙක් හරි වගේ වැදගත් මිනිහෙක් වෙනවා දකින්න.ඉතින් මැට් තාත්තගෙ හීන හැබෑ කරන්න කොලොම්බිය යුනිවර්සිටි එකට ඇතුලත් වෙනවා.එතනදි මැට්ට තමන්ගෙ පෙම්වතිය ඉලෙක්ට්රා හම්බෙනවා.ඉලෙක්ට්රා කියන්නෙත් ස්ටික් ගෙන් ට්‍රේන් උනු ඩෙඩ්ලි ඇසසින් කෙනෙක්.පස්සෙ මෙයා තමන්ගෙ උපාදිය කම්ප්ලීට් කරගෙන ලොයර් කෙනෙක් විදියට එලියට ඇවිත් ලෝයර් කෙනෙක් විදියට අපරාද කාරයන්ට විරුද්දව කටයුතු කරනවා වගේම විජ්ලැන්ටි කෙනෙක් විදියටත් තමන්ගෙ නගරෙ වෙනුවෙන් වැඩ කරනවා.මෙයාගෙ නීති සහයකයා ඒ වගේම හොදම යාලුවා වෙන්නෙ ෆොගී නෙල්සන්.
ඒ ලාවට කිව්වෙ කෝමද ඩෙයාඩෙවිල් හැදුනෙ කියලා.tv series එක බැලුවනම් තේරෙය් ගොඩක් චරිත ගොඩනැගෙන්නෙ ඩෙයාඩෙවිල් වටා බව.
ඩෙයාඩෙවිල්ගෙ පවර්ස් ඇන්ඩ් ඇබ්ලිටීස් ගැන කතා කරොත්
- superhuman sences
- redar sense
- සුපිරිම martial artist කෙනෙක්
කෙනෙක්ගෙ හාර්ට් බීට් එකෙන් ඇත්ත බොරුව අල්ලන්නත් පුල්වන්.
- kingpin-විල්සන් ෆිස්ක්.ප්‍රදානම හතුරා.
- electro
- the punisher(මන් ආසම ඇන්ටි හීරෝ.මෙයා ගැන ලියන්න කලින් ඩෙයාඩෙවිල් ගැන කියන්න ඕන නිසය් ඩෙයාඩෙවිල් ගැන ලිව්වෙ.)
- Bullseye
- the hand(මේක ඕර්ගනයිසේෂන් එකක් මේක ගැනත් පෝස්ට් එකක් දාන්නම් පස්සෙ)
- Nuke
- Mr fear
තව බරක් ඉන්නවා ඔවුන් එක එකා ගැනත් දාන්න හිතන් ඉන්නවා ඕවා කවදා දාන්නද ඉතින්😂ඒත් අර මුල් කියපු දෙක නම් අනිවා දානවා.
දිග උනාට කමන්නෑනෙ මෙයා හිටපු ටීම් ගැනත් දාන්නම්,
- defenders -මේ සීරීස් එක යන්නෙ මේ ටීම් එකට අදාලව තමා දැනට
- New Avengers
- S.H.I.E.L.D
- marvel knights
- The chaste
දැන්නම් වැඩී වගේ..ඩෙයාඩෙවිල් එකෙන් කොමික් tv series වගේම movie එකකුත් හැදුනා.ඒ 2003 මේකෙ ඩෙයාඩෙවිල් විදියට රගපෑවෙ වර්තමාන බැට්මෑන් නලුවා බෙන් ඇෆ්ලෙක්ට්.දැන් අලුතෙන්ම ආව tv series එකේ daredevil විදියට රගපාන්නෙ charlie cox. ටීවී සීරීස් එක බැලුවනම් තේරෙය් චාර්ලි කොච්චර දක්ශ නලුවෙක්ද කියලා. අන්දයෙක්ගෙ චරිතයට දෙන්න පුලුවන් උපරිම සාදාරනය ඔහු දෙනවා. මන් දැක්ක විදියට අන්ද පුද්ගලයෙක්ගෙ ජීවන රටාව ගැන මාස ගානක් අද්යනයෙන් පස්සෙ තමා ඔහු චරිතය රගපාන්න අරන් තියෙන්නෙ. ඒ වගේම මේ සීරීස් එකේ ආව ෆය්ට් සීන් වගේකුත් මාර විදියට ප්‍රසිද්ද උනා. ෆය්ටින් සීරීස් එකක්නම් හෙව්වෙ මේක මිස් කරගන්න එපා ලොවෙත්. මේකත් එක්ක සමගාමීව තවත් සීරීස් කීපයක් විකාශය වෙනවා. Ironfist,Jessica Johns ,Luke Cage,The Punisher,Defenders .
දිග ලිපියක අවසානය.මාසයක් උනත් අදින්න පුලුවන් පෝස්ට් එක.ඒත් මේ ඇති.කියවන්නත් එපා වෙනවනෙ.උබලට එපා වෙන්නැත්තන් මන් තව දිගට ලියන්නම්.පැය ගානක් වැය කරලා ලියපු පෝස්ට් එකක් උබලට ප්‍රයෝජනයක් උනානම් කමෙන්ට් එකක් දාගෙන යන්න.
=====ජය වේවා!❤-=======
_-_දිමන්ත නිරෝෂන්_-_
!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!



මම තාම මේක බලලත් නැහැ.ඊ වුනත් diffenders එකේ මූ පට්ටෙට හිටියා.ඒ හින්දා පස්සේ හැර බලන්න ඕනේ.ලිපියට ස්තුතියි සහෝදරයා.
ReplyDelete🥰🥰🥰🥰
ReplyDelete